Monthly Archives: April 2015

'නාථකරණ සූත‍්‍රය – 11 කොටස' ප‍්‍රශ්නය : අවිද්‍යා මූලික සහ තණ්හා මූලික කියන දෙක…

‘නාථකරණ සූත‍්‍රය – 11 කොටස’

ප‍්‍රශ්නය : අවිද්‍යා මූලික සහ තණ්හා මූලික කියන දෙක පැහැදිලි කර දෙන්න.

අවිද්‍යා මූලික හා තණ්හා මූලික කියලා පටිච්ච සමුප්පාදයෙ ක‍්‍රම දෙකක් තියෙනවා. පංච උපාදානස්කන්ධය හටගන්න ආකාර දෙකක්. ප‍්‍රතිසන්ධි වශයෙන් පංච උපාදානස්කන්ධය හැදෙනකොට තණ්හා මූලිකයි. ප‍්‍රතිසන්ධි මට්ටමේ ඉඳලා ආයතන ටික හැදෙන තැන දක්වා තණ්හා මූලිකයි. පෙනෙනවා, ඇහෙනවා කියන තැනක ඇත්ත නොදන්නාකම නිසා අද අපි යම් යම් දේවල් හිතලා තීරණය කරලා ඒ හිතන තීරණය කරන විදියට බලන කොට උපදින ස්කන්ධ ටික අවිද්‍යා මූලිකයි.

ප‍්‍රතිසන්ධී වශයෙන් විඤ්ඤාණය රූපෙකට බැසගෙන, නාම රූප වෙලා, නාම රූප නිසා ආයතන හැදිලා, ආයතන සවිඥානක වෙලා. ස්පර්ශ වෙලා වේදනාව ඇතිවෙන තැන දක්වාම තණ්හා මූලිකයි. ඒ පෙනෙන ඇහෙන දේ ගැන ඇත්ත ඇතිහැටිය නොදන්නාකම නොදකිනකම නිසා ඒකට කැමති වෙලා ඒක බලන්න යන්න ඕන කියලා හිතෙන් සිහි කරලා ආයතන උපද්දනකොට ආයෙත් මේ චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඇහැ රූප චක්ඛු විඤ්ඤාණ කියන ටික උපදිනවා. දැන් මේ ආයතන ටික සවිඥානක වෙලා තියෙන්නෙ තණ්හා මූලිකව පුරාණ කර්ම ප‍්‍රත්‍යයෙන් ආපු එකට නෙවෙයි. දැන් කර්ම නිමිත්තක් මුල් කරගෙන කය සවිඥානක වෙලා ඒ සවිඥානක ආයතනයන්ට මේ අරමුණු ගැටුන නිසයි. දැන් මේ විපාක ටික නම් කරන්නෙ අවිද්‍යා මූලිකයි කියලා. එතකොට විඳින්න හම්බ වෙන්නෙත් පුද්ගලයෙක්මයි. වස්තුවක්මයි, ලෙඩවීම, මහලූබව මරණයම තමයි විඳින්න වෙන්නෙ. ආයෙ වෙන එකක් නම් හම්බ වෙන්නෙ නැහැ.

ඕකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ අවිද්‍යා සම්ඵස්සය කියලා. අවිද්‍යා සම්ඵස්සයෙන් යුක්ත පුරුෂ පුද්ගලයන්ට කර්ම නිමිති නවත්තන්න බැහැ. මේ විපාකය තුළ තියෙනවා නැවත පැල කරන්න පුළුවන් බීජයක්.
ගස්ලබු ඇටේ නිසා ගහ හැදෙන පැත්තට කියනවා තණ්හා මූලිකයි. ගහ මුල් කාරණාව කරගෙන ගෙඩි හැදෙන කොට ඒ තමයි අපිට අනුභව කරන්න පුළුවන් ඵලය. ඒ ගෙඩිය ඇතුළෙ ඇට තියෙනවා නැවත පැලවෙන. ඒ
වගේ මේ වර්තමාන කර්මයට විපාක විඳින්න ගියොත් නැවත උපදින හේතුව හැදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘ආශ්වාදය ටිකයි ආදීනව බොහෝයි.’

දැන් මහ විශාල රත්තරං ගොඩක් ගේ ඇතුළෙ තිබුනොත්, මට මෙච්චර රත්තරං ගොඩක් තියෙනවා කියලා සිහි කරන සිහි කිරීමම විතරයි, ආශ්වාදය. නමුත් ඕක තුළ තියෙන කර්ම නිමිත්ත බලවත්. සමහරවිට කල්ප ගණන් පැහෙන අපායට යන විදියෙ කෙලේසයක් ඕකෙ තියෙයි. නැත්නම් සෙම් සොටු ටිකක්වත් නැති පේ‍්‍රත ලෝකයේ වැටිලා, යොදුන් ගණන් දිග ආත්ම භාවයක් ඇති කරගෙන බොහෝ කල් දුක් විඳින්න වෙන හේතු ඕකෙ තියෙනවා. ඒ සම්පරායිකව. දිට්ඨ ධම්මවත් එහෙමයි. වටිනාකමින් යුක්ත වස්තුවක් තිබුනත් දුක. නැතිවුනත් දුක. යම් වස්තුවක් ඇති බව නිසාත් නැති බව නිසාත් එන්නෙ දුක. ඒත් අවිද්‍යාව බලවත්. දුක්ඛෙ අඥානං – දුක – නොපෙන්වනවා, දුක්ඛ සමුදය ඇති කරවනවා. දිට්ඨ ධම්මවත්, සම්පරායිකවත් දුකටම පමුණුවලා තියෙනවා මිසක දුක්ඛ නිරෝධයකට පමුණුවලා නැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ කාමය කියන එක බිලිය ගිලපු මාළුවෙක් වගේ කියලා. මාළුවා ඇමත් එක්ක බිලී කොක්ක ගිලිනවා පහසුවෙන්. හැබැයි වමාරගන්න බැහැ. වමාරන්න ගියොත් බඩවැලූත් එක්කයි
එළියට එන්නෙ. කාමයත් එහෙමයි. ආශ්වාදය විඳින්න ගියාම සතර අපායෙ වැටිලා කල්ප ගණන් දුක් විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,

‘යො කාමං කාමෙති සො දුක්ඛං කාමෙති’

යමෙක් කාමයට කැමති වෙනවා නම් ඔහු දුකට කැමති කෙනෙක්. යමෙක් දුකට කැමතියි නම් ඔහු කාමයට කැමති කෙනෙක්. අපිට ඒක පේන්නෙ නෑ. නමුත් ධර්මයෙ පෙන්නන්නෙ යමෙක් කාමයට කැමතියි නම් එයා ඒකාන්තයෙන් දුකට කැමති වෙනවා. දුකට කැමති නම් කාමයට කැමතියි.

‘යො කාමං කාමෙති සො දුක්ඛං කාමෙති
යො දුක්ඛං කාමෙති සො කාමං කාමෙති’

කාමය නිමාණය වෙලා තියෙන්නෙම පිටින් සීනි තැවරූ කවරයක් සහිත තිත්ත බෙහෙත් පෙත්තක් වගේ බොහෝ කාලයක් දුක් පිණිස වූ හේතු ඇතිව. ඔය මට්ටම අවිද්‍යා මූලික. තණ්හා මූලික මට්ටමේ දී ඇතුළත මුකුත් නැහැ.
සීනි බෝලයම විතරයි. හැබැයි තණ්හාවේ ස්වභාවය තමයි තව තව සීනි බෝල හොයාගෙන යනවා. හොයාගෙන යනකොට හම්බවෙන්නෙ අර ටිකම තමයි. මට මෙන්න මෙහෙම අදහසක් හිතට ආවා. මේ ගැඹුරු බණ දහම්
ඇහුවත් කතා කළත් ඕදාරික මට්ටමේ මනසක් තියෙන අපිට අවස්ථාවට ඔය දහම මෙනෙහි කරන්න පුළුවන් වුනාට පිහිටා හිටින්න බැහැ. මේ කතා කරන දහම පිහිටා සිටින මට්ටමකට නොපැමිණ දුක් කෙළවර
කරන්නත් බැහැ.

පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා ‘යං කිංචි සමුදය ධම්මං, සබ්බං තං නිරෝධ ධම්මං’ කියන මේ දර්ශනය ස්පර්ශ ආයතන හය හරහා ඒ විදියටම එළඹ සිටිය දවසටයි දුක් කෙළවර වෙන්නෙ. එළඹ සිටිනවා කියන කොට මෙනෙහි කිරීමකින් තොරයි. මෙනෙහි කරන්න වෙන්නෙම ඒ ඥාන දර්ශනය ජීවිතේ නොවුන නිසයි. හිතන තාක්, මෙනෙහි කරන තාක් ඒ ඥාන දර්ශනය එයාගෙ ජීවිතේ නෙවෙයි. ඥාන දර්ශනය අනිකක්. පුද්ගලයා අනිකක්. පුද්ගලයයි ඥාන දර්ශනයයි දෙක එකක් වුන දවසටයි එළඹ සිටිනවා කියන්නෙ. ඔය තැනට පත් නොවී දුක කෙළවර කරන්න බැහැ. අද මේ මට්ටමට එළඹ සිටින්නෙත් නැහැ. ඒ නිසා මේ මට්ටමට ඔය දර්ශනය සිහි කෙරුවට වැඩකුත් නැහැ. එතෙන්ට තියෙනවා උපායක්.

අද අපි ඉන්න මට්ටමේ ඉඳලා පටන් ගන්න පුළුවන් ක‍්‍රමයක් තියෙනවා. ඒ මට්ටමින් අපි පටන් ගත්තහම ‘අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ පටිපදා’ කිරීමත්, ශික්ෂාවත්, පටිපදාවත් අනුපුවර්ම තියෙන්නෙ. ක‍්‍රම
ක‍්‍රමයෙන් අඩුවෙලා කෙළවරක් දක්වා එනවා.

ඕකෙදි මම දැකපු දෙයක් තමයි කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ ධර්මතා තුන ගැන ටිකක් වග බලාගන්න ජීවිතේ හරි ඉක්මණටම ආශ‍්‍රව ධර්ම ගෙවෙනවා. මේ යථාභූත ස්වභාවයට පවතින නුවණක්.

පළවෙනි එක තමයි වැරදි වැරදි හරි සති නිමිත්ත ටික ටික හුරු කරන එක. මෙතනදි ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගන්නවා කියලා එකක් නැහැ. එක තැනක සිටින කොට හෝ වේවා, වැඩ කටයුතු කරමින් සිටින විට
හෝ වේවා ජීවිතේ ඕනම වෙලාවක යොදාගන්න පුළුවන්.

දෙවෙනි එක හැම වෙලාවෙම දරුවො ගැන, ගෙවල් දොරවල්, කළ කී දේවල් ඇතුළතින් වමාර, වමාර ඉන්නෙ නැතුව උපායශීලීව හුරු කරනවා යම් සිතිවිල්ලක් සිතනකොට නූපන් අකුසල ධර්ම නූපදී නම් උපන් කුසල ධර්ම වැඩෙයි නම් ඒ විදියට හිතනවා.

අපි යම් විදියකට හිත හිතා ඉන්නකොට අකුසල ධර්ම උපදී නම්, උපන් අකුසල ධර්ම වැඩෙයි නම් ඒ විදියට හිතන එක අතහැරලා තමන් තුළ රාග, ද්වේෂ මෝහ ඇති නොවෙන කුසල සහගත, යහපත්, අනුනට හෝ තමනට පීඩාවක් හිංසාවක් නොවෙන, දුක් පිණිස නොපවතින සුදු කර්ම පමණක් රැුස්වෙන විදියේ සිතිවිලි සිතන්න හුරු වෙනවා. අද අපි වැඩ කටයුතු කරන අතරෙ මනස දිහා බැලූවොත් ‘චිරකතම්පි චිර භාසිතම්පි’ බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් හිත හිතා නෙමෙයි ද ඉන්නෙ නමුත් ඔය වෙනුවට – ගැඹුරු දේ නෙමෙයි – සියලූ සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා හිතමින් ඉන්න. මහා විශාල අකුසල ක්ෂේත‍්‍රයක් අතහැරෙන්න ඒක හේතු වෙනවා. මේ කුසලය සුළුපටු නැහැ. ඔන්න ඔය වගේ උපායකින් හැම වෙලාවෙම කුසල මනසිකාරයක ඉන්න හුරු වෙන්න.

තුන්වෙනි කාරණය තමයි ඉඩ ලැබෙන හැම වෙලාවකම සත්ව පුද්ගල භාවයට හම්බවෙන සවිඥානක මේ වස්තූන් තුළ තියෙන්නෙ නාම රූප දෙකක් කියලා හිතන්න.

ඔය තුන් පොලෙන් එකක ජීවිතේ හැම වෙලාවෙම නතර වෙන විදියට හුරු කරන්න. කිසිම වෙහෙසක් නැතුව අපහසුවක් නැතුව මේ ලෝකෙ තියෙන වස්තූන්ගෙ වටිනාකමත් අඩුවෙයි. අඩුවෙලා ඇලෙන, ගැටෙන ස්වභාවය ටික ටික අඩුවෙයි. ඒ විතරක් නෙවෙයි, මේ පැත්තෙන් ශ‍්‍රද්ධා, විරිය, සති, සමාධි, ප‍්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මත් මුහුකුරනවා. මේ ඉන්ද්‍රිය ධර්ම මුහුකුරලා අපි මේ කතා කරන, කතා කළ ඇත්ත ඇති හැටියෙ බලන්න පුළුවන් වට පිටාවකුත් හදල දෙනවා. වෙහෙසකින් තොරවම ඇත්ත ඇති හැටියෙ දකින තැනටත් මනස ගන්නවා.

ඔහොම ටික ටික කරගෙන යනකොට ක්ෂේත‍්‍රය තමන්ටම තේරෙනවා. ඒ නිසා ඔන්න ඔය ධර්මතා තුන ගැන ටිකක් වග බලාගන්න. ඉඩ ලැබෙන විදියට එක තැනක ඉඳගෙන හෝ වැඩ කටයුතු කරමින් හෝ සවිඥානක වස්තුන්ගෙ, ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා ඇත්ත ඇති හැටියෙ නාම රූප ධර්මයක් තියෙන්නේ කියන එක බලන්න. උත්සාහවත් වෙන්න.

මෙන්න මේ ධර්මතා තුන ගැන සැලකිලිමත් වෙලා ටික ටික කරන්න. ගැඹුරු දහම් හිතන්න ඕන නැහැ. විටින් විට ගැඹුරු දහම් ඇහෙනවනේ. ඇහෙනකොට තමන්ට හොඳට පෙර පසු මනස තේරෙනවා එන්න එන්නම
ගැඹුරු දහමක් වුනත් ක්ෂණිකව තේරෙනවා ‘ආ, මේක නේද මේ කිව්වෙ’ කියලා.

කවදාම හරි දවසක ධර්මය දකිනවා කියන්නෙත් කැරකෙන දෙයක් තුළ ඉන්න කෙනා කැරකෙන දෙයින් වෙන්වෙලා අහකට ගියා වගේ සිද්ධියක්. නුවණ කියන එක ජීවිතේ වුනොත් අමුතුවෙන් හිතන්න ඕන නැහැ. ඒ වගේ යම් කලක දී මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටිය දකිනවා කියන තැනට එනකොට හිතන්නවත් ඕන නැහැ. ඒ නුවණින් එයාව ඒ විදියට ජීවත් කරවනවා. මනුෂ්‍ය කියන මට්ටමේ නුවණකින් අද අපිට කරලා තියෙන්නෙ කණ්ණාඩියෙ පවුඩර් නොගාන එක. එහෙම කරලා තියෙන්නෙ ‘නුවණකින්’ බව අපි දන්නෙවත් නෑ.

ඒ වගේ නුවණ කියන එක ජීවිතේ වුනොත් මේ රූපෙ දිහා බලන්නෙම පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිවම නැතිවෙනවා කියන සිද්ධියකින්. ඔන්න ඔතෙන්ට එනකම් ප‍්‍රඥාව වැඩෙන්න ඕන. අර තුන් ක‍්‍රමය කරමින් හිටියොත් ආශ‍්‍රව ධර්ම ටික ටික ගෙවිලා සිහිය නුවණ ජීවිතේ වෙන තැන දක්වාම ගේනවා. එයාට තේරෙන්නෙ නෑ. ඒ ඒ මොහොතෙදී දැන් මට මෙච්චරක් ආශ‍්‍රව ගෙවුනා කියලා. හැබැයි කාලයක් ගියාම එයාට ඒ අවබෝධයේ විශාල වෙනසක් තේරෙනවා.

බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. කෙනෙක් වෑයක් අරගෙන ලීයක් සහිනවා. සහිනකොට වෑයයි වෑ මිටයි ගෙවෙනවා. අද මෙච්චරක් ගෙවුනා, ඊයෙ මෙච්චරක් ගෙවුනා කියලා මනින්න බෑ. හැබැයි එයාට නුවණක් තියෙනවා චුට්ටක් හරි ගෙවුන බවට. ඒ වගේ ආශ‍්‍රවක්ෂයට නුවණින් මෙනෙහි කරන කෙනාටත් ගෙවෙන කෙලෙස් පේන්නෙ නැහැ. හැබැයි යම් මට්ටමකට හෝ කෙලෙස් ගෙවුනා කියන නුවණ තියෙනවා. කාලයක්
යනකොට ආශ‍්‍රව ගෙවිච්ච බව හොඳට තේරෙනවා.

ඉතින් ඔය කාරණා තුන අපිට ජීවිතේ යොදාගන්න පුළුවන් නම් අනුක‍්‍රමයෙන් ආශ‍්‍රව ගෙවිලා නුවණ ජීවිතේ වෙන, ජීවිතේ නුවණ වෙන තැනට එනකම් අරගෙන යනවා. එතනින් පස්සේ මත්තේ කටයුත්තක් නෑ. අනුවණකම ජීවිතෙන් පලා ගිහින්.

ස්කන්ධ ටික නුවණින් පරිහරණය කරනවා. ස්කන්ධ ටිකේ ගති යම් සේද නුවණ එසේයි. නුවණ යම් සේද ස්කන්ධයන්ගේ ගතිය එසේයි. එතකොට හේතු ඵල දහම ජීවිතය. හේතු ඵල දහම දන්නා වූ දක්නා වූ නුවණක් තියෙනවා නම් ඒ ද හේතු ප‍්‍රත්‍යයි කියන නුවණක් තියෙනවා. එතකොට කියන්නෙ ‘ධම්ම’ කියලා. ධර්මතාවයක් විතරයි. ආයෙ ඒ හේතුඵල දහම දන්නා වූ දක්නා වූ ‘කෙනෙක්’ නියෝජනය වෙන්නෙ නෑ. යම් ප‍්‍රත්‍යයකින් ස්කන්ධ ටික උපදී නම් ඒ ප‍්‍රත්‍ය ටිකත් එක්කම ඒ නුවණත් තියෙයි. ඒ ප‍්‍රත්‍ය පවතිනකම් පවතිනවා. ඒ ප‍්‍රත්‍ය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. ඒ සිහිය සහ නුවණ කියන ටික ඉබේම ධර්මතාවය වෙනවා.

ස්කන්ධ උපදින උපදින හැම තැනකදීම සිහි ඇතුවම උපදිනවා. සිහි ඇතුවම නිරුද්ධ වෙනවා. ඔන්න ඔය මට්ටම තමයි නව කර්ම නොවී පුරාණ කර්මයට හටගත්ත විපාක ටිකෙන් ජීවත් වෙනවා කියලා කියන්නෙ. නිවන කියලා කිව්වෙ අසංඛත බව, අනුත්පාද බව, නොහටගන්න බව, අවිද්‍යා, කම, තණ්හා කියන හේතු ටිකෙන් ස්කන්ධ උපද්දනවා නම් අවිද්‍යා, කම, තණ්හා කියන හේතු ටික නැති කරලා, ස්කන්ධයෝ මතු නොහටගන්න බවට පත් කරලා, වර්තමාන ස්කන්ධ ටිකේ ජීවත් වෙනවා. වර්තමාන ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටිය බලපු නිසාමයි අවිද්‍යා, කම, තණ්හා කියන හේතු ටික නැතිවුනේ. ඒ නැතිවීම නිසා අනාගත ස්කන්ධයෝ නූපදින ස්වභාවයට පත්වුනා. එතනට කිව්වා සෝපදිශේෂ නිබ්බාන කියලා. හිස් බවක් හෝ ශුන්‍යතාවයක් හෝ අරමුණු නැති බවක් හෝ නෙවෙයි. ස්කන්ධයන්ගේ නූපදීම, නොහටගන්නා බව. ඇත්ත දන්නාකමින් ජීවත්වන ස්කන්ධ ටිකේද ආයු සන්නතියක් තියෙනවා. ඒ ආයුෂ ඉවර වෙලා ඒ ස්කන්ධ ටිකද නිරුද්ධ වෙනකොට ඒ සිහි නුවණ ද ස්කන්ධ එක්කම නිරුද්ධ වෙනවා. දුක් වූ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. එතකොට කියනවා අනුපදිශේෂ පරිනිර්වානය කියලා. රහතන් වහන්සේ නමක් පිරිනිවන් පෑවා කියලා ලෝක ව්‍යවහාරයෙ යෙදෙනවා.

එබඳු ආකාරයට මේ නිර්වාන ධාතුව සාක්ෂාත් කරගන්නට මේ දේශනාව හැමදෙනාටම හේතු පාරමිතාවක්ම වේවා!

සමාප්තයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් දේශනා කරන ලද නාථකරණ සූත‍්‍රය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

අයමපි ධමෙමා නාථ කරණො

ආදීනවයන් දැක කාමයේ යදම් සිඳලමු දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ තපුස්ස ගෘහපතියා සමඟ…

ආදීනවයන් දැක කාමයේ යදම් සිඳලමු

දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ තපුස්ස ගෘහපතියා සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිලා කතාබස් කරන්නට වුණා. එ් අතරේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධත්වයට කලින් සිදුහත් කාලයේ පුරුදු කළ ගුණයක් වැඩූ අයුරු ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළා.

‘‘ආනන්දයෙනි, මට පවා සම්බුද්ධත්වයට කලින් ම, සම්බුදු නො වී සිටිය දී බෝසත් වූයේ ම මේ අදහස ඇති වූයේ ය. එනම්, ‘කාමයෙන් නික්මීම යහපති. හුදෙකලා විවේකය යහපති’ වශයෙනි. එනමුත් ආනන්දයෙනි, කාමයන්ගෙන් නික්මීම නම් වූ මෙය ශාන්ත යැයි දකින්නා වූ මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි නො බැස ගනියි. නො පහදියි. නො පිහිටයි. නිදහස් නො වෙයි.

එවිට ආනන්දයෙනි, මට මෙසේ සිතුණේ ය. කාමයන්ගෙන් නික්මීම නම් වූ මෙය ශාන්ත යැයි දකින්නා වූ මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි නො බැසගන්නා, නො පහදින, නො පිහිටන, නිදහස් නොවන හේතුව කුමක් ද? ප‍්‍රත්‍යය කුමක් ද? කියා ය. ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇති විය.

‘මා විසින් කාමයන්ගේ දුර්විපාකයන් නො දකින ලද්දේ ය. මා විසින් කාමයෙහි ආදීනව බහුල ව මෙනෙහි නො කරන ලද්දේ ය. කාමයන්ගෙන් නික්මීමෙහි අනුසස් අවබෝධ නො කරන ලද්දේ ය. කාමයන්ගෙන් නික්මීම මවිසින් සේවනය නො කරන ලද්දේ ය. එහෙයින් කාමයන්ගෙන් නික්මීම නම් වූ මෙය ශාන්ත යැයි දකින්නා වූ මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහිලා නො බැසගනියි, නො පහදියි, නො පිහිටයි, නිදහස් නො වෙයි.

ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම කාමයන්හි ආදීනව දැක එ් ආදීනව බහුල ව සිහි කරන්නෙම් නම්, කාමයන්ගෙන් නික්මීමෙහි අනුසස් අවබෝධ කොට එය සේවනය කරන්නෙම් නම්, කාමයන්ගෙන් නික්මීම නම් වූ මෙය ශාන්ත යැයි දකින්නා වූ මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි බැස ගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, නිදහස් වන්නේ ය යන කරුණ සිදුවිය හැකි දෙයකි.

ආනන්දයෙනි, එ් මම පසුකාලයෙහි කාමයන්හි දුර්විපාක දැක, එය බහුල වශයෙන් මෙනෙහි කළෙමි. කාමයන්ගෙන් නික්මීමෙහි අනුසස් අවබෝධ කොට, එය සේවනය කළෙමි. එකල්හී ආනන්දයෙනි, එය ශාන්ත යැයි දකිනා මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි බැසගනියි, පහදියි, පිහිටයි, නිදහස් වෙයි.”
(තපුස්සගහපති සූත‍්‍රය – අං. නි. – 5)

බලන්න, මේ වගේ උපන් නුවණක් අපට තිබෙනවා ද? කාමයන්ගෙන් සිත මිදෙන්නේ නැති වෙනකොට, එ් ගැන තම සිතින් ම විමසල හේතුව හොයාගන්න තරම් අපට උපන් වැටහීමක් නම් නැහැ. අන්න එ් නිසයි ශාස්තෘන් වහන්සේ මේ ධර්මය තමන් වහන්සේ විසින් ම අවබෝධ කළා යන අරුතින් සම්මා සම්බුද්ධ නම් වෙන්නේ. මේ කාමයන්ගේ ආදීනව දැක්වෙන දහම් කරුණු ටිකක් අපි ඉගෙන ගනිමු. භාග්‍යවතුන් වහන්සේ කාමයන්ට එක එක නම් යොදල අපේ සිහි නුවණ උපද්දවන්න උත්සාහ කරනවා. සංයමයෙන් යුතුව ඉතා අවධානයෙන් යුතුව මේ කාමයන්ට දුන් උදාහරණ පිළිබඳ කියවා දැනගමු.

‘‘මහණෙනි, භය යනු මෙය කාමයන්ට කියන නමකි. දුක යනු මෙය කාමයන්ට කියන නමකි. රෝගය යනු මෙය කාමයන්ට කියන නමකි. ගඬුව යනු මෙය කාමයන්ට කියන නමකි. හුල යනු මෙය කාමයන්ට කියන නමකි. ඇලීම යනු මෙය කාමයන්ට කියන නමකි. මඩ යනු මෙය කාමයන්ට කියන නමකි. මව්කුස යනු මෙය කාමයන්ට කියන නමකි.

මහණෙනි, කාමයන්ට මේ භය යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව භයෙනුත් නිදහස් නොවෙයි නම්, පරලොව භයෙනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ භය යන නම යෙදෙයි.

මහණෙනි, කාමයන්ට මේ දුක යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව දුකෙනුත් නිදහස් නොවෙයි නම්, පරලොව දුකෙනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ දුක යන නම යෙදෙයි.

මහණෙනි, කාමයන්ට මේ රෝගය යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව රෝගයන්ගෙනුත් නිදහස් නොවෙයි නම්, පරලොව රෝගයන්ගෙනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ රෝගය යන නම යෙදෙයි.

මහණෙනි, කාමයන්ට මේ ගඬුව (තුවාලය) යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව ගඬුවලිනුත් නිදහස් නොවෙයි නම්, පරලොව ගඬුවලිනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ ගඬුව යන නම යෙදෙයි.

මහණෙනි, කාමයන්ට මේ හුල යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව හුල්්වලිනුත් නිදහස් නොවෙයි නම්, පරලොව හුල්වලිනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ හුල යන නම යෙදෙයි.

මහණෙනි, කාමයන්ට මේ ඇලීම යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව ඇලීම්වලිනුත් නිදහස් නො වෙයි නම්, පරලොව ඇලීම්වලිනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ ඇලීම යන නම යෙදෙයි.

මහණෙනි, කාමයන්ට මේ මඩ යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව මඩෙනුත් නිදහස් නොවෙයි නම්, පරලොව මඩෙනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ මඩ යන නම යෙදෙයි.

මව්කුස යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් කාමරාගයකින් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව මව්කුසෙනුත් නිදහස් නො වෙයි නම්, පරලොව මව්කුසෙනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ මව්කුස යන නම යෙදෙයි.”
(කාමාධිවචන සූත‍්‍රය – අං. නි. – 5)

බලන්න, මේ සිතේ ස්වභාවය. යමක් නපුරු හෝ වේවා යහපත් හෝ වේවා එයින් ආස්වාදයක් ලැබෙනවා නම්, එය ඇසුරු කරන්නට ම යි මේ සිත පෙළඹෙන්නේ. යමක ආස්වාදය තුළ අන්ධවන නිසා ම එයින් ලැබෙන විපාක දකින්නට මේ සිතට නො හැකි වෙනවා. අකුසල් යම් තාක් ද එ් සියල්ල කරන්නේ මේ ආදීනව නො දැකීමෙන් නේ ද? කාමයේ ආදීනව තුළ දුක් විඳිමින් ම අපි එදිනෙදා ඇසුරු කරන රූප නිසා දුක උපදවා ගන්නවා, ශබ්ද, ගඳ සුවඳ නිසා, රස පහස නිසා දුක උපදවා ගන්නවා. සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මේ කාමයන්ගේ උපමා අපේ ජීවිතයට වැදගත් වෙන්නේ අන්න එ් කාමයන්ගෙන් හටගන්නා දුක සිහිකර ගැනීම සඳහා යි.

මේ ආකාරයෙන් කාමයන්ගේ ආදීනව පිළිබඳ සිහි ගන්වන්නට සිහි ගන්වන්නට සුවපත් සිතක් ම යි ඇති වෙන්නේ. කාමයන් ඇසුරු කිරීමෙන් අපි ඇති කර ගන්නා දැවිල්ල සුවයක් ලෙසයි අපට මේ ලෝකයෙන් උගන්වන්නේ. එ්ත් කල්පනාවක් ඇති ඕනෑම කෙනෙක්ට පේනවා මේ කාමයේ ඇති දැවිල්ලේ භයානකකම. සැප ඇති කරල දුන්න රූපයක් ම නේ ද දුක ඇති කරල දුන්නෙ?

බලන්න, දවසක් පුරාවට අපි ගත කරන්නෙ ඇසට පේන රූප එක්ක, කනට ඇසෙන ශබ්ද එක්ක, නාසයට දැනෙන ගඳ සුවඳ එක්ක, දිවට දැනෙන රස එක්ක, කයට දැනෙන පහස එක්ක. මේවා ඔස්සේ මනසට එන අරමුණු එක්ක ජීවිතය ගෙවෙනව. ජීවිතේ කියන්නෙ එච්චරයි. දවස නිමා වෙද්දි ඇස් පියා ගන්නකොටත් සැපයි. කයටත් සිතටත් විවේකයක් ලැබෙනකොටත් සැපයි. කාමයන් ඇසුරු කිරීමෙන් සැප ලැබෙනවා කියල පෙන්වා දුන්න ලෝකයේ ම, කාමයන් ඇසුරු නො කර ඉඳීම නිසා ලැබෙන ආධ්‍යාත්මික සැපය නො දැක ම ජරා මරණ කරා අපේ ජීවිතය ඇදී යනවා.

දවසේ පැය 18ක් 19ක් අවදි වෙලා නේ ද ඉන්නෙ? කාමයේ ආස්වාදයේ ම එ් පැය ගණන ගත කරල කරල, වයසට ගිහින් මේ සිත ම අපට කාමයේ ආදීනව උපද්දනකොට අපි පරක්කු වැඩියි. අන්න එ් නිසයි භාග්‍යවතුන් වහන්සේ උපමාවලින් කියා දුන්න මේ කාමයේ ආදීනව සන්සිඳුණු සිතින් ම යෝනිසෝමනසිකාරය කළ යුත්තේ කියලා. භාග්‍යවතුන් වහන්සේ කියා දෙන අවවාදය බලන්න,

‘‘කාමයන්හි ආදීනව දැක එ් ආදීනව බහුල ව සිහි කරන්නෙම් නම්, කාමයන්ගෙන් නික්මීමෙහි අනුසස් අවබෝධ කොට එය සේවනය කරන්නෙම් නම්, කාමයන්ගෙන් නික්මීම නම් වූ මෙය ශාන්ත යැයි දකින්නා වූ මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, නිදහස් වන්නේ ය.”

මෙහි තිබෙනව ‘බහුල’ කියල වචනයක්. ශ‍්‍රාවකයා බහුල වශයෙන් කාමයේ ආදීනව දැක්කොත්, බහුල වශයෙන් කාමයෙන් තොර ජීවිතයක අනුසස් දැක්කොත්, ඔහුට කාමයන් ඇසුරු කරන්නට ඇති කැමැත්ත, රාගය, ඇලීම ටික ටික නිරුද්ධ වෙනවා. අන්න එ් සිත කුසල් අරමුණක සමාධිමත් වෙනවා. අන්න එ් සිත බලවත් වෙලා කාමයන්ගෙන් නික්මයාමේ භාග්‍යය යම් කලෙක උදා වෙනවා. එසේ නම් කාමයේ ආස්වාදයෙන් මිදෙන්නට, කාමයේ ආදීනව දකින්නට, බුදුරජාණන් වහන්සේ කියා දුන් මේ සුන්දර උපමාවන් මතක තබාගෙන භාවනාවක් වශයෙන් සිත සිතා ඉන්නට අපි කැමැත්තක් ඇති කර ගනිමු.

මහාමේඝ 2015 බක් කලාපය

ශ්‍රී සම්බුද්ධ ශාසනය කෙලවර වන කල්හි ශ්‍රී ලංකාද්වීපයෙහි සියළු ශ්‍රී සර්වඥ ධාතූන්…

ශ්‍රී සම්බුද්ධ ශාසනය කෙලවර වන කල්හි ශ්‍රී ලංකාද්වීපයෙහි සියළු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහහ්සේ තුළ එක් රැස් ව අවසානයේ ජය ශ්‍රී මහ බෝ මැඬට නා ලොව, බඹ ලොව හා දෙව් ලොව ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ද අබැටක් පමණකුදු නොනැසී රැස් ව, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ද, අසූවක් අනුව්‍යංජනයෙන් ද, ව්‍යාමප්‍රභායෙන් ද පිරිපුන් බුදුරුවක් මැවී, සවණක් බුදුරැස් විහිදුවමින්, යමා මහ පෙළහර දක්වන සේක.
දස දහසක් සක්වල දෙවියන් හඬමින් පුදසත්කාර කරත්දී, ශ්‍රී ධාතු ශරීරයෙන් තේජෝ ධාතුව පැන නැගී, ධාතු පරිනිර්වාණය සිදුවන්නේය. එතෙක් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ තුළ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා බුදුරැස් විහිදුවමින් වැඩ සිටින සේක.

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ –
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
ස්වණ්ණමාලීති පතීත නාමං –
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් මැවුණු බුදු රැස් විහිදෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ යම් දාගැබක් තුළ සැතපෙන සේක් ද, ඒ රුවන්මැලි නම් සුප්‍රසිද්ධ නාමය ඇත්තාවූ මහාර්ඝ වූ චෛත්‍යරාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා, පසඟ පිහිටුවා, බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා, ගෞරව බුහුමානයෙන් නමස්කාර කරමි.
මාගේ නමස්කාරය වේවා….!

————————————
රුවන්මැලි සෑය ගැන ජනප්‍රවාදයේ එන කතා වස්තුවක් පහතින් දැක්වේ.

වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහසෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වුයේ ය. එකල්හී එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත්නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතොමෝ තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වායැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හී ඇයගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිතව මහාස්ථුපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමා හට දැනුම් දුන්නාහු ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය.

දුටුගැමුණු නරනිඳු තෙමේ ධාතු නිධානය පිණිස සියළු කෘතයන් විධාන කොට විහාර මාර්ගය අලංකාර ලෙස සරසා අනුරාධපුර නගරය දෙව් විමනක් මෙන් සරසා ධාතු පූජාවට සූදානම් වූයේය. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා කැදවා සකල ලංකාද්වීපයම අනේකාකාරයෙන් සැරසවුයේ ය.

සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී.

“ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා” මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් “සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි” අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.

සිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය.ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා මණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට කරන ලද පූජාවන් තැන්පත් කළේය.ජනප්‍රවාදයේ සඳහන් පරිදි මේ අවස්ථාවේදී දෙලක්ෂ හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය.

ඔහු ඔහුගේ පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද රන් ගඩොල් තැන්පත් කරවන ලදී.ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන් වහන්සේලාට පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ.එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය.හතළිස්දහසක් පිරිස සෝවාන් ඵලයට පත් විය.දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී තත්වයටත් පත් විය.

අද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය. දුටුගැමුණු රජුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.

තථාගතයන් වහන්සේ ලොව පහළ වන හේතුව රහතන් වහන්සේ හැට නමට භාග්‍යවතුන් වහන්සේ වදාළේ…

තථාගතයන් වහන්සේ ලොව පහළ වන හේතුව

රහතන් වහන්සේ හැට නමට භාග්‍යවතුන් වහන්සේ වදාළේ සමාජ සේවය කරමින් යන්නට නොවේ. උන්වහන්සේ දේශනා කළේ ඔබත් මමත් මේ දුක් විඳින සංසාරෙන් අත් මිදුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා උන්වහන්සේ දේශනා කළ ඒ සුන්දර ශ්‍රී සද්ධර්මය ලොව පවතින මේ අවධියේදී ඔබත් එයින් ප්‍රයෝජන ගැනීමට; චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර ගමනින් නිදහස් වීමට අධිෂ්ඨානයක් ඇති කර ගන්න.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලොවට බිහිවන්නේ එකම එක පරමාර්ථයකිනි. ඒ පරමාර්ථය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ සත්ත්වයාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට සසර දුකින් එතෙර කරවීම. භාග්‍යවතුන් වහන්සේ පළමුවන ධර්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනාවේ දී චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීමෙන් එය මැනවින්, පැහැදිලි වෙයි. නමුත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයට උන්වහන්සේ පාවිච්චි කළා විශේෂ නමක්. ඒ තමයි ධර්ම චක්‍රය. පළමු ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ මේ පොළොවවාසී දෙව්වරුන් ගේ සිට අකනිටා බඹලොව දෙවිවරු දක්වා දහම් ඝෝෂා පැවැත්වූවා. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී ධම්මචක්කය පවත්වා වදාළා. එය ලෝකයේ ශ්‍රමණයකුට හෝ දෙවියකුට හෝ බමුණකුට හෝ මාරයකුට හෝ කිසිවෙකුට හෝ නැවත වෙනස් කළ නොහැකි අනුත්තර වූ ධම්මචක්කය ලෙස හැඳින්වෙනුයේ චතුරාර්ය සත්‍ය ධර්මය යි.

ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන ශ්‍රාවකයෙක් සිටියා. ඒ තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේ දහම් සෙනෙවි ලෙස භාග්‍යවතුන්වහන්සේ ම හඳුන්වා දී තිබුණා.

ධම්මචක්කපවත්තන කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කිරීම යි. චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීමෙන් කොණ්ඩඤ්ඤ හිමියන් පළමුවෙන්ම සෝතාපන්න වුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ කර ගන්න ලැබුණා ඒ පස්වග හිමිවරුන්ටත්. ඒ අනත්තලක්ඛණ සූත්‍ර දේශනාවෙන්.

ඊළඟට යසකුල පුත්‍රයා ප්‍රධාන අනිකුත් ශ්‍රාවක හැටනමක් රහතන් වහන්සේ බිහිවුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළා, ‘මහණෙනි, ඔබත් මමත් මේ දීර්ඝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කළේ කරුණු සතරක් අවබෝධ කර ගන්නට නොහැකි වීමෙන්. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අප දැන් අවබෝධ කරගෙන මේ සංසාරෙන් මිදුණා. එනිසා පින්වත් මහණෙනි, ධර්ම චාරිකාවේ වඩින්න. දෙනමක් එක මඟ වඩින්න එපා. ධර්ම චාරිකාවේ යෙදිලා මුල, මැද, අග කල්‍යාණ වූ මනා ප්‍රකාශයෙන් යුක්ත වූ අර්ථ සහිත වූ පිරිසුදු නිවන්මඟ දේශනා කරන්න. මෙයයි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කළ අනුශාසනාව. රහතන් වහන්සේ හැට නමට භාග්‍යවතුන් වහන්සේ වදාළේ සමාජ සේවය කරමින් යන්නට නොවේ. උන්වහන්සේ දේශනා කළේ ඔබත් මමත් මේ දුක් විඳින සංසාරෙන් අත් මිදුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කරන්න කියලා.

එයින් අපට පැහැදිලියි, චතුරාර්ය සත්‍ය දේශනා කරගෙන යාමෙන් පමණයි, මේ ධර්මය අවබෝධ කර ගන්නා ශ්‍රාවකයන් පහළ වන්නේ කියා. එම ධර්මය දේශනා කළේ නැත්නම් අවබෝධ කර ගන්න හැකියාව තිබෙන අයත් පිරිහිලා යන්න පුළුවන් බව. බුදුන් වහන්සේගේ අනුශාසනාවේ සඳහන් වනවා ඉතාම පැහැදිලි කරුණ තමයි භාග්‍යවතුන් වහන්සේ ලොවට පහළ වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීම පිණිසම බව. වෙන කිසිම දෙයක් සඳහා බුදුරජාණන්වහන්සේ ලොවට පහළ වන්නේ් නැහැ.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ශාසනයේ තමයි පළමු වන, දෙවන, තුන්වන, හතරවන ශ්‍රමණයන් සිටින්නේ. බාහිර සියලු ශාසන ශ්‍රමණයන්ගේන් හිස් ශ්‍රමණයෝ නැහැ කියලා. මෙහි පළමු ශ්‍රමණයා කිව්වේ සෝතාපන්න වූ තැනැත්තාටයි. දෙවැනි ශ්‍රමණයා ලෙස සඳහන් කළේ සකෘදාගාමි වූ තැනැත්තාටයි. තුන්වැනි ශ්‍රමණයා අනාගාමි වූ තැනැත්තායි. හතරවැනි ශ්‍රමණයා රහතන් වහන්සේ යි. එහෙම නම් පැහැදිලි යි මේ සියලු මාර්ගඵල ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් මිස වෙන කිසිම දෙයකින් නොවන බව. එනිසා බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ, චතුරාර්ය සත්‍ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කිරීමට පමණයි.

ලොවට බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමට පෙර සීල, සමාධි යන ප්‍රතිපත්ති මෙලොව තිබෙන බව සිතීමට අපහසු ය. එයට හේතුව තමයි සීලය කියන්නේ ආර්ය මාර්ගයේ මාර්ග අංගයක් වීම. සීලය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පමණයි පරිපූර්ණ දේශනාවක් කරන්නේ. බුදුවරු ලොව පහළ වී නැති කාලවලදී සීලය හැටියට ලොව තිබූ ප්‍රතිපත්ති දීඝ නිකායේ දේශනාවල සඳහන් වෙනවා. අවුරුදු ගණන් කතා නොකර සිටීම, පිණ්ඩපාතයේ වැඩිය විට ගැබිණි මවු දෙන දානය ප්‍රතික්ෂේප කිරීම, කිරිදෙන මවක් දෙන දානය ප්‍රතික්ෂේප කිරීම, දානය පූජා කරන ස්ථානයේ බල්ලන් වැනි සතුන් සිටියොත් ඒ දානය ප්‍රතික්ෂේප කිරීම වැනි ප්‍රතිපත්ති තමයි, බුදුරදුන්ට පෙර යුගයේ සීලය යනුවෙන් හඳුන්වා තිබුණේ.

භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වනවිට මනාකොට සීලය ගැන දන්නා කෙනෙක් ලෝකයේ සිටියේ නැහැ. එයින් පැහැදිලියි අබුද්ධෝත්පත්ති කල සීලය ප්‍රකාශ නොවන කාලයක් බව.

බුද්ධ කාලයේ ලැබෙන දුර්ලභම දේ තමයි දිගින් දිගටම යන සංසාරේ ගමන් කරන සත්ත්වයාට සතර අපායේ වැටි වැටී ගමන් කරන සත්ත්වයාට එයින් මිදිලා නිවන් මඟට පැමිණිලා සදාකාලික රැකරණය ලබන්න පුළුවන් වීම. මෙය ලැබෙන්නේ ඉතා කලාතුරකින්.

දුක් විඳින සත්ත්වයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් සීල, සමාධි, ප්‍රඥා කියන අංග දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමයි ලොව තිබෙන දුර්ලභම දේ. ඊට උපමාවක් සංයුක්ත නිකායේ නගර සූත්‍රයේ තිබෙනවා. විශාල ඝන කැලෑවක් මැදින් මිනිසෙක් ගමන් කරන විට මේ මනුස්සයාට දකින්න ලැබෙනවා නටඹුන් සහිත පැරැණි නගරයක්. එය දැක මේ තැනැත්තා රටේ රජතුමාගේ අවසර අරගෙන ඒ නගර සැලසුම සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා පැරැණි නගරය තිබූ ලෙස ඒ ආකාරයෙන්ම ගොඩ නැගුවා. චතුරාර්ය සත්‍ය ධර්මය බුදුවරයෙක් විසින් සොයා ගැනීමත් එවැන්නක්.

කාලයක් යනවිට ශ්‍රාවකයන්ට මේ ධර්මය ඕන නැති වෙනවා. එය එපා කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයට ගරහන්න පටන් ගන්නවා. එවිට මේ ධර්මය ඉගෙනීමට කැමැති පිරිස ලෝකයේ නැතිවෙලා යනවා. පිරිසුදු ලෙස සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කිරීමට කැමැති පිරිස අඩු වෙනවා. ඒ වනවිට බුදුරජාණන් වහන්සේගේ් ධර්මය සහ ශාසනය අතුරුදන් වී යනවා. මේ දුක් විඳින සත්ත්වයාට සංසාරයෙන් එතෙර වීමට තිබෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වී යනවා.

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා උන්වහන්සේ දේශනා කළ ඒ සුන්දර ශ්‍රී සද්ධර්මය ලොව පවතින මේ අවධියේදී ඔබත් එයින් ප්‍රයෝජන ගැනීමට; චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර ගමනින් නිදහස් වීමට අධිෂ්ඨානයක් ඇති කර ගන්න.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සටහන – නයනා නිල්මිණි
බුදුසරණ අන්තර්ජාල කලාපය

මහ කළු ගල දෙබෑ කර මතුකරන ඒ අසිරිමත් බුදුරූව ! බුදු රුව ජීවමානයි. යකඩ පහරකින්, ග…

මහ කළු ගල දෙබෑ කර මතුකරන ඒ අසිරිමත් බුදුරූව !

බුදු රුව ජීවමානයි. යකඩ පහරකින්, ගල් කටුවකින්, ගල් වඩුවෙක්ගෙ හිත් එකඟ වුණ භාවනාවකින් ඒ බුදු රුව මතුවුණු විදිය විස්මිතයි. ඒ විස්මය දකින්නට අපේ දෑසුත් පින් කරල තිබුණා.

'නාථකරණ සූත‍්‍රය – 10 කොටස' ප‍්‍රශ්නය : ස්වාමීන් වහන්ස අවිද්‍යා, කාම, තණ්හා, ආහ…

‘නාථකරණ සූත‍්‍රය – 10 කොටස’

ප‍්‍රශ්නය : ස්වාමීන් වහන්ස අවිද්‍යා, කාම, තණ්හා, ආහාර කියන තැන ප‍්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය මවුකුසට බැසගත්තාට පස්සෙ එතනින් අවසන් වෙනවාද?

නෑ. එහෙම නෑ. විඤ්ඤාණය මවු කුසට බැසගෙන නිරුද්ධ වෙන්නෙ නෑ. ඒ ප‍්‍රතිසන්ධි මට්ටමේ සිතට තමයි ඊට පස්සෙ භවාංග සිත කියලා කියන්නෙ. ඒකෙන් ඊට පස්සෙ කරන්නෙ නාම රූප දෙක හදන එක විතරයි. සිතේ තියෙන ගති ටිකට රූපය සකස් කරනවා. ස්ති‍්‍රයක් විදියට. පුරුෂයෙක් විදියට කළු, සුදු, මිටි, උස, ලස්සණ, කැත මනුෂ්‍යයෙක් කියලා ඔය අපි කතා කරන්නේ විඤ්ඤාණය බැසගෙන කරන වැඩ ගැන. නාම රූප දෙක හදන එක
තමයි කරන්නෙ. නාම රූප දෙක හැදෙනවා කියන්නෙ ආයතන හැදෙනවා.

ආයතනවලට ගැටුනම ගැටෙන අරමුණත් ඉන්න තැන ඉඳලම දැනගන්නවා. ඔය ටිකත් අයිති විපාක මට්ටමේ තියෙන ප‍්‍රතිසන්ධි සිතටමයි. ඒ ආයතන වලට ගැටිලා අහන, දකින දේවල ඇත්ත නොදන්නාකමින් අද හිතන්න පටන් ගන්නකොට අන්න දැන් නව කම, දැන් කර්ම නිමිති හදාගන්නවා. මේ සිත් අවිද්‍යා ප‍්‍රත්‍යයෙන් උපදින ඒවා.

දැන් ඇත්ත නොදන්නාකමින් දැනගන්නා දැන ගැනීම් අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං කියන තැනින් දැනගන්න එකක් මිසක ඒ දැනගැනීම දැන් අයිති නැහැ. අර ප‍්‍රතිසන්ධි විපාකයට. වර්තමාන කෙලෙස්, කර්ම ටික හැදෙනවා දැන්. ඒ අදහස් වලින් ආයතන ටික උපද්දන කොට වර්තමාන කර්මයට වර්තමාන විපාක. ඒ විපාකයටයි තණ්හා කරන්නෙ.

අපි ඔරලෝසුවට තණ්හා කරන කොට තණ්හා කළේ ඔරලෝසුවක් දැකලා ඇතිවෙන වේදනාවට ඒක අයිති විපාකයට. ඔරලෝසුවක් දැකලා සැප විඳින්න හෝ දුක්විඳින්න පුළුවන්කම ලැබුනෙ ඔරලෝසුව කියන චේතනාවෙන් බලපු නිසයි, කර්මයටයි. ඒක අයිති වර්තමාන කර්මයට, චේතනාවට. වර්තමාන කර්මය අයිති අතීත ස්කන්ධ ටික, වර්තමාන විපාක ටික පිරිසිඳ නොදන්නාකමට. ඇස් ඉදිරිපිටට ආවෙ වර්ණ සටහනක්. විඤ්ඤාණ, නාම රූප, සළායතන ඔරලෝසු හැදුවෙ නෑ. එයා ආයතන ටික හදලා ඒ ආයතන ටිකෙන් වර්ණ සටහනක් හදලා ඒවටම පෙන්නන්න සලස්වලා තියෙන්නෙ.

දැන් මේ හිත හරි කපටි වැඩක් කරලා තියෙන්නෙ. කපටිත් නෙවෙයි ඒක එයාගෙ කෂේත‍්‍රය. ලෝකෙ හැටි. හැම කෙනෙක්ම, හැම සතෙක්ම, හැම ධර්මතාවයක්ම ආහාර උපද්දවාගෙන පරිහරණය කරනවනෙ. එතකොට එයාට
ආහාර උපදවා ගන්න ක‍්‍රම උපායන් කරන්න වෙනවා. දැන් කෙනෙක් ගොවිතැන් කරනකොට ඒ ගොවිතැනට එයාට වතුර ටික හරවා ගන්න ඕන, ඒ සඳහා ඇල වේලි කපන්න ඕන. ඔය ක‍්‍රම උපායන්. ඒ වගේ ප‍්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය පැමිණියේ පෙර ජීවිතයේ ඇස් ඉදිරිපිටට එන රූපයේ ඇත්ත නොදන්නාකම නිසා ඔරලෝසුව කියලා හිතලා ඔරලෝසුවට කැමති වුනා නම් දැන් ඔරලෝසුව බලන්න තියෙන ඕනකමටයි නැවත ප‍්‍රතිසන්ධි වශයෙන් ආවෙ.

ඊට පස්සෙ මේ සිතෙන් කරන්නෙ නැවත ඔරලෝසුවක් බලන්න පුළුවන් විදියෙ ඇහැක් හදන එක. ඔරලෝසුවකට තණ්හා කළා කියලා තණ්හාවට බෑ ඔරලෝසු අරන් දෙන්න. තණ්හාවට පුළුවන් ඔරලෝසුවක් හදාගන්න පුළුවන් විදියට ඇහැ හදලා දෙන්න. ඒ ඇහෙන් රූපයක් හම්බ වෙනකොට අවිද්‍යාවෙන් ඒක ඔරලෝසුව කරලා ආපහු අපිට දෙනවා.

මෙතන දී රූප බලන්න තියෙන තණ්හාව මුල් කාරණාව කරගෙනයි උපන්නෙ. දැන් තණ්හාව නමැති වඩුවා තමයි මේ ගේ හදලා තියෙන්නෙ. විපාක සිතක් වුනාට කමයෙ ගති ටික මෙතන තියෙන්නෙ. විඳින්න ඕන
කමින්නෙ ආවෙ. දැන් මෙයා මොකද කරන්නෙ තමන්, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ වලට තණ්හාවෙන්නෙ ආවෙ. ඒවයි එයාට ඕනෙ. දැන් එයා ඒවා ලබා ගන්න ක‍්‍රමය හදාගන්න ඕනෙ. එයා ඒ සඳහා භූමිය හදාගන්නවා.
විඤ්ඤාණය කරන්නෙ හිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපය හදලා ප‍්‍රසාද ටික හදාගන්නවා. රූප පැටලෙන විදියට ඇහැ, ශබ්ද පැටලෙන විදියට කන, ගන්ධ පැටලෙන විදියට නාසය මේවා ගෝචර රූප ගොදුරු.
මෙහේ උගුලක් අටවලා තියෙන්නෙ. සත්තු පැටලෙන විදියට. මේක හරියට මකුළුවා දැලක් වියනවා වගේ සිද්ධියක්. මකුළුවා සත්තු කන්න ඕනෙ නිසා දැලක් බැඳලා පැත්තකට වෙලා ඉන්නවා වගේ මේ භවංග සිතෙන් කරන්නෙත් ඔය සිද්ධියමයි.

මකුළුවා දැල වියනවා වගේ, භවංග සිතත් ආයතන හදලා, හදපු ආයතන ටික සවිඥානක කරලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ ආයතන ටිකෙන්ම රූපයක් හදලා ඒ රූපෙම ඒ ආයතනයට ගැටෙන කොට ඔන්න එයා දැන් රූපයක් විඳිනවා, ශබ්දයක් විඳිනවා, ගන්ධයක් විඳිනවා, පුරාණ කර්මයටයි ඔය වි`දීම. ඊට පස්සෙ ඒ විඳින තැනක පවතින ඇත්ත ඇති හැටියෙ නොදන්නකොට නොදකිනකොට ආයෙත් පෙර ජීවිතේ වගේ ආශ‍්‍රව යෙදෙනවා.

එයාට හිතෙන්නෙ මම ඔරලෝසුවක් දැක්කා. මනුස්සයෙක් දැක්කා. කේක් කෑල්ලක් කෑවා වගේ තැනකින් නිමිති තියෙන්නෙ. ඒ නිමිත්තට කැමති වෙලා කේක් කෑල්ලක් කන්න ඕන රූපෙ බලන්න ඕන ඔරලෝසුව බලන්න යන්න ඕන කියලා ඒ අදහසින් නැවත ආයතන උපද්දවා ගන්නකොට දැන් මේ ආයතන ටික වර්තමාන කර්මයට වර්තමාන විපාක. දැන් ඔරලෝසුවලට, දරුවන්ට, රත්තරං වලට තණ්හාව තමයි තියෙන්නෙ.

මුලින් තිබුනෙ රූප තණ්හා, ශබ්ද තණ්හා, කියන තැනක කෙලේසයකට ඒවා විඳින්න තියෙන ක්ෂේත‍්‍රය හදාගෙන අරමුණු ටික විඳින එක විතරයි කළේ. විඳපු ටිකේ ඇත්ත නොදන්නාකම නිසා වැරදි දැක්මකින් දැන් අපි තණ්හා කළොත් නැවත විඤ්ඤාණය රූපෙකට බැහැගෙන ඒ කය සවිඥානක කරලා ප‍්‍රසාද ටික හදලා රූප බලන්න, ශබ්ද අහන්න අවස්ථාව ලබා දෙනවා. මේක කෙළවරක් නැති ගමනක්.

මතු සම්බන්ධයි!