Monthly Archives: December 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/36VY2I1
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 108 🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 03

සදුන් කුඩු කරවා කරඩුවක් පුරවා විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගේ රන්වන් සිරුර පුදා ඉතිරි සදුන් කුඩු ගදකිලියෙහි විසුරුවා “ස්වාමීනි,අනාගතයෙහි නුඹ වහන්සේ වැනි බුදුකෙනෙකුට මව වන්නෙමියි”ප්‍රාර්ථනා කල කුමරිය ගැන මිට ඉහත ලිපියේ කිවා. ඒ සදුන් කුඩු පුජාවේ විපාක වශයෙන් රන් හදුන් ඉසින ලද්දක් වැනි ශරීර ඇති ව දෙවියන් අතර ද මිනිසුන් අතර ද සැරිසරන්නී තව්තිසා භවනයෙහි සක්දෙව් රජුගේ අගමෙහෙසිය වී ඉපදී බොහෝ කල් එහි දිව්‍යමය සම්පත් වින්දා. ඒත් දිව්‍ය තලයේත් පැවැත්ම සදාකාලික නැහැ. පින් ක්ෂය වුනහම එයිනුත් නික්මෙන්න ට ඕනේ. ඒ ධර්මතාවයට අනුවම ඇයගේත් ආයු කෙළවරවීමේ පෙරනිමිති පහළ වුනා. එය දුටු සක් දෙව් රජ ඇයව මහත් හරසරින් නන්දන උයන වෙත කැඳවාගෙන පැමිණියා. එහි විශේෂ අලංකෘත සයනක් මත ඇයව සැතපු සක්දෙවිදුන් ඇය අසලින් ඉඳගත්තා. එලෙස එය අසලින් හිද ඇයට අනුකමපා පිණිස මෙලෙස කිවා.

“සොඳුරිය ථුසතිය, ඔබහට දැන් සදෙවූ ලොවෙන් නික්මීමට කාලය පැමිණ ඇත. මම නුබට වර දහයක් දෙමි. ඒවා ගන්න ” මහ පොළව මත යමක් ඔබ සිතට ප්‍රිය වේද එය ගන්න. .

ඒවට ඒ දෙවුලියට අයගේ ආයුෂ ඛ්සය වී ඇති බව එක්වරම වැටහුනේ නැහැ. එය සක්දෙවිදුගේ ඒ වදනෙන් කම්පනයටත් ශෝකයටත් පත්වුනා. ඇය මෙලෙස බැගෑපත් වන්නට වුනා.

“සක්දෙව් රජුනි, ඔබට නමස්කාර වේවා! කිමා කුමන වරදක්කර ඇත්තේද? කුමන කරුණකින් මම නුබ වහන්සේට අප්‍රිය වෙම්ද? මනරම්ව වැඩුණු ගසක් බිම හෙලන්නාක් වූ මාරුතයක් මෙන් කුමක් හෙයින් සිත්කලු වූ තැනින් මා පහ කරන්නේද?

මොහොතෙන් මොහොත ඇයගේ චුතවිමේ කාලය ලගා වෙමින් තිබුණා. එය ශක්‍ර දිවය රාජයාහටවත් වෙනස් කරන්න නොහැකි වුනා. ඇයට ද තමා ගත යුතු අවසන් කැමැත්ත නොහොත් වරය ගැන අවධානයක් තිබුනේ නැහැ. ඒ නිසාම සක්දෙවිඳු මහත් කරුණාවෙන් නැවත නැවතත් ඇයට මතක් කරන්නට් වුනා.

“ඔබ විසින් වරදක් නොකරන ලද්දේමය. ඔබ මට අප්‍රිය ද නොවෙයි. එහෙත් ඔබගේ ආයුෂ කෙලවර වී ඇත. ඒ නිසා මෙම වර දහය ගන්න. ”

එවිට මෙහෙසිය තමාගේ ආයු කෙලවර වී ඇති බව දැන සක්දෙව් රජ විසින් වර ලබාගනු සදහා කරන ලද අවකාශ ඇතිව සියලු දඹදිව්තලය දෙස උපතක් සඳහා බලන්නට වුනා. එවිට තමාට සුදුසු සිවිරජුගේ නිවෙස්න දැක මෙලෙස වර දහයක් සක්දෙවිදුගෙන් ඉල්ලා සිටියා.

🌹 වෙස්සන්තර රජුගේ මව සක්දෙවිදුගෙන් ලැබූ වර දහය !

1. සිවිරජුගේ භවනෙහි අගමෙහෙසිය වේවා,
2. නිල්වන් ඇස් ඇති වේවා,
3. නිල්වන් බැම ඇති වේවා,
4. එහිදී ථුසති යන නමින් යුක්ත වේවා,
5. කැමති සම්පත් දන්දෙන, කැමති දේ ඉල්ලන්නට සුදුසු, කිර්ති ඇති, පිරිවර ඇති, ගුණ විශේෂයන් යුත් යටත් රජුන් විසින් පුදනු ලබන පුතකු ලබම්වා
6. ගැබ් දරණ මගේ කුස උස් නොවේවා. සමසේ ලියවුණු දුනු මිටක් සෙයින් උස් නොවූ මැද පෙදෙස වේවා,
7. සක්දෙවූ රජුනි, මගේ පියවුරු පහතට කඩා නොවැටේවා,
8. කිසිකළෙක සුදුකෙස් ඇති නොවේවා,
9. සියුම් සමක් ඇති වේවා,,
10. වදයට පැමිණි ජනයන් එයින් මුදවන්නට හැකි බවය,යන මේ වර දහය ලබා ගනු ලැබුවා.

මෙසේ ඈ වරයන් ගෙන දෙවුලොවින් චුතව මදුරජුගේ අගමෙහෙසිය කුස උපන්නා. ඇය උපදින විට සදුන්සුනු තවරන ලද්දක් බදු ශරීර ඇතිව උපන්නා. එහෙයින් ඇයට නම් තබන දිනයෙහි “ථුසති” යයි නම් කරනු ලැබුවා. ඒ නම ඈ මහත් පිරිවර සහිතව වැඩී සොළොස් හැවිරිදි කළ උතුම් රූප ඇත්තියක් වුනා. ඉන්පසු ඇය ජෙතුත්තර නගරයෙහි සිව්මහ රජුගේ පුතා වූ සංජය කුමාරයා සදහා කැදවා සේසත් නන්වා ඇය සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍රධාන කොට අග මෙහෙසිය තනතුරෙහි තැබුවා. ඒ වගේම ඕතොමෝ සංජය රජුට ප්‍රිය මනාප ස්ත්‍රියද වුනා. මේ වෙන කවුරුත් නෙවෙයි. අප මහා බෝසතාණන්ගේ මෑණියන් වහන්සේ.

❤💚💛 මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
18-12-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/36NRoTP
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 107 🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 02

වෙස්සන්තර රජුගේ මව සහ මහා මායා දේවිය

මෙයින් අනු එක්වන කල්පයෙහි විපස්සී නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූනා. උන්වහන්සේ පිළිබඳව මිට ඉහත අප විසින් දීර්ඝ විස්තරයක් කළා. උන්වහන්සේ බන්ධුමති නුවර ඇසුරු කොට ක්‍ෂේම වූ මිගදායෙහි වැඩ වසන කාලයේ බන්ධුමතී නමින් රජ කෙනෙක් වාසය කළා. ඒ රජතුමාට කිසියම් රජකු විසින් ඉතා වටිනා සදුන් අරටුවකුත් ලක්ෂයක් වටිනා රන්මාලයකුත් තුටු පඬුරු වශයෙන් එවනු ලැබුවා. රජතුමා ඒ රන්මාලය තම බාල දියණියටත් සඳුන් අරටුව තමාගේ දෙටු දියණියටත් තෑගි වශයෙන් දුන්නා. ඒ දියණියන් දෙදෙනාම මහත් වූ සිල්වත් ත්‍රිවිධ රත්නය කෙරෙහි මහත් වූ භක්තියකින් දැහැමි සිල්වත් ජිවිතයක් ගත කල දානාදියට ඉමහත් කැමැත්තක් ඇති කුමරියන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාම එකවර තීරණය කලේ මේ වටිනා ත්‍යාගයන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට නොගෙන එකල ලොව පහල වී සිටි විපස්සි බුදුහාමුදුරුවන්ට පුජා කිරීමටයි. දැන් අප අතරෙත් එහෙම අය ඉන්නවා. ඔබත් එහෙම කෙනෙක් වෙන්නටත් බැරි නැහැ. බලන්න මේ ප්‍රර්ථනා වල බලවත්කම. වැඩිමහල් කුමරිය ඒ ඉතා වටිනා සඳුන් අරටුව සියුම් ලෙස සදුන් කුඩු කරවා කරඩුවක් පුරවා විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගේ රන්වන් සිරුර පුදා ඉතිරි සදුන් කුඩු ගදකිලියෙහි විසුරුවා “ස්වාමීනි,අනාගතයෙහි නුඹ වහන්සේ වැනි බුදුකෙනෙකුට මව වන්නෙමියි” ප්‍රාර්ථනා කලා. බාල නැගෙණිය ඒ රන් මාලය උනුකරවා රන්නුලකින් තැනු පපුවැස්මක් තනා තථාගතයන් වහන්සේගේ රන්වන් සිරුර මත පුදා (පැතිකඩ) ස්වාමිනි යම් දිනක රහත්බවට පත්වනතෙක්ම මෙම පලදනාව මගේ ශරීරයෙන් ඉවත් නොවේවා යනුවෙන් ප්‍රර්ථනා කළා. සාස්තෘන් වහන්සේ ඔවුන් දෙදෙනාටම අනුමෙවෙනි බණ දේශණා කලා. ඒ දෙදෙනාම දිවි ඇති තෙක් සිට දෙව්ලොව උපන්නා.

ඔවුන් අතරින් බාල දියණිය ඒ කිවේ රනින් කල පැතිකඩ පුජා කල දියණිය කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලයේ කිකී රජුගේ දියණිය වී උපන්නා. සිතුවමකින් කලාක් මෙන් උරස්මාලයකින් සැරසීගත් පපුපෙදෙසෙකින් යුක්තවූ බැවින් උරච්චදා නම් වූ කුමාරිකාව වී සොලොස්වියේදී සාස්තෘන් වහන්සේ භුක්තානුමෝදනා ධර්මදේශනයක් අසා සෝවාන් පලයෙහි පිහිටා පසුකාලෙක භුක්තානුමෝදනාව අසද්දීම පියා සෝවාන්ඵලයට පත් දවසේම රහත්බවට පත්ව පැවිදිවී පිරිනිවන්පෑව. බාල සොහොයුරියගේ සසර ගමන එලෙස එතැනින් අවසන් වුනා.

මම මිට පෙරත් කිවා වගේ හරිම පුදුමයි සසර ගමන. එක බුද්ධශානායක පිරිවර වරෙක කල්‍යාණ මිත්‍රයෝ, වරෙක යහළු යෙහෙළියෝ, වරෙක සහෝදර සහෝදරියෝ වරෙක එකම ජනපදයක ගම්වැසියෝ, වරෙක එකම රජකෙනෙකුගේ සෙනෙවිවරු බිසෝවරු. ඉහතින් කී අයුරින් කිකී රජතුමාගේ දෙටු දියණිය පිරිනිවන් පෑවයින් පස්සේ කිකී රජතුමාට තවත් දියණියන් සත්දෙනෙක් ලැබුණා.

1. සමණී 2. සමණගුත්තා 3. භික්ඛුණී 4. භක්ඛදායිකා 5. ධම්මා 6.සුධම්මා 7. සංඝදාසි යන සත්දෙනායි.

ඔවුන් අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ පිළිවෙලින්

1. ඛේමා 2. උප්පලවණ්ණා 3. පටාචාරා 4. ගෝතමී 5. ධම්මදින්නා 6.මහාමායා 7. විශාඛා යනුවෙනුයි.

ඔවුන් අතරින් සුධර්මා දියණිය තමයි විපස්සි බුදුරජාණන් වහන්සේට සඳුන්සුනු පුජා කොට බුදුකෙනෙකුගේ මෑණියෝ වෙන්න කියලා ප්‍රර්ථනා කලේ. ඇය මේ අත්මභාවයේ කිකී රජතුමාට දාව සුධර්මා රජ කුමරිය ලෙස ඉපිදී තව තවත් පිංකම් කොට සඳුන්සුනු පුජාවේ පුන්‍යාණුබල මහිමයෙන් රත්සඳුන් රස සංකලනයෙන් කළාක් බඳු සිරුරින් දෙවියන් අතරද මිනිසුන් අතරද හැසිරෙමින් පසුකලෙක ශක්‍රදෙවිදුන්ගේ අගමෙහෙසිය වී උපන්නා. ඒ පුණ්‍යමහිමයෙන් අප මහා බෝධිසත්වයන් වහන්සේගේ අවසන් ආත්මභාවය වන වෙස්සන්තර ආත්මභාවයේ මෑණියන් වන “එූසති” දේවියද, අප බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වන මහමාය දේවියද වශයෙන් වරම් ලබන්නට තරම් වාසනාවන්ත වුනා. දැන් මෙතැන සිට දිගහැරෙන්නේ ඒ සුධර්මා දේවිය එූසති දේවිය වශයෙන් ශක්‍ර දේවේන්ද්‍රයාගේ අගමෙහෙසිය වී ආයුෂ ඇතිතාක් කල් දෙවු සැපවිඳ දෙව්ලොවින් චුතවී වෙස්සන්තර රජුගේ මෑණියන් දක්වා පැමිණි මනහර කතා පුවතයි.

❤💚💛 මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
17-12-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2rWvBdQ
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 106 🧡💛

🌹 පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී, එකවර වැඩූ මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 01

මිට පෙර ලිපියේ පාරමිතා පිළිබඳව කෙටි හැඳින්වීමක් සහ ඒ ඒ පාරමිතා පුරණය කල ජාතක කතා පිළිබඳව කෙටි විස්තරයක් කළා. දැන් මේ ලියන්න යන්නේ අප මහා බෝසතාණන් වහන්සේගේ බුදුවීමට ප්‍රථම මෙළොව ගත කල අවසන් ආත්මභාවයත් එහිදී මහ පොළව සත්වරක් කම්පා කරමින් සිදුකල මහා දාන පාරමිතා පිළිබඳව සෑම නෙතකටම කඳුලක් එක කරන වෙස්සන්තර කතා පුවතයි.

🌹 වර්තමාණ කතාව
“ථුසතිවර වණණාහෙ” යන මේ ගාථා කොටසින් ඇරබෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ කපිලවත්තුපුරය ආශ්‍රයකොට නිග්‍රෝධාරාමයේ වැඩවසද්දී දේශනා කරනු ලැබුවා.

යම්කලෙක ශාස්තෘෘන් වහන්සේ පවත්වන ලද උතුම් දම්සක් ඇත්තේ පිළිවෙලින් රජගහනුවරට ගොස් එහි ශිතකලය ගත කොට මර්ගදේශක වූ උදායී තෙරුන් විසින් විසිදහසක් රහතන් වහන්සේලා පිරිවරා කපිලවස්තු පුරයට වැඩම කළා. ඒ කාලයේ ශාක්‍ය රජවරු අපගේ ඤාති ශ්‍රේෂ්ඨයාව දකිමුයි රැස්වී භාග්‍යවතුන් වහන්සේට වැඩසිටීමට යෝග්‍ය තැනක් සොයන්නාහු නිග්‍රෝධ ශක්‍රයාගේ ආරාමය සුන්දරයි සළකා එහි සියළු සංස්කරන වැඩ යොදා සුවද මල් ආදිය ගත අත් ඇතිව පෙරගමන් කරන්නට වුනා. හැබැයි වැඩිමල් ශාක්‍ය වංශිකයෝ ඉදිරියෙන් ගියේ නැහැ. සියළු අලංකාරයන්ගෙන් සැරසුණු ලාබාල නගර දරුවන් ද දැරියන්ද පළමුකොට යවනු ලැබුවා. ඒ පසු පස තරුණ රාජකුමරයන්ද, කුමාරිකාවන්ද ඔවුන්ට පසුව තමන්ද ගදමල් සුවදසුණු ආදියෙන් ශාස්තෘෘන් වහන්සේට පුජා පවත්වමින් භාග්‍යවතුන් වහන්සේව වැඩමවාගෙන නිග්‍රෝධාරාමයට ගියා. එහිදී භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් රහතන් පිරිවරාගෙන පනවන ලද උතුම් ආසනයෙහි වැඩ සිටියා.

🌹 ශුද්ධෝදන රජු ඇතුළු ශාක්‍යයන් බුදුහාමුදුරුවන්ට නොවැඳ මාන්නයෙන් පසුපසට වී සිටීම.

මානයෙන් පෙළුණු ශාක්‍යයෝ, සිද්ධාර්ත කුමාරයන් අපට වඩා බාලය,අපගේ බෑනය, පුතාය, මුනුබුරාය අදී ලෙස සිතා, තරුණ රාජකුමාරවරුන්ට මෙසේ කීවාය.
” නුබලා වදීව්. අපි පසුපසින් සිටින්නෙමු.”

🌹 ශාක්‍යයන්ගේ මානය බිඳීම සහ යමක ප්‍රාතිහාර්ය පෑම.

මෙසේ වයෝවුර්ද ශාක්‍යයෝ නොවැද මෙසේ හුන්කල්හි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අදහස් දැනගෙන ” නෑයෝ මට නොවදිත්.දැන් වන්දවන්නේමියි” අභිඥාපාදක ධ්‍යානයකට සමවැදී ඉන් නැගිට අහසට නැගී ඔවුන්ගේ හිසට පාදුවිලි ඉසින්නාක් මෙන් ගණ්ඩබ්බ වෘක්ෂමුලයේ පැවැත්වූ යමක ප්‍රාතිහාර්යට සමාන ප්‍රාතිහාර්ය පාන්නට වුනා. රජු ඒ ආශ්චර්ය දැක මෙසේ කීවා.

“ස්වාමීනි, ඔබවහන්සේ උපන් දිනයේ කාලදේවල තාපසයාට වැන්දවීම පිණිස යොමුකළ ඔබගේ පා පෙරළී ගොස් බ්‍රාහ්මණයාගේ හිසෙහි පිහිටි සැටි බලා මම ඔබවහන්සේට වැන්දෙමි.මේ මාගේ පළමු වදීමයි. වප්මගුල් දිනයේ දඔරූකමුල ශ්‍රී යහනාවේ සිටියා වූ ඔබවන්සේ දඔ සෙවනෙහි නොසිටි බව දකීමේන් ද ඔබවහන්සේගේ පා වැඳිමි. මේ මාගේ දෙවැනි වැදීමයි. දැන් මේ නුදුටුවිරු ප්‍රාතිහාර්ය දැක ද ඔබවන්සේගේ පා වදිමි. මේ මාගේ තුන්වන වැදීමයි.”

රජු වැන්ද කල්හි නොවැද සිටිය හැකි එක් ශාක්යයෙක්වත් හිටියේ නැහැ. සියල්ලෝම වැන්දා. මෙසේ භාග්‍යවතුන් වහන්සේ නෑදෑයන් ලවා වන්දවා අහසින් බැස පැනවූ ආසනයෙහි වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කල්හි නෑයෝ එක්රැස් වුනා. සියළුදෙනාම එක්සිත් ඇත්තෝ වුනා.

🌹 ආශ්චර්ය අද්භූත පොකුරු වැසි වැස්සවීම.
ඉන් අනතුරුව අප මහා බුදුපියාණන් වහන්සේ තව දුරටත් ඔවුන්ගේ මානය සිඳලීම සඳහා මහා පොකුරු වැස්සක් වස්සවන්න අධිෂ්ඨාන කළා. එවිටම මහා මෙඝයක් නැගී පොකුරු වැස්සක් වසින්නට පටන් ගත්තා. තඔවන් ජලය පහතට නද දෙමින් ගාලා බසින්නට වුනා. ඒ පොකුරු වැස්සේ අනික් වැස්සට වඩා විශේෂයක් තියෙනවා. යමෙක් තෙමෙනු කැමැත්තෙ ද, ඔවුන් තෙමෙනවා. යමෙක් නොතෙමෙනු කැමතිනම් ඔවුන්ගේ ශරීරයේ ජලබිදුවක්වත් දැවටෙන්නේ නැහැ. මේ මහා පොකුරු වැස්ස දැක සියල්ලෝම ආශ්චර්ය අද්භූත සිත් ඇත්තන් වුනා. “අහෝ පුදුමය. බුදුවරුන්ගේ ආනුභාවයෙන්” නෑ සමාගමයෙහි මෙබදු පොකුරු වැස්සක් වැස්සේ ද යන කථාවක් පැතිර ගියා. එය අසා ශාස්තෘෘන් වහන්සේ “මහණෙනි, දැන් පමණක් නොවෙයි, පෙරද මාගේ ඤාති සමාගමයේදී මහා මේඝයක් ඇතිවී පොකුරු වැස්සක් වස්සේයයි වදාරා ඔවුන් විසින් ආයාචනා කරන ලද්දේ වෙස්සන්තර අතීත කථාව මෙලෙස ගෙනහැර දක්වන්නට වුනා.

❤💚💛 මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
16-12-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2YSU67Z
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 105 🧡💛

සුවිසි විවරණයේ සිට වෙස්සන්තර ජාතකය දක්වා පැමිණි දීර්ඝ ගමන කෙටියෙන්. 02

මිට පෙර අපේ බුදුහාමුදුරුවෝ 15 වෙනි ලිපියෙහි පාරමිතා සම්බන්ධව විස්තර සහිතව ඵල කළා. එය කියවූ නැති කෙනෙකු ඇත්නම් කරුණාකර කියවන්න. සාමාන්‍යයෙන් පාරමිතාව එකක් වුව ත් පාරමිතාව ය, උප පාරමිතාව ය, පරමාර්ථ පාරමිතාව ය, යනුවෙන් කොටස් තුනකට බෙදා වෙනකොට දක්වන්නේ ඒ ත්‍රිවිධ බෝධීන්හට අනුග්‍රහ දක්වන ආකාරය මත. මෙහිදී සම්මා සම්බුදුවරයකු වූ අපේ බුදුහාමුදුරුවෝ ඒ තිස්ආකාර පාරමී සම්පුර්ණ කළා වූ ආත්මභාව දස දහස් ගණනක් අතරෙන් කිහිපයක් ගැන සඳහන් වෙනවා.

🌷 දස පාරමී

1. දාන පාරමිතාව
2.ශීල පාරමිතාව
3.නෙක්ඛම්ම පාරමිතාව
4.පඤ්ඤා පාරමිතාව
5.විරිය පාරමිතාව
6.ඛන්ති පාරමිතාව
7.සච්ච පාරමිතාව
8.අධිෂ්ඨාන පාරමිතාව
9.මෙත්තා පාරමිතාව
10.උපේක්ඛා පාරමිතාව

දැන් ඉහතින් දැක්වූ තුන් ආකාර වූ දස පාරමිතා සම්මා සම්බුදු බුදුවරයෙකු විසින් පාරමී, උප පාරමී, පරමාර්ථ පාරමී යනුවෙන් තුන් ආකාරයකට වැඩිය යුතුය. එවිට එය පහත දැක්වෙන පරිදී තිස්ආකාර වේ.

1.දාන පරමී 2.දාන උප පාරමී 3.දාන පරමත්ථ පරමී
4.ශිල පාරමී 5.ශීල උප පාරමී 6.ශිල පරමත්ථ පාරමී
7.නෙක්ඛම්ම පාරමී 8.නෙක්ඛම්ම උප පාරමී 9.නෙක්ඛම්ම පරමත්ථ පාරමී
10.පඤ්ඤා පාරමී 11.පඤ්ඤා උප පාරමී 12.පඤ්ඤා පරමත්ථ පාරමි
13.විරිය පාරමී 14.විරිය උප පාරමී 15.විරිය පරමත්ථ පාරමී
16.ඛන්ති පාරමී 17.ඛන්ති උප පාරමී 18.ඛන්ති පරමත්ථ පාරමී
19.සච්ච පාරමී 20.සච්ච උප පාරමී 21.සච්ච පරමත්ථ පාරමී
22.අධිෂ්ඨානපාරමී 23.අධිෂ්ඨාන උප පාරමී 24.අධිෂ්ඨාන පරමත්ථ පාරමී
25.මෙත්තා පාරමී 26.මෙත්තා උප පාරමී 27.මෙත්තා පරමත්ථ පාරමී
28.උපේක්ඛා පාරමී 29.උපේක්ඛා උප පාරමී 30.උපෙක්ඛා පරමත්ථ පාරමී

🌸🌼🌻 බෝසත් පාරමිතා පුර්ණය සහ දස පාරමී, දස උප පාරමි, දස පරමාර්ථ පාරමි සම්පුර්ණ කිරීම. 🌸🌼🌻

1.දාන පරමී 2.දාන උප පාරමී 3.දාන පරමත්ථ පරමී

අප බෝසතාණෝ මිට ඉහත ලිපියේ ආනිශංස ලබමින් ම සසර සැරිසරන්නට වුනා. එසේම අකිත්හි බ්‍රහ්මන කල ,ධනංජය රජ කල,මහා සුදස්සන කල, මහා ගොවින්ද කල,නිමි මහා රජ කල, චන්ද කුමාර කල,වියස්හ සිටුකල,සිවි රජ කල, වෙස්සන්තර කල,අදී දාන පාරමිතාව පිරූ අත්බැව් ප්‍රමාණයක් නැත. බෝසතානන් සසපන්ඩ්ත ජාතකයෙහි සස හෙවත් හා යෝනියෙහි ඉපිද දාන පාරම්ය පිරූ අයුරු,

🌹 “ආහාර සොයා තමා වෙත බමුණු වෙසින් පැමිණි සක් දෙවිදුට සිය සිරුර පිරිනැමීය. දානයෙන් මා හා සමාන කෙනෙකු නැත.මේ මාගේ දාන පාරමිතාවයි.”🌹

සිය ජිඉවිතය පරිත්‍යග කැරෙන බෝසතුන්ගේ මේ දාන පාරමිතාව දාන පරමත්ථ පාරමිතා නම් විය.

4.ශිල පාරමී 5.ශීල උප පාරමී 6.ශිල පරමත්ථ පාරමී

එසේ ම සීලව නා රජ කල, චම්පෙයිය නා රජ කල, භුරිදත්ත නා රජ කල, ජද්දන්ත නා රජ කල,ජයද්දිස රජ කල, අලීනසත්තු කුමාර කල අදී ශීල පාරමිතාව පිරූ අයුරු,

🌹 “හුල්වලින් සිරුර විදින කල්හි ද අඩයටිවලින් කොටන කල්හි ද වැදී පුත්‍රයන් කෙරෙහි මම නො කිපෙමි. මේ මාගේ ශීල පාරමිතාවයි.” 🌹

මෙසේ ජීවිතය පරිත්‍යාග කිරීම ශිල පරමත්ථ පාරමිතා නම් විය.

7.නෙක්ඛම්ම පාරමී 8.නෙක්ඛම්ම උප පාරමී 9.නෙක්ඛම්ම පරමත්ථ පාරමී

එසේම සෝමනස්ස කුමාර කල, හත්තිපාල කුමර කල,අයෝඝර පණ්ඩිත කල මහා රාජ්‍යන් අත්හැර නෙක්ඛම්ම පාරමිතාව පිරූ අත්බැව් ගණන් නැත. විශේෂයෙන් චුලසෝතම ජාතකයෙහි නෙක්ඛම්ම පරමත්ථ පිරූ අයුරු,

🌹 “අතට පත් මහා රාජ්‍යන් මම කෙළ පිඩක් මෙන් ඉවත දැමීමි.එසේ ඉවත දමන මට ඒ පිළිබද ඇලීමක් ඇති නො විය.මේ මගේ නෙක්ඛම්ම පාරමිතාවයි.”🌹

ඇලීමක් නැති බැවින් රාජ්‍යන් අත්හැර නික්මෙන බෝසතුන්ගේ නෙක්ඛම්ම පරමත්ථ පාරමිතා නම් විය.

10.පඤ්ඤා පාරමී 11.පඤ්ඤා උප පාරමී 12.පඤ්ඤා පරමත්ථ පාරමි

එසේම විධුර පණ්ඩිත කල, මහා ගෝවින්ද පණ්ඩිත කල,කුද්දාල පණ්ඩිත කල,අරක පණ්ඩිත කල,බෝධි පරිබ්බාජක කල,මහෝෂධ පණ්ඩිත කල,ආදී පිරූ ආත්ම භව ප්‍රමාණ නැත.විශේෂයෙන් සත්තුභස්ත ජාතකයෙහි ප්‍රඤ්ඤා පාරමිතාව පිරූ අයුරු,

🌹 “මම මගේ නුවණින් විමසා දුකට පත් බමුණා එම දුකින් මිදවිමි. නුවණින් මා හා සමාන කෙනෙකු නැත. මේ මාගේ ප්‍රඤ්ඤා පාරමිතාවයි. 🌹
පසුම්බිය ඇතුලත සිටි නාගය ගෙන හැර දැක්වූ පාරමිතාව, ප්‍රඤ්ඤා පරමත්ථ පාරමිතාව නම් විය.

13.විරිය පාරමී 14.විරිය උප පාරමී 15.විරිය පරමත්ථ පාරමී

එසේම විරිය පාරමිතා ආදී අනෙක් පාරමිතාවන් පිරූ ආත්ම භව ප්‍රමාණ කල නොහැක.විශේෂයෙන් මහා ජනක ජාතකයෙහි වීර්ය පරමත්ථ පාරමිතාව පිරූ අයුරු,

🌹 “පරතෙර නො පෙනෙන මහ මුහුද මැද මා සමග සිටි සියලු මිනිසුන් මළහ.පරතෙරට යා නො හැකි යැයි දෙගිඩියාවක් මා සිත නොවීය. මේ මාගේ වීර්ය පාරමිතාවයි.” 🌹

මෙසේ මහා මුහුද තරණය කිරීමේ වීර්ය පාරමිතාව,වීර්ය පරමත්ථ පාරමිතාවයි.

16.ඛන්ති පාරමී 17.ඛන්ති උප පාරමී 18.ඛන්ති පරමත්ථ පාරමී

ඛන්තිවද ජාතකයෙහි,

🌹 “කසී රජ මා සිත් නැති මළ සිරුරක් මෙන් තියුණු මුවහත් පොරවෙන් කොටන කල්හි ඔහු කෙරෙහි නො කිපියෙමි.මේ මාගේ ඛන්ති පාරමිතාවයි.”🌹
මෙසේ අචේතනයෙකු මෙන් මහා දුකක් විදි බෝසතුන්ගේ පාරමිතාව,ඛන්ති පරමත්ථ පාරමිතාවයි.

19.සච්ච පාරමී 20.සච්ච උප පාරමී 21.සච්ච පරමත්ථ පාරමී

මහ සුතසෝම ජාතකයෙහි,

🌹”මාගේ ජීවිතය පරිත්‍යාග කොට සත්‍ය වචනය ආරක්ෂා කරමින් එකසිය එකක් රජුන් මරණයෙන් මුදාලීය. මේ මාගේ පරමත්ථ සත්‍ය පාරමිතාවයි.🌹
මෙසේ ජීවිතය අත්හැර සත්‍ය වචනය ආරක්ෂා කිරීම සච්ච පරමත්ත පාරමිත විය.

22.අධිෂ්ඨානපාරමී 23.අධිෂ්ඨාන උප පාරමී 24.අධිෂ්ඨාන පරමත්ථ පාරමී

මුගපක්ඛ ජාතකයෙහි,

🌹”මව්පියෝ මට අප්‍රිය වුවෝ නොවෙති. මහා සම්පත් ද මට අප්‍රිය නොවේ. බුද්ධත්වය මට ප්‍රියයි.එම නිසා දැඩි අධිෂ්ථාන කර ගනිමි.” 🌹

මෙසේ ජිවිතයද අත්හැර බලවත් අධිෂ්ඨානයෙන් ව්‍රත ශිල ආරක්ෂා කිරීම අදිෂ්ඨාන පරමත්ථ පාරමී නම් විය.

25.මෙත්තා පාරමී 26.මෙත්තා උප පාරමී 27.මෙත්තා පරමත්ථ පාරමී

එකරාජ ජාතකයෙහි,

🌹” මා දැක කිසිවෙක් බය නො වන්නෝය. මම ද කිසිවකු දැක බය නො වෙමි.මෛත්‍රී බලයෙන් ශක්තිමත් වූ මම හැම කල්හි මහා වනයෙහි සතුටින් වෙසෙමි.” 🌹
මෙසේ ජීවිතය ද නො බලා මෛත්‍රී වඩන බෝසතුන්ගේ පාරමිතාව මෙත්තා පරමත්ථ පාරමී නම් විය.

28.උපේක්ඛා පාරමී 29.උපේක්ඛා උප පාරමී 30.උපෙක්ඛා පරමත්ථ පාරමී

ලෝමහංස ජාතකයෙහි,

🌹 “මම මිණි ඇට පොදියක් හිස කොට්ටය කොට තබාගෙන සොහොනෙහි සැතපෙමි.ගොපළු දරුවෝ අවුත් විවිධ කෙළ ගැසීම්,උසුළු විසුළු ආදී විරූප දර්ශන කරත්,”🌹

මෙසේ ගම දරුවෝ සමහරු කෙළ ගැසීම් ආදිය කරත්දීත් සමහරු සුවද මල් ආදියෙන් උපහාර කරත්දීත් ඔවුන් කෙරෙහි මැදහත් බව නො ඉක්මවීම, බෝසතුන්ගේ උපේක්ෂා පරමත්ථ පාරමිතාව විය.

මේ දැක්වුයේ සංක්ෂේපයෙනි. මෙහි විස්තර චරියා පිටකයෙන් ගත යුතුයි.මෙසේ පෙරුම් පුරා වෙස්සන්තර භවයෙහි සිටි බෝසතාණෝ , සිත් පිත් නැති, සැප දුක් දැනීම් නැති, මහපොළොව පවා මාගේ දාන පාරමිත බලයෙන් සත් වරක් කම්පා විය.”මෙසේ පොළොව කම්පා කරන මහා පින් කොට බෝසතාණෝ ආයූ කෙළෙවර වෙසතුරු අත් බැවින් චුත ව තුසිත පුරයෙහි උපන්හ. මතෙක් දීපංකර පාද මුලයෙහි සිට තුසිත පුර ඉපදීම දක්වා පවතී කථා පුවත් දුරේ නිදාන නැමැයි දත යුතුයි.

❤💚💛🧡 විශේෂ පුණ්‍යානු මෝදනාව –

මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
15-12-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2En5hwk
බුදුසමයේ ගැඹුරු පැතිකඩ අලලා හාවර්ඩ් සරසවියෙන් නොමිලේ පාඨමාලාවක්

ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන ඇමෙරිකාවේ හාවර්ඩ් සරසවිය (www.harvard.edu), සිය ශාස්ත්‍රීය මෙහෙවර තවත් පුළුල් කරමින් බෞද්ධ දර්ශනය සහ එහි ඉගැන්වෙන ශුන්‍යතා ප්‍රතිපදාව පිළිබඳ ගැඹුරු හැදෑරීමක් සඳහා වන පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා.

හාවර්ඩ් සරසවිය බෞද්ධ දර්ශනය පිළිබඳ බොහෝ කාලයක පටන් පාඨමාලා ඉදිරිපත් කළ අතර, ඉන් ඔබ්බට යමින් මෙතෙක් කලක් ඉදිරිපත් නොකළ බෞද්ධ දර්ශනයේ ගැඹුරු ඉසව් කෙරෙහි සිසුන්ගේ අවධානය යොමුකිරීමටයි මෙමඟින් පියවර ගෙන ඇත්තේ.

එම පාඨමාලාව නම්කර ඇත්තේ “Buddhism Through Its Scriptures” ලෙසින්.

මනුෂ්‍ය සන්තානගත ආශාවන් තෘප්තිමත් කිරීම උදෙසා ඔහු ගන්නා වෙහෙසෙහි නිස්සාරත්වය සහ එහි අවසන් ඵලය වන දුක පිළිබඳ ඉගැන්වෙන බුදු දහමෙහි හරය හෙවත් දුකෙන් මිදීම සහ ඒ සඳහා ඇති ඒකායන මාර්ගය වන මැදුම් පිළිවෙත පිළිබඳ මෙම නව පාඨමාලාවෙන් ඉගැන්වීමට අපේක්ෂිතයි.

තාක්ෂණික මෙවලම්වල වහල් බවෙන් මිදිය නොහැකිව අන්ත අසරණවී සිටින වත්මන් මිනිසාට, කිසි විටෙක ඉන් සිය ආධ්‍යාමය තෘප්ත කළ නොහැකි බව අද වන විට වැටහෙමින් තිබේ.

ඒ ආධ්‍යාත්මික හිඩැස යම් තරමකට හෝ පූර්ණ කරගැන්මට අපේක්ෂා කරන ලොව පුරා විසිරී සිටින සත්‍ය ගවේෂණයට කැමැති සිසු සිසුවියන් වෙත හාවර්ඩ් සරසවිය මේ හරහා ඇරයුම් කර සිටී.

මෙය හුදෙක් බෞද්ධාගම පිළිබඳ ඉගැන්වෙන්නක් නොව, ප්‍රායෝගිකව මනුෂ්‍ය සන්තානයට නිවහල් බව ලබාදීම පිණිස නිර්මාණය වූවක් ලෙස හැඳින්වීම යෝග්‍යය.

මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ හාවර්ඩ් සරසවියෙහි මහාචාර්ය චාල්ස් හැලිසේ (Charles Hallisey) විසින්.