Monthly Archives: November 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/37cndXv
“ඇට නහරවලින් ගලපා සකස් කරන ලද නොයෙක් ලෙඩ රෝගවලින් ගහන මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයි බලන්ට ඕන. එහෙත් අඥාන ජනයා නොයෙක් කාම සිතුවිලි සිත සිතා මේ ශරීරය විචිත්‍ර විදිහට සරසනවා. ඒ වුණත් මේ කයේ ස්ථිර පැවැත්මක් නෑ.”

“මේ ශරීරය ඔතල තියෙන්නෙ හමකින්. ඇට ගොඩක් ඇතුළෙ තියෙනවා. නමුත් පිටතින් මුතු මැණික් ආභරණවලින් ලස්සනට හැඩ ගන්වල තියෙන්නෙ. මේ ශරීරය හැඩට පෙනෙන්නෙ වස්ත්‍රවලින් වෙළෙන නිසයි.”

“යටිපතුල් පාට කරල තියෙන්නෙ. සුවඳ බුලත් විට කාල මුඛය සුවඳ කරල තියෙන්නෙ. අඥාන ජනතාවගේ මෝහයට නම් ඒක ගැලපෙනවා. නමුත් නිවනක් සොයා ගෙන යන කෙනෙකුට එයින් කිසි පලක් නෑ.”

“ඔලුවට නොයෙක් කොණ්ඩා මෝස්තර දානවා. ඇස්වල අඳුන් ගානවා. අඥාන ජනතාවගේ මෝහයට නම් ඒක ගැලපෙනවා. නමුත් නිවනක් හොයාගෙන යන කෙනෙකුට එයින් පලක් නෑ.”

“මේ කුණු ශරීරය නොයෙක් විදිහට සරසල අලුත් භාජනයක් වගේ තියාගත්තද, මෝඩ ජනතාවගේ මෝඩ කමට විතරයි ඒක ගැලපෙන්නෙ. නමුත් නිවනක් සොයා ගෙන යන කෙනෙකුට එයින් පලක් නෑ.”

මේ වනාහී ආයුෂ්මත් ආනන්ද නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

තෙරුවන් සරණයි…!!!🙏🙏🙏

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2XhxixZ
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 95 🧡💛

රන් වැසි දඹදිව පුරා වස්වමින් මෙලොවට පහල වු කෝණාගමන බුදුහාමුදුරුවෝ 02

තිස් දහසක් පිරිවර සමග අභිනික්මණින් නික්ම පැවදි වූ කෝණාගමන බෝධිසත්වයන් වහන්සේ ඒ මහා පිරිවර පිරිවරමින් සයමසක් ප්‍රධාන විර්යය වඩන්න වුනා. එය අවසාන වුයේ තවත් වෙසක් පොහොදිනකට ඉර උදාවීමත් සමග. ඒ වනවිටත් දෙවියන්ගේ ආශීර්වාද රැකවරණ සහිතව අග්ගිසොණ බ්‍රාහ්මණයාගේදියණිය අති මිහිරි මී කිරිබත් සකසමින් සිටියේ සංසාරේ පතාගෙන පැමිණි ලෙසට. ඇයගේ කිරිපිඩු පුජාවෙන් පසු එය වැළඳු ඒ මහා වීරයාණෝ කිහිරි වනය වෙත දිවාවිහාර ගතකිරීමට පැමිණුනා. එහි විවේකයෙන් ගත කල උන්වහන්සේ හමුවට පැමිණියේ නම් තින්දුක යවපල්ලා. ඔහුත් සංසාරේ පතාගෙන පැමිණි ලෙසටම අටතණමිට පුජාකලේ වජිරාසණය මත ඇතිරීමට. ඒ අටතණමිටද රැගෙන මිට පෙර පුණ්ඩරික බෝධියෙහි තරමටම ඵලවිභුතියෙන් යුතු උදුම්බර බෝධිය වෙත පැමිණියේ දකුණු දිශාවෙන්. එහි විසිරියන් පමණ තණ ඇතිරි අතුරා පලක් බැඳ මරබල නසා දසබල ඥාණ ලබා උදන් අනා විවේක සුවයෙන් සත්සතිය ගත කරනු ලැබුවේ අනෙකුත් බුදුවරුන් සියලු කටයුතු නිමකෙරු අකාරයටමයි.

ඉන් අනතුරුව මහා බ්‍රහ්මයා පැමිණ උන්වහන්සේටත් ලෝකසත්වයා වෙනුවෙන් ධර්මය දේශණා කිරීමට ආරාධනය කරනු ලැබුවේ චාරිත්‍රයක් ලෙසයි. ඒ ආරාධනය පිළිගත් කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ හේතුසම්පත් ඇත්තවුන් පිරික්සන විට තමන් හා සමග ගිහිගෙයින් නික්මුණ තිස්දහසක පිරිවර ඒ සඳහාම පැමිණි ය බව අවබෝධකොට ගත්තා. ඒ මොහොතේම සුදස්සන නුවර ඉසිපතනය වෙත අහසින් වැඩිය උන්වහන්සේ උන්වහන්සේලා මැද ධර්මචක්‍රය කරකවන්නට වුනා. එදා දෙව් මිනිස් තිස්කෙළ දහසකට දර්මවබෝධ වූ බව සඳහන් වනවා වගේම එය ප්‍රථම ධර්මාභිසමය ලෙසද සදහන් වෙනවා.

නැවතත් සුන්දර නුවර දොර මහසල් රුක මුල යමක ප්‍රාතිහාර්ය කොට විසිකෙළ දහසකට දහම් අමා පොවනු ලැබුවා. එය දෙවන අභිසමයයි.

තම මෑණි උත්තරාවන් ප්‍රමුඛකොට දසදහසක් සක්වළ රැස්වූ දෙවියන්ට භාග්‍යවතුන් වහන්සේ විජම්පිටකය දෙසද්දී දසකෙළ දහසකට තෙවන ධර්මාභිසමය වුනා.

උන්වහන්සේටත් මිට ඉහත බුදුරජුන්ට මෙන් එකම ශ්‍රාවක සන්නිපාතයක් වුනා. ඒ සුරින්දවතී නුවර සුරින්දවතී උයනෙහි වසන සමයේ තිස්දහසක් පිරිවර ඇති භීයස රාජ කුමාරයාට සහ උත්තර රාජ පුත්‍රයාට යන දෙදෙනාට දහම් දෙසා ඒ සියලු දෙනාම එහිභික්ෂු පැවිද්දෙන් පැවිදි කරවා උන් වහන්සේලා මැද නවම් පුන් පොහෝ දින පාමොක් දේශණා කරනු ලැබුවා. එය එකම එක ශ්‍රාවක සන්නිපාතයද වුනා.

ඒ කාලේ අප මහා බෝසතාණන් වහන්සේ මිථිලා නුවර පබ්බත නමින් රජකෙනෙකුව වාසය කලා. සරණාගත සියලු ප්‍රාණින්ගේ ආගමන ඇති කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ මිථිලාවට වැඩියේ ඒ කාලයේ. රජතුමා ඒ බව අසා රාජකීය පිරිවර සමග පෙර ගමන්කොට උන්වහන්සේ හට දානය සඳහා ආරාධනය කරනු ලැබුවා. උන්වහන්සේ රජමාලිගයට වැඩකොට මහදන් දී මහත් ගෞරවයෙන් සියලු යුතුකම් ඉටුකොට පැමිණෙන වස් තෙමස තුල එහිම වස්විසිම සඳහා අයැද සිටියා. භාග්‍යවතුන් වහන්සේද එය පිළිගෙන ඒ තෙමස මිථිලා නුවරම වස් කාලය ගතකලා. අප මහා බෝසතාණන් වහන්සේත් ඒ තෙමස තුල ඉතා ප්‍රණීත වූ රාජකීය භෝජනයන්ගෙන් බුදුරජුන්ට සංග්‍රහ කොට එයින් නොනැවතී පත්තුන්ණ චීන පට කම්බල, කොසෙය්‍ය දුහුල් කපු ආදී මහඟු සිනිදු වස්ත්‍රද රන්මිරිවැඩද, අනෙකුත් බොහෝ පිරිකරද පුජා කොට වන්දනා කරනු ලැබුවා. ඒ භාග්‍යවතුන් වහන්සේද මේ සියල්ල අවසානයේ මෙම උත්තමයාණන් මේ භද්‍රකල්පයේම ගෝතම නමින් බුදුවන බව දේශණා කොට වදාරමින් විසිතුන්වන නියත විවරණයෙන් ආශීර්වාද කරනු ලැබුවා. අප මහා බෝසතාණෝ මේ බව අසා ඒ මහාරාජ්‍ය පරිත්‍යාග කොට උන්වහන්සේ වෙතම පැවිදි වුනා.
දස දහසක් සක්වළ සාදුකාර හඬ පෙරසේම පැතිරුණා. ඔබත් මමත් වෙනුවෙන් මේ උතුම් ධර්මස්කන්දය කල්පෙන් කල්පේ ලඟාවුනේ ඒ අකාරයටයි.

සාදු! සාදු!! සාදු !!!

❤💚💛🧡 විශේෂ පුණ්‍යානු මෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
16-11-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2QmbpfA
ඉක්බිති චුල්ලපිණ්ඩපාතික තිස්ස මහ තෙරුන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහනසේලා පිරිවරාගෙණ චෛත්‍යයස්ථානයට වැඩම කළ සේක. මහා සාගල මහ තෙරුන් වහන්සේ ද. පන්සියයක් මහ රහතන් වහන්සේලා පිරිවරා ගෙණ චෛත්‍යයස්ථානයට වැඩම කළ සේක. මේ ආකාරයට චෛත්‍යයස්ථානයට වැඩම කළ මහ රහතන් වහන්සේලා ගේ ගණන සත් දහසකි. චුල්ලපිණ්ඩපාතික .තිස්ස මහ රහතන් වහන්සේ මේ සියලු සංඝයා පිරිවරා ගෙණ චෛත්‍යයස්ථානයට පැමණ” ස්වාමීනි, කේශ ධාතූන් ලබාගන්නෙ කෙසේ “දැ? “යි ඇසුවේය. එකෙනෙහ ම චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙරනුවෝ තමන් වහන්සේගෙ ශිෂ්‍ය වු සිව තෙරන්ගේ මුහුන බැලුණ බැලුහ ශඩ් අභිඥාලාභී මහ රහතන් සිව තෙරුණුවෝ ඒ මොහිතේ දීම හුන් තැනින් නැගීසිට මැනවින් සිවුරු පොරවාගෙණ සංඝයාට වැඳ චතුර්ථධ්‍යානයට සමවැදී ඉන් නැගී සිට මහපොළොවේ කිමිදී භූමන්ඣර නාග විමානයේ පහළ වූ සේක. ඒ සමයෙහි ජයසේන නාරජු තමාගේ බෑනා ද සමගින් දෙකෝටියක් තරම් නාගයින් පිරිවරාගෙණ බොහෝ සැප විඳිමින් සිට්යේය. මේ අතර නාරජු නාග විමාණයේ පහළ වී තමා වෙත පැමිණන මහානුභව සම්පන්න සිව තෙරුන් වහන්සේ දුර දීම දුටුවේය. දැක භික්ෂූන් ට මේ නාග භවනේ තිබෙන කටයුත්ත කුමක්ද ? ඒකාන්තයෙන්න ම මේ භික්ෂූව කේශ ධාතූන් වහන්සේලා ගෙනයාමට පැමින ඇතැයි සිතා වහා නැගිට ධාතූ ගෙට ගොස් කේශ ධාතූ සහිතකරඬුව ගිල කිසිවක් නොදන්නා සේ නිඬව සිට්යේය.

සිව තෙරුන් වහන්සේ නාරජු වෙත වැඩම කළ සේක නාරජු ඉදිරියට ගොස් තෙරුන් වහන්සේ පිලිගෙන සැපුදුක් ව්මසා ඉන් පසුව ස්වාමීනි , ඔබ වහන්සේ මෙහි වැඩම කළේ කුමක් නිසාවෙන් දැ “යි ඇසුවේය . නාරජතුමනි, තුන් ලෝ වැසියන්ගේ අසහාය මුනිවරන් වහන්සේ වු භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ කේශ ධාතූ ඔබ ළග ඇති .ඒ කේශ ධාතූ ගෙණ යෑමට මෙහි පැමිණියෙමි. නාරජ්තුමනි , පමා නොවී ඔබ ලඟ ඇති සර්වඥයන් වහන්සේගෙ ඒ කේශ ධාතූ මට දෙන්න .මාගේ උපාධ්‍යයයන් වහන්සේ ගේ උපදෙස් පරිදි කේශ ධාතු ගෙණ යෑමට මම මෙහි පැමිණියෙමි ” යි සිව තෙරුන් වහන්සේ කී සේක. මෙය ඇසූ නාරජු ” ස්වාමීනි ,ඔබ වහන්සේගෙ කේශ ධාතූ මා ළග නැතැයි” කීය සිව තෙරණුවෝ නාරජු කේශ ධාතූ කරඬුව ගිල ඇති බව දැක ” නාරජතුමනි ,එසේනම් කේශ ධාතූ කරඬුව ම ගන්න දැයි” ඇසූහ. ” එසේ ය ස්වාමීනි , පෙනේ නම් තිබෙන තැනකින් ගනු මැනවැ” යි නාරජු කීය. එකල්හි සිව තෙරණුවෝ තුන් වරක් ම මෙය අසා “එසේ ය ස්වාමීනි තිබෙන තැනකින් ගනු මැනවැයි ” කී නිසා තමන් වහන්සේ ගේ ඍද්ධියෙන් සියුම් අතක් මවා නාරජු ගිල දැමූ ඒ කේශ ධාතූ කරඬුව ගෙණ ” නා රජතුමනි, මා පැම්ණි කටයුත්ත දැන් අවසානය ” යි කියා නාලොවෙන් වැඩම කළ සේක. එකල්හි ජයසේන නාරජු ” යාන්තං මම මේ භික්ෂූව රවටා යැවුවෙමි “ය සිතා තෙරුන් වැඩි පසුව ගිළ දැමූ ඒ කරඬුව දෙස බලා එය කුස තුළ නොදැක ” මේ මහණා අපි සැම නැසුවා ය ” යි කියා දෑත් ඔසවා හිස බදා ගෙණ තමාගෙ මුලු නාග භවන ම දෙදරා යන සේ මහ හඬ්න් කෑ ගසා “මේ මහණා අපේ ඇස් දෙක ගලවා ගෙණ ගියා වැනිය. දෙව්මිනිසුන් සහිත ලොකයාට පිහිට වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ කේශ ධාතූ වන්දනා කර අපි රවටා කේශ ධාතූ ගෙණ ගිය අර මහණා පසු පසින් ගොස් වහා අල්ලා ගනිමු ” යි කියා දෙකෝටියක් තරම් මහත් වු නාගයින් පිරිවරා ගෙණ තම බෑණා ද සමගින් සිව තෙරුන් පසු පසින් පන්නා ගෙණ අහසට පැන නැංගේය. එකෙණෙහි සිව තෙරණුවෝ අහසින් බැස මහ පොළොවෙහි කිමිදුන සේක .නාරජු ද අහසින් බැස මහ පොළොවෙහි කිම්දුණි. මෙසේ සිව තෙරුණුවෝ ඒ නාරජු ද සමගින් අහසට නගිමින් මහ පොළොවෙහි කිමිදෙමින් ප්‍රාතිහාර්ය දක්වා සේරු නුවරට නුදුරින් පිහිට් එක් ගල් තලාවක් මතට වැඩම කළ සේක. පසුව එතැනින් ඉවත්ව චෛත්‍ය මළුවේ වැඩ සිටි භික්ෂූ සංඝයා අතර පෙනී සිටි සේක. කිසිම නාගයෙකු ට සිව තෙරුන් වහන්සේ අල්ලා නැනීමට නොහැකි විය. ඔව්හු මහත් වු දුකට පත් ව ඒ ගල් තලාවෙන් පිටත හිඳ ගෙණ ” මෙතැන් පටන් අපේ අවසානය ” යි කියමින් මහ හඬ්න් හැඩීමට පටන් ගත් හ. මොර දුන් හ ව්ලාපනැගූහ .නාගයින් රැව්පිළිරැව් දෙමින් මහ හඬින් නාද කළ නිසා එතැන් පටන් ඒ ගල් තලාව රාවගල් “” යන නමින් ප්‍රකට විය. ජයසේන නාරජු සිව තෙරුන් පිටු පසින් ම චෛත්‍යයට ගොස් කාවන්තිස්ස මහරජු දෙසට හැරී ” මහ රජතුමනි , මේ භික්ෂූව මා නුදුන් කේශ ධාතූ මට හොරෙන් ගෙණාවේයැ යි කීය. මෙය ඇසූ රජු ” ස්වාමීනි මෙයසැබෑයි ද” ඇසුවේය ” නාරජු කියන්නේ සැබෑවක් නොවෙයි .මා ගෙණාවේ නුදුන් කේශා ධාතූ නොව මේ රජු මට “පෙනේ නම් ගන්නැ යි ” කී නිසා මා ගත් කේශ ධාතූ ය ” සිව තෙරණුවෝ කීහ. එසේනම් සාක්ෂි කවුරුන් ද ?” දැයි නාරජු විමසූහ සිව තෙරනුවෝ නාරජු ගේ බෑනා වු සමනුප්පල නාරජු දෙසට හැරී ” මොහු මට සාක්ෂි යැයි ” කීහ .සමණුප්පල නාරජු ” තෙරුන් වහන්සේ කියන්නෙ සැ බෑ ය යැයි” කීවේය රජු එය පිළිගත්තේය. එකල්හි ජයසේන නාරජු වචනයෙන් කිව නොහැකි තරමේ මහත් වු දුකට පත් ව දුක් වේදනාව ඉවසා ගැනීමට නොහැකි ව දාගැබ් මල්ළුවෙන් පටතට වී සිට්යේය .රජුගේ බෑනා වු නාරජු දාගැබ මළුව තුළ සියේය. ..සේරුව්ල මංගල මහා චෛත්‍යය රාජයාට අරක් ගත් නාගයින් මෙසේය. සුමන නාරජු ගේ පිරිවර වු හය කෝටියක් පමණ නාගයන් ය. ඔහු ගේ මෑනියන් ගේ පිරිවර වු තුන්කෝට්යක් නාග මාන විකාවන් ය . , ජයසේන නාරජු ගේ දෙකෝටියක් පමණ නාගයින් ය, සමනුප්පල නාරජුගේ පිරිවර වු කෝටියක් නාගයින් සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයන් වහන්සේට අරග් ගත් බව දත යුතුය.

ගයාන් චානුක මහතාගෙ සේරුවිල මංගල චෛත්‍යය වර්ණනාවෙන් සුළු කොටසකි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2pj4eJL
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 94 🧡💛

රන් වැසි දඹදිව පුරා වස්වමින් මෙලොවට පහල වු කෝණාගමන බුදුහාමුදුරුවෝ 01

කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවුණායින් පසුව මිනිස්සුන්ගේ ආයුෂ නැවතත් පිරිහෙන්නට වුනා. ඒ පරමායුෂ වසර දහය දක්වා. නැවතත් වසර දහයේ සිට අසංඛ්‍යය දක්වා වැඩිවූ පරමායුෂ අවුරුදු තිස්දහසක් පිරිහුණ කාල පරිච්චේදයේ කෝනාගමන භාග්‍යවතුන් වහන්සේ මෙලොවට බිහිවුණා. උන්වහන්සේත් පෙරුම් පුරමින් පැමිණ අවසානයේ තුසිත දෙවු ලොව ඉපිද දෙවාරධනයෙන් පසුව එයින් චුතවී සෝභවාති නුවර පඤ්ඤදත්ත බ්‍රාහ්මණයාගේ භාර්යාව වූ රූපාදී ගුණයෙන් අනුත්තර වූ උත්තරා නම් බැමිණියගේ කුසතුල පිළිසිඳ ගත්තා.

සෝභවාති නුවර අසල ඒ නමටම සරිලන සෝභමාන උයනක් තිබුණා සුභගවතී කියලා. දසමසක් ඇවෑමෙන් පස්සේ කෝණාගමන බෝධිසත්වයන් වහන්සේ සුභගවතී උයනේදී තමයි මෙලොව එළිය දුටුවේ. ඒ බොසතාණන් වහන්සේ ඉපදෙන විටම මුළු දඹදිව පුරාවටම රන් වරුසාවක් වහින්නට පටන් ගත්තා. ඒ උන්වහන්සේගේ පුණ්‍ය මහිමයට. එලෙස රන්වැසි පැමිණි නිසාම උන්වහන්සේට නම් තබන්නෝ නම් තබන දිනයේ කනකාගමන යැයි නම් තැබුවා. පසුකාලයේ ඒ නම කෝණාගමන යනුවෙන් පරිණාම වුනා කියලා අටුවාවේ කියනවා.

උන්වහන්සේ අවුරුදු තුන්දහසක් ගිහිගෙයි වාසය කරනවා. ඒ තුසිත සන්තුසිත සන්තුට්ඨි නම් දිව්‍ය සැප බඳු ලෞකික සැප ඇති තුන් පහයන් තුල. රුචිගත්තා බ්‍රහ්මණිය පරමුඛ දහසයදහසක් වු ස්ත්‍රීන් උවැටන් කරනු ලබනවා. එහෙත් උන්වහන්සේත් සතර පෙර නිමිති දැක රුචිගත්තා බ්‍රහ්මණියට සත්ථවාහ නම් පුතු උපන් දිනයේම ගිහිගෙයින් නික්මෙන්නේ ඇත්යානයකින්. ඒ තනියම නෙවෙයි. තිස්දහසක පිරිවරත් සමග.

❤💚💛🧡 විශේෂ පුණ්‍යානු මෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
14-11-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2XdnJjD
පිංවත් දුවෙකු / පුතෙකු අපේක්ෂාවෙන් සිටින ඔබට… ගැබිනි මව්වරුන් සදහා දැනට මෙවන් වීඩියෝ පට ඇත්තේ ඉතා අල්පයක් නිසා අප මෙය ඉදිරිපත් කිරීමට සිතුවා. ධර්මදාන පිණිස මෙම වීඩියෝව ශෙයා කරන්න.