New photo from Facebook July 13, 2016 at 12:00PM

ධම්ම සවණානිසංස සූත්‍රය -> http://ift.tt/29MFdx1

’’මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පසක් වෙත්.
’’කවර පසක්ද යත්? නොඅසන ලද්ද අසයි. අසන ලද්ද පිරිසිදු කෙරෙයි. සැකය දුරු කෙරෙයි. දෘෂ්ටිය ඎජු කෙරෙයි. මොහුගේ සිත පහදියි යන පසයි.
’’මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පසක් වෙත්.

ධම්මසවනිය ථෙරාපදානය -> http://ift.tt/29xlfCs
111
’’සියළු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර බුදුරජතෙම චතුස්සත්‍යය දේශනා කරමින් බොහෝ දෙන (සසර සයුරින්) එතර කළහ.
112
’’මම එකල්හි උග්‍ර තපස් ඇති ජටිලයෙක් (ජටාධර තවුසෙක්) වූයේ, වැහැරි සිවුරු කම්පනය කරමින් අහසෙහි යමි.
113
’’මම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ (හිස) මතුයෙහි (ඉහළ අහසෙහි) යන්ට නොහැකිවීමි. පර්‍වතයක හැපුනු පක්‍ෂියෙකු මෙන් ගමන නොලැබීමි. (යනු නොහැකි විය.)
114
’’මාගේ ගමනට මෙබඳු අවහිරවීමක් පෙර නොවූ විරූය. (පෙර) පොළොවෙන් මතුවීගන මෙන් මෙසේ අහසෙහි යමි.
115
’’උදාරවූ මනුෂ්‍යයෙක් යට (පොළොවෙහි) හුන්නේ වන්නේය. ඒකාන්තයෙන් හේ කවරෙක්දැයි සොයන්නෙමි. මම ඉන් අභිවෘද්‍ධියක් ලබන්නේ නම් මැනවි. (යයි සිතීය.)
116
’’අහසින් බසිමින් අනිත්‍යය දේශනා කරන්නාවූ බුදුරජුන්ගේ ශබ්දය ඇසීමි. (අසා) එකල්හි මම එය උගතිමි.
117
’’අනිත්‍ය සංඥාව ඉගෙන මාගේ අසපුවට ගියෙමි. එහි ආයුෂ ඇතිතාක් වැස මම කළුරිය කළේ වෙමි.
118
’’චුතිය වන්නාවූ අවස්ථාවෙහි එම ධර්‍ම ශ්‍රවනය සිහි කෙළෙමි. මැනවින් කරන ලද එම කර්‍මය කරන කොට ගෙන මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
119
’’මම කල්ප තිස් දහසක් දෙව්ලොව සිත් අලවා විසීමි. එක් පණස් වරක් දිව්‍ය රාජයයද කෙළෙමි.
120
’’මම එක් සැත්තෑ වරක් සක්විති රජ වීමි. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.
121
’’පියාගේ ගෘහයෙහි වැඩ හිඳ, වඩන ලද ඉඳුරන් ඇති බුදුරජතෙම ගාථාවෙන් (කරුණු) දක්වමින් අනිසබව (අනිත්‍ය බව) වදාළ සේක.
122
’’කුදු මහත් භවයෙහි සැරිසරමින් එම අනිත්‍ය සංඥාව සිහි කරමි. (එහෙත්) (සසර) කෙළවරවූ, අමෘත පදයවූ නිවන අවබෝධ නොකරමි.
123
’’ඒකාන්තයෙන් (සියළු) සංස්කාරයෝ අනිත්‍යයහ. ඇතිවීම හා නැතිවීම ස්වභාවයකොට ඇත්තාහ. ඇතිව නැතිවෙත්. එම සංස්කාරයෝ සංසිඳීම සැපයකි.’’
124
’’එම ගාථාව අසා ඒ සමගම පූර්‍ව කර්‍මය සිහිපත් කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත්බවට පැමිණියෙමි.
125
’’මම උත්පත්තියෙන් සත් හැවිරිදි වූයේ රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති සර්‍වඥ තෙමේ මාගේ ගුණය දැන (මා) උපසම්පදා කරවූහ.
126
’’ලදරු වියෙහිවූ මම රහත්බවට පැමිණියෙමි. ශාක්‍ය පුත්‍රවූ බුදුරජානන් වහන්සේගේ සසුනෙහි (අද) කටයුතු දෙය කිම?
127
’’මින් සියක් දහස් (ලක්‍ෂයක්) වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සද්ධර්‍ම ශ්‍රවණයෙහි (බණ ඇසීමෙහි) විපාකය වේ.
128
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මසවනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’ via Facebook Pages http://ift.tt/1GMS4Lf