Monthly Archives: April 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JVrVx5
== මල් පූජා කරන ආකාරය දැක්වෙන නාගවිමාන වස්තුව ==

මේ මහා භද්‍රකල්පයෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළ වී වදාළා වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටවා එකල විසූ සැදැහැවත්හු යොදුනක් උසැති ස්වර්ණ චෛත්‍යයක් කරවූහ. ඒ චෛත්‍යයය පිරිවර සහිත කිකී රජතුමා හා නුවර වැස්සෝ ද, දනව් වැස්සෝ ද දිනපතා බොහෝ මල් ගෙන ගොස් පුදන්නාහ. එබැවින් මල් දුර්ලභ විය. එක් දවසක් උපාසකයෙක් මල් සොයනු පිණිස මාලාකාර වීථියේ ඇවිද එක් කහවණුවකට එක බැගිනි දු මල් සොයා ගත නොහී කහවණු අටක් ද රැගෙන මල් වත්තකට ගියේය. ඔහු එහි ගොස් “මේ කහවණු අටට මල් අටක් හෝ දෙව” යි කීය. “මල් සියල්ල නෙලා දී දැන් අවසන්ය.” යි මල්කරු කීය. උපාසක තෙමේ “මල් ඉතිරි වී ඇත්නම් මම සොයා ගන්නෙමි” යි කීය. “එසේ නම් උයනෙහි ඇවිද සොයා ගන්න” යයි මල්කරු කීය. උපාසක උයනට පිවිස ඇවිදිනුයේ බිම වැටී තිබූ මල් අටක් ලැබ ඒවා මල්කරු වෙත ගෙනැවිත් දක්වා ඔහුට කහවණු අට ගන්නට කීය. “මේ මල් ලැබී ඇත්තේ ඔබ පිනෙන් ය. ඒනිසා මේවාට මම මුදලක් නො ගනිමි” යි මල්කරු කීය. “මම නොමිලයේ මල් ගෙන භාග්‍යවතුන් වහන්සේට නො පුදමි” යි කියා කහවණු අට ඔහු ඉදිරියේ තබා මල් ගෙන චෛත්‍ය කරා ගොස් පහන් සිතින් පිදුවේය. උපාසක ඒ පිනෙන් මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන, තුන්කෝටි සැටලක්ෂයක් අවුරුදු ආයුෂය ගෙවී ගිය පසු ඔහු චුතව නැවත එහිම උපන්නේ ය. මෙසේ නැවත නැවත දෙව්ලොවම උපන් ඔහු අප බුදුන් සමයෙහි ද එහිම විසුවේය.

දිනක් මුගලන් මහ තෙරුන් වහන්සේ දෙව්ලොව චාරිකාවෙහි හැසිරෙන සේක්. මහත් වූ ශ්වේතහස්තිරාජයකු පිට නැගී අප්සරා සමූහයා විසින් පිරිවරන ලදුව පුන්සඳ මෙන්, හිරුමෙන්, දිසාවන් ආලෝක කෙරෙමින් මහත් වූ දිව්‍යානුභාවයෙන් අහස් හි ගමන් කරන ඒ දෙවියා දැක ඔහු වෙත වැඩම කළහ. දෙව්පුත් තෙරුන් වහන්සේ දැක ඇතු පිටින් බැස උන්වහන්සේට වැඳ සිටියේ ය. එකල්හි තෙරුන් වහන්සේ ඔහු අමතා “තොප මේ මහා සම්පත්තිය ලදුයේ අතීතයෙහි කළ කිණම් කුශලයෙකින් දැ” යි විචාළ සේක. එකල්හි දෙව්පුත්

අට්ඨෙව මුත්ත පුප්ඵානි කස්සපස්ස මහෙසිනො,
ථූපස්මිං අභිරොපෙසිං පසන්නො සෙහි පාණිහි,
තෙන මෙ තාදිසො වණ්ණෝ තෙන මෙ ඉධ මිජ්ඣති
උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

“හිමියනි, මම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට නටුවෙන් ගිලිහී වැටුණ මල් අටක් පහන් සිතින් සියතින් පිදුවෙමි. මාගේ කාන්තිමත් ශරීර වර්ණය ඒ පිනෙන් ඇතිවිය. මාගේ මේ දිව්‍ය සම්පත්තිය ඒ පිනෙන් ඇතිවූවකි. සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍ය භෝජනාදී වස්තුහු මට ඒ පිනෙන් පහළ වන්නාහ” යි කීය.

(විමානවත්ථු අටුවාවෙන්)

මෙකල මල් පුදනුවන් විසින් සිතට ගත යුතු වැදගත් කරුණක් ඉහත දැක්වූ කථාවෙහි ඇත්තේ ය. එනම් උපාසක තැන විසින් මල් නොමිලයේ නො ගැනීමය. පූජාව දානයටම අයත් පිනකි. දානය තේරුම් කර ඇත්තේ “අත්තුපකරණ පරිච්චාග චේතනාව” කියා ය. එනම් තමාට සම්පූර්ණයෙන් අයිතිය ඇති වස්තුවක් අනුග්‍රහ වශයෙන් හෝ පූජා වශයෙන් අනිකකුට පිරිනැමීම ය. මිලක් දෙන්නේ නැතිව නිකම්ම අනුන්ගෙන් දෙයක් ගෙන තවත් කෙනෙකුට දීම හෝ පිදීම වැදගත් දීමක් හෝ පිදීමක් නො වේ. වැදගත් වන්නේ තමා වෙහෙසී සපයා ගත්ත වූ හෝ මිලයට ගත්තා වූ හෝ දෙයක් දීම හා පිදීම ය. උපාසක තැන මල් නොමිලයේ නොගත්තෙ එසේ ගන්නා ලද්දක් පිදීමේ වැදගත් කමක් නැති බැවිනි. මෙකල බොහෝ දෙනා තමන් මහන්සි වී මල් සැපයීමක් හෝ මිලයට ගැනීමක් හෝ නොකොට අනුන් ගෙනෙන මල්වලින් ටිකක් ගෙන පුදන්නට බලාපොරොත්තු වෙති. එසේ කරන පූජාවල වැදගත් කමක් වටිනාකමක් නැති බව සැලකිය යුතුය.

පූජාවක් කිරීමට තමා අයත් දෙයක් තිබිය යුතුය. කෙනෙකුගේ දෙයක් තවත් කෙනෙකු විසින් පූජා නො කළ හැකි ය. පූජා කෙළේ ද එය පූජාවක් නො වේ. කෙනෙකු විසින් මල් පහන් ගිලන් පස ආදී පූජාද්‍රව්‍ය පිළියෙල කොට පූජාසනය මත තබා පූජා කිරීමට ගාථා කියන කල්හි තවත් බොහෝ දෙනා එකතුව පූජා කිරීමේ ගාථා කියති. එහෙත් ඔවුන් විසින් පූජා කරන ඔවුනට අයිති කිසිම වස්තුවක් එහි නැත. පූජා කරන වස්තුවක් නැතිව එසේ ගාථා කීම තේරුමක් නැති වැඩක් බව ද සැලකිය යුතුය. පූජා කිරීමේ තේරුම නො දත් බැවින් ඇතැම්හු අනුන් මල් ගෙනවුත් අසුන මත තබා පුදන කල්හි එකතු වී ගාථාව කියුවහොත් තමන් පූජාවක් කළා වෙතියි සිතති. මේ කරුණු තේරුම් ගෙන පින් සිදුවන සැටියට මල් පහන් ආදිය පුදත්වා.
https://ift.tt/2vqCoxD

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2HFxcIG
මට බැන්නේය, පහර දුන්නේය, පැරද වූයේය, මා සතු දේ පැහැර ගත්තේය යනුවෙන් කෙනෙක් නැවත නැවත සිතයි නම් ඔහුගේ වෛරය නො සන්සිඳේ. – කොසම්‌බක්‌ඛන්‌ධකය

https://ift.tt/2J3PiDo

4. “මට ජාත්‍යාදියෙන් ගටා බැන්නේ ය. මා පහළේ ය. මා දිනී ය. මා සතු වස්තුව, පැහර ගත්තේ ය”යි යම් ගිහි පැවිදි කෙනෙක් ඒ වෛරය සිත බඳිත් ද, ඔවුන්ගේ වෛරය නො සන්සිඳේ.

5. “මට ජාත්‍යාදියෙන් ගටා බැන්නේ ය. මා පහළේ ය. මා දිනී ය. මා සතු දෙය පැහර ගත්තේ ය”යි යම් ගිහි පැවිදි කෙනෙක් ඒ වෛරය සිත නො බඳිත් ද, ඔවුන්ගේ වෛරය සන්සිඳේ.

6. මේ සතත්‍වලෝකයෙහි කිසි කලකෙත් වෛරයෝ වෛරයෙන් නො සන්සිඳෙත්. අවෛරයෙන් (මෛත්‍රියෙන්) ම සන්සිඳෙත්. අවෛරයෙන් වෛර‍ය සන්සිඳෙයි යන මේ ධර්‍මය පැරණි දහමෙකි.

7. (පණඩිතයන් හැර) අන්‍ය වූ කලහකාරකජනයෝ මෙහි (සඟමැද) කලහ කරන්නෝ “අපි නැසෙමු (මරු වෙත යමු)” යි නො දනිත්. ඔවුන් අතුරෙහි යම් කෙනෙක් එය දනිත් ද, එයින් කලහයෝ සන්සිඳෙත්.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2qFcccG
යදා ද්වයෙසු ධම්මෙසු, පාරගූ හොති බ්‍රාහ්මණො;
අථස්ස සබ්බෙ සංයොගා, අත්ථං ගච්ඡන්ති ජානතො.

ජේතවනාරාමයේදී භික්ෂූන් තිස් නමක් අරභයා වදාළ ගාථාවකි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2EOuwFH
බුදුරජාණන්වහන්සේ ගැන නැවත නැවත මෙනෙහි කරන පුද්ගලයාගේ සිත බුද්ධ ප්‍රීතියෙන් පිනා යයි. ඔහුගේ සිතත් කයත් සැහැල්ලුවේ.
ධර්මය නැවත නැවත මෙනෙහි කරන පුද්ගලයාගේ සිත ධර්ම ප්‍රීතියෙන් පිනා යයි. ඔහුගේ සිතත් කයත් සැහැල්ලුවේ.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2EJ5Jm9
“සප්පිතෙලං ච දත්වාන සංඝෙ ගණවරුත්තමෙ
පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ”

ථාමවා රූපසම්පන්නො පහට්ඨතනුජො සදා
අව්‍යාධි විසදො හොමි සප්පි තෙලස්සිදං ඵලං”

ගිතෙල් හා තෙල් සංඝයාහට පුදා කර්මයට අනුරූප වූ අනුසස් පසක් ලබමි. බල ඇත්තේ වෙමි, රූප සම්පත් ඇත්තේ වෙමි. සතුටු වූ දරුවන් ඇත්තේ වෙමි. රෝග නැත්තේ වෙමි. පිරිසිදු වෙමි. මෙය ගිතෙල් හා තෙල්වල ඵලය ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘පාරමිතා ප්‍රකරණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව: https://goo.gl/QZWPYX

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2HiJR6E
නව වසරට ප්‍රාර්ථනා
නව වසරට පිවිසෙන ඔබ

ගෞතම බුදු රජුන් සරණ යත්වා…
ශ්‍රද්ධාවෙන් වැඩෙත්වා…
සීලයෙන් වැඩෙත්වා…
දහම් දැනුමින් වැඩෙත්වා…
ත්‍යාගයෙන් වැඩෙත්වා…
ප්‍රඥාවෙන් වැඩෙත්වා…
දීර්ඝායු ලබත්වා…
කළණ මිතුරන් හඳුනා ගනිත්වා…
පවිටු මිතුරන් බැහැර කරත්වා…
අනුන්ට නින්දා අපහාස නොකරත්වා…
සිහි නුවණ දියුණු කර ගනිත්වා…
පිනට හානි නොකර ගනිත්වා…
තව තවත් පින් රැස් කර ගනිත්වා…

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2v7rFI9
කෙසේ විමසා බලා පණ්ඩිතයෙක් විය යුතුද? – බහුධාතුක සූත්‍රය

https://ift.tt/2qqREWn

මහණෙනි, යම් කිසි භය කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදනාහු ද, එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපසෘෂ්ටාකාරයෝ උපදනාහු ද, එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. මහණෙනි, ගිනි ඇවිළැගත් නළ (බට) සෙවෙනිගෙයක් වේවයි තණ සෙවෙනි ගෙයක් වේවයි ඇතුළත පිටත සුණු පිරියම් කළ වැළැහු වාත ප්‍රවෙශ ඇති පැහැසු දොර කවුළු ඇති පියු වාතපාන ඇති කුළුගෙවලුදු යම් සේ දවා ද, එසෙයින් මැ මහණෙනි, යම් කිසි භය කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපසෘෂ්ටාකාරයෝ උපදනා හු ද එ හැමබාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. මහණෙනි, මෙසේ බාල සප්‍රතිභය වෙයි, පණ්ඩිත අප්‍රතිභය වේ. බාල උපද්‍රව සහිත වෙයි, පණ්ඩිත අනුපද්‍රව වේ. බාල උපසර්ග සහිත වෙයි, පණ්ඩිත අනුපසර්ග වේ. මහණෙනි, පණ්ඩිතයා නිසා භයෙක් නැත, පණ්ඩිතයා නිසා උපද්‍රවයෙක් නැත, පණ්ඩිතයා නිසා උපසර්ගයෙක් නැත්. එ හෙයින් මහණෙනි, මෙහි ලා පණ්ඩිත වන්නම් හ. විමංසක වන්නම්හ,යි මෙසේ හික්මිය යුතු. මහණෙනි තොප විසින් මෙසේ ම හික්මිය යුතු යයි.

මෙසේ වදාළ කල්හි ආනන්දයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, කිපමණෙකින් මහණ පණ්ඩිත යැ විමංසක යැ යි කියන්නට නිසි වේදැයි.

ආනන්දය, මහණ යම් හෙයකින්
ධාතු කුශල වේ ද,
ආයතනකුශල වේ ද,
ප්‍රතීත්‍යසමුත්පාද කුශල වේ ද,
ස්ථානාස්ථානකුශල වේ ද,
ආනන්දය, මෙතෙකින් මහණ පණ්ඩිත යැ විමසෙක යැ,යි කියන්නට නිසි වේ යයි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JAey5y
අලුත් අවුරුද්දට උතුම් ත්‍යාගයක් දෙමු…

’’මහණෙනි, මේ දාන දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපස දානයද, ධර්‍ම දානයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි දානයෝ වෙත්. මහණෙනි, මේ දාන දෙක අතුරින් යම් මේ ධර්‍ම දානයක් වේද, මෙය අග්‍ර වෙයි.’’

ඇසුර :- දාන සූත්‍රය – දාන වර්ගය – තතිය පණ්ණාසකය – දුක නිපාතය – අංගුත්තර නිකාය – සූත්‍ර පිටකය Chathura Wijeratne