Monthly Archives: September 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2plXGGD
තණකොළ කන තිරිසන්ගත සත්වයෝ ඇත. මොවුහු තෙත්වූ තණකොළද, වියළි තණකොළද, දත් වලින් උලා කති. තණ කොළ කන තිරිසන්ගත සත්තු කවරහුද? යත් අශ්වයෝද, ගොන්නුද, කොටළුවෝද, එළුවෝද, මුවෝද යන මොවුහු වෙති. මොවුන් හැර තණ කොළබුදින තවත් සත්වයෝ ද ඇත. මේ ලෝකයෙහි බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා පව්කම් කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු යම් ඒ තණ කොළ අනුභව කරන සත්වයෝ වෙත්ද, ඒ සත්වයන්ගේ ස්වභාවයට පැමිණෙයි. එනම්. එවන් සතුන්ව උපදියි.

අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ ඇත. ඔවුහු දුරදීම අසූචි ගන්ධය ආඝ්‍රාණයකොට මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමු කියා ඒ වෙත දුවති. බමුණෝ යාග ගන්ධය අනුව මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමුයි යම් සේ දුවත්ද, එපරිද්දෙන්ම අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ වෙති. ඔවුහු දුරදීම අසූචි ගඳ ආඝ්‍රාණය කොට ඒ වෙත දුවත්, මෙහිදී කන්නෙමු. මෙහිදී කන්නෙමු කියායි. අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්, කුකුලන් හා ඌරන්, සුනකයන් හා සිවල්ලු ද යන මොවුහු වෙති. මීට අමතරව අසූචි අනුභව කරන තවත් සත්වයෝද ඇත. මේ ලෝකයෙහි ඒ බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී ලාමක අකුශල කර්ම කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු අසූචි අනුභව කරන යම් සත්වයෝ වෙත් ද ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.

අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ ඇත. අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්, ලොකු පණුවෝද, කුඩා පණුවෝද, ගැඩවිල්ලුද, වෙති. මීට අමතරව අඳුරෙහි උපදින, දිරන අඳුරෙහි මැරෙන තවත් සත්වයෝ ඇත. මේ බාලයා රස තාෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු යම් යම් සත්වයෝ අඳුරෙහි උපදිත්ද, අඳුරෙහි දිරත්ද, අඳුරෙහි මැරෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.

දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන්ගත සත්වයෝ වෙති. දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන් ගත සත්වයෝ කවරහුද යත් මත්ස්‍යයෝද, කැසුබුවෝද, කිඹුල්ලුද වෙති. මීට අමතරව දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තවත් සත්වයෝ වෙති. මේ බාලයා මෙලොව රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි දිරන. දියෙහි මැරෙන යම් ඒ සත්වයෝ වෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම් එවන් සතුන් බවට පත්ව උපදියි.

තව ද අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන, තිරිසන්ගත ප්‍රාණීහු ඇත්තාහ. අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන මෙවන් සත්තු ද, කුණුමස්වල උපදින කුණුමස්වල දිරන, කුණුමස්වල මැරෙන මෙවන් සත්තු ද, කුණුූ ආහාර පානාදියෙහි උපදින – දිරන – මැරෙන සත්තු ද, කුණු දිය රැස්වෙන තැන්වල උපදින – දිරන, මැරෙන සත්තු ද , අපිරිසුදු ජලය රැස්වෙන තැන්වල උපදින – දිරන, මැරෙන සත්තු ද ප්‍රාණීහු වෙති. මෙසේ මෙලොව රස අනුභව කිරීම සඳහා බාලයා යම් යම් කාය – වාග් – මනෝ දුශ්චරිතයන් සිදු කොට කාය භේදයෙන් මරණින් මතු මෙවන් සතුන් බවට පත්ව උපදිති. එබැවින් මෙසේ තිරිසන් අපායෙහි උපදින සත්වයන්ගේ දුක්ඛ ස්වභාවයන් කියා නිම කොට නොහැක.

අනෙකපරියායෙනපි ඛො අහං, භික්ඛවෙ, තිරච්ඡානයොනිකථං කථෙය්‍යං වාවඤ්විදං,
භික්ඛවෙ, න සුකරං අක්ඛානෙන පාපුණිතුං යාව දුක්ඛා තිරච්ඡානයොනි.

කණ කැස්බෑ උපමාව

එක්කලක පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දණ්ඩක් මහ මුහුදෙහි දමන්නේය.ඒ වියදණ්ඩ පෙරදිග වාතයෙන් අපරදිගට පමුණුවන්නේය.අපරදිග වාතයෙන් පෙරදිගට යන්නේය. උතුරුදිග වාතයෙන් දකුණුූ දිගට ගෙන යන්නේය. දකුණුදිග වාතයෙන් උතුරට ගෙන යන්නේය. ඒ මුහුදෙහි බොහෝ කාලයක් ජීවත්වන කණ කැස්බෑවෙක් වන්නේය. ඌ වර්ෂ සියයක්, වර්ෂ දහසක්, වර්ෂ ලක්ෂයක් ඇවෑමෙන් වරක් උඩට එන්නේය. ඒ කැස්බෑවා මේ එක් සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල ඇතුල් කරන්නේ නම් එය නිතර සිදුවන්නක්ද? ඒ ගැන කුමක් සිතන්නේද? එය ඒකාන්තයෙන් බොහෝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක සිදුවන දුර්ලභ අවස්ථාවකි.

ඒ කණකැස්බා මේ එක් සිදුරක් ඇති වියදඬු සිදුරෙන් බෙල්ල ඇතුල් කරන්නේ නම් එය දුර්ලභ සිදුවීමක් නොවේ. එහෙත් වරක් නිතර දුක් ඇති සතර අපායට පැමිණි බාලයා විසින් වරක් මිනිසත් බව ලැබීම ඊටත් වඩා වූ දුර්ලභ කාරණයකි. අතිශයින් දුර්ලභ කාරණයකි. ඊට හේතු නම් මේ සතර අපායෙහි ධර්මයට අනුව හැසිරීමක් සම හැසිරීමක් කුසල ක්‍රියාවක්, පින් කිරීමක් නැති බැවිනි. විශේෂයෙන් තිරිසන් අපායෙහි ස්වභාවය වන්නේ ඔවුනොවුන් අල්ලාගෙන කෑමයි. දුර්වලයන් බලවතුන් විසින් අල්ලාගෙන කති.

ඉදින් මෙසේ මේ අනුවණ පුද්ගලයා කිසියම් කාලයක බොහෝ කාලයක් ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේද, එකල්හි සමාජයේ සම්මත සැඩොල් කුලය ආදී යම් යම් කුලයෝ වෙත්ද, එබඳු දිළිඳු මද ආහාර පාන ඇති යම් කුලයක දුකසේ බඩගින්න නිවාගැනීම ලබයිද, එබඳු දුක් පැවතුම් ඇති කුලයක උපදී. එහි දී ඔහු දුර්වර්ණ වෙයි. යකුන් මෙන් දැකීමට දුෂ්කර වෙයි. මිටි වෙයි. බොහෝ ආබාධ ඇත්තේ වෙයි. කණෙක් හෝ කොරෙක් හෝ කුදෙක් හෝ පිලෙක් හෝ වෙයි. ආහාර, පැන්, රෙදි, යානා ,මල් ,ගඳ විලවුන්, විසීමට තැනක් සහ පහන් දල්වන උපකරණ නොලබන්නෙක් වෙයි. හෙතෙම කයින් දුශ්චරිත කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කරයි. සිතින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මෙසේ ත්‍රිවිධ දුශ්චරිත කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති. අතරක් නැතිව දුක් පැතිර පවතින නරකයෙහි උපදී.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MLfYdV
මෑතක දී මම තායිලන්තයේ සුප්‍රසිද්ධ විපස්සනා කර්මස්ථාන ආචාර්ය වරයෙක් හමුවීමට ගියෙමි. උන්වහන්සේ ඉතාමත් සුහද ඉවසිලිවන්ත කෙනෙකි. ඒ වෙලාවේ තම ශිෂ්‍යයන්ට ධර්ම කරුණු විස්තර කරමින් සිටියහ. මම ද ඒ හා එක්වීමි. අපි ධර්මයේ ප්‍රායෝගික පුහුණුව පිළිබඳ සාකච්ඡා කළෙමු. පසුව උන්වහන්සේගේ ද ආචාර්ය වූ ආචාර්ය මන් පිළිබඳ කථා කළෙමු. උන්වහන්සේ ආචාර්ය මන් සමග චියාං මායි හි කැලෑවේ බොහෝ කල් විසූහ. ළගම නගරයට යාමට දින 2 1/2 පමණ ගතවේ. උන්වහන්සේ එදින මා සමඟ පැවසූ විස්මිත කථා පුවත් අපමනය. ඉන් සමහරක් මෙම පොතට අඩංගු කිරීමට සුදුසු යැයි සිතමි. මා ඉහත සඳහන් කළ පරිදි සමහර පුවත් උන්වහන්සේට අවමන් කිරීමක් විය හැකි බැවින් නුසුදුසු වේ යයි සිතමි.

මේ ආචාර්ය වරයා පැවසූ පරිදි ආචාර්ය මන් ඉතාම පිරිසිදු මනසක් ඇති කෙනෙකි. තවද අධිමානුෂික බලයන් නිසා තම ශිෂ්‍යයන් නිතරම සති පඤ්ඤාවෙන් දවස ගත්කරන බව ද උන්වහන්සේ දනිති. මම උන්වහන්සේට එම තොරතුරු කියන ලෙස ඇවිටිලි කළෙමි. එය පශ්චිම ජනයාගේ ශ්‍රද්ධා බුද්ධිය පිණිස ඉවහල් වන බැවිනි. “මගේ සියලු සිතිවිලි ආචාර්ය මන් දනිනිති. මම වෙන කුමක් කියම්ද? රෑ දවල් තිස්සේ මා රැහැණින් බැඳ තිබුණාක් මෙනි. එවැනි අවධාරණයකින් මම මගේ සිත පාලනය කළෙමි. මා හැකිතරම් වීර්‍යයෙන් මගේ සිත හික්මවූ නමුත් මොහොතක පමාවෙන් යම් අනිසි සිතුවිල්ලක් හිතූ විට සියලු දෙනාගේ ඉදිරිපිට උන්වහන්සේ එය හෙලිදරව් කරති. මගේ භාවනා මනසිකාරය ඒ කාලයේ දී ඉතාමත් හොඳින් පැවතුනි. කලාතුරකින් වැරදි සිතුවිල්ලක් හටගති. මේ හිත නොනවත්වාම රෑ දවල් තිස්සේ සිතිවිලි පහළ කරණ බව අප සිතිය යුතුයි. මේ හැම සිතිවිල්ලක්ම සතියෙන් දැනීමට හැක්කේ කාටද? මගේ සිතිවිලි මට වඩා තීක්ෂණව උන්වහන්සේ දනිති. සමහර විට මට අමතක වූ සිතිවිලි උන්වහන්සේගේ මතකයේ ඇත. එවිට මම පුදුමයට පත්වෙමි.”

“ඔබට ආචාර්ය මන් කිසි විටෙක බැණ ඇද්ද” යි මම ඇසීමි. කලාතුරකින් බැන ඇත. එහෙත් නිතරම මගේ සිතුවිලි දකී. ඉන්පසු එම සිතුවිලි තුළින් මට ධර්මය පහදා දෙයි. බොහෝ විට අන් භික්ෂූන් වහන්සේලා අසා සිටී. එවිට මා ලැජ්ජාවට පත්වෙමි. වාසනාවකට අන් භික්ෂූන් වහන්සේලා ඉදිරියෙහි මගේ නම නොකියති. එම සිතුවිලි විවේචනය කරති.”

“ඔබට ආචාර්ය මන් බැන්නේ මක් නිසාද?”

“පෘතග්ජන” යන වචනයේ තේරුම ඔබ දන්නවාද? එහි තේරුම මහ ගල් කන්දක් මෙන් ඝන මුලාවකි. කිසිම පාලනයක් නැත. මේ සිතිවිලි හරිද? වැරදිද? ඇත්තද? බොරුද? කිසිවක් තමා නොදනී. එවිට උන්වහන්සේ බනියි.

“ඔබ බැනීමට බිය වූවාද?”

ඇයි නැත්තේ? මගේ ශරීරය ගැහෙන්නේ නැහැ. නමුත් මගේ සිත භයින් ගැහෙනවා. හුස්ම ගන්නටත් බැරිවෙනවා! උන්වහන්සේට ඇත්තෙන්ම පරචිත්ත විජානනය ඇත. එය මට ඔප්පු වී ඇත. උදාහරණ විටින් විට මම හුදකලාව යාමට සිතුවෙමි. පසුදා උන්වහන්සේ මා දුටු විගස හොඳ බැනුමක් බනියි. “ඉකිව් ඔබ යන්නේ කවදාද? ඔය කොහේ ගියත් මේ තරම් හොද නැහැ. ඔබට මා සමග විසීම වඩාත් යෝග්‍ය වේ. ” මෙසේ මගේ සිතුවිලි දනියි. “මෙහේ ඉදිමින් ධර්මය ඇසීම වඩාත් හොඳයි -ඔය තනිව යනවාට වඩා.” මෙසේ මා යනවාට කිසිසේත්ම කැමති නොවූහ. මා එසේ ගියොත් මගේ භාවනා මනසිකාරය පහත බසී යැයි සිතූහ. එබැවින් නිතරම මා රඳවා ගැනීමට උත්සාහ කළහ.

මම වඩාත් බිය වූයේ උන්වහන්සේ ගැන මම සිතුවොත් උන්වහන්සේ මා ගැන බලමින් සිටින බව මට හැඟේ. උන්වහන්සේට වෙන වැඩක් නැද්ද? සමහර දිනයන්හි මම නිදා නොගනිමි. හේතුව ඒ මොහොතේම උන්වහන්සේ එරමිණියා ගොතාගෙන මා ඉදිරිපිට සිටිති. මම වෙන අරමුණක් ගැන සිතූ විගස උන්වහන්සේ මා දෙස බලා සිටින බව මට හැඟේ. මේ නිසා මගේ සතිය ඉතාම දියුණු විය.

ශිෂ්‍යයන් වශයෙන් අපි නිරන්තරයෙන්ම සතිය පැවැත්වූයෙමු. උන්වහන්සේ පසුපස පිණ්ඩපාතෙ යන විට අපේ සිත් සුපරික්ෂාකාරී විය යුතුයි. තම කය වෙත යොමු කරනවා මිස බාහිර ලෝකය දෙස නොබලමු. නොසිතමු. මේ ගැන නොසැළකිලිමත් වුවහොත් එවේලේම විවේචනය කරණු ඇත. එබැවින් සිත ගැන අපි අවධානයෙන් සිටියෙමු. එසේ වුවද සුළු ප්‍රමාද දෝෂයකින් සිහිය අන් අරමුණක් ගත් විගස එය විවේචනයට භාජනය වේ. එය සාධාරණ බව අපට වැටහේ. අපි කිහිපදෙනා අතරින් එක් අයෙක් හෝ මෙසේ සතිවිහරනයෙන් ඇත. එදින සන්ධ්‍යාවේ දේශනාවේදී ආචාර්ය මන් යම් කිසි සිද්ධියක් මත දොස් පවරති. එය අපට නොතේරේ. මක් නිසා මෙසේ කියත්ද? දේශනයෙන් පසු අපි එක් රැස්ව මීට හේතු යුක්ති සෙව්වෙමු. එවිට එක් භික්ෂුවක් පාපොච්චාරණය කරයි. “ඇත්තෙන්ම මම මෙවැනි විකාර දේ සිතුවෙමි.” ආචාර්ය මන් සමග විසීම බිය ගෙන දෙන්නකි. එබැවින් නිරන්තරයෙන්ම සතිය පැවැත්වූයෙමු. මෙම කථා පුවත කියන උන්වහන්සේ මුලින්ම චියං මායි ප්‍රදේශයට පැමිණි විට එක්තරා පංසලක නැවතී සිටියහ. එහි පැමිණ පැයක් ගතවීමට පෙර වාහනයක් අවුත් කුටිය ඉදිරිපිට නැවැත්වීය.

මම විගස බැලුවෙමි. එහි ආචාර්ය මන් සිටිති. එහි දුවගොස් වැඳ ගෞරව පවත්වා එහි ආ කාරණය විචාළෙමි. උන්වහන්සේ පැමිණියේ මා එක්කර ගෙන යන්ට යැයි පැවසීය. ඊට පෙර දින එහි වඩින බව උන්වහන්සේ දනිති. “කවුරුහරි ඔබ වහන්සේට ඒ බව දැන්වුවාද?” “ඒ ගැන කමක් නෑ, මම දැනගත් නිසා මෙහි ආවෙමි.” මෙය අසා මම විස්මයට පත්වුනෙමි. පසුව උන්වහන්සේ සමඟ වාසය කරන විට මට මේ සත්‍ය වඩ වඩාත් තහවුරු විය.

අපේ සිත් නොයෙක් අරමුණු කරා යමින් නොයෙක් දෘෂ්ටි ගත වී නම් උන්වහන්සේගේ ධර්මය අවබෝධ නොවේ. එසේ නොවී සතියෙන් ඒ අරමුණ හොදින් ග්‍රහනය කළ විට ධර්මය ඉතා පැහැදිලිය. සරලය. ආකර්ෂණයකින් සිත එහිම ඇදී පවතී. ලෝකාස්වාද රතියෙන් පසුවුවහොත් එම ධර්මය සිත දවයි. ඒ භික්ෂුව මහා දුක් ගින්නකට පත්වේ. ධර්මය දේශනා කරන විට කාගේ කෙලෙස් ඇවිස්සෙත්දැයි උන්වහන්සේ නොසිතයි. ධර්මය කෙළින්ම කෙලෙස් වලට ඉලක්ක වී ඇත.

කලාතුරකින් භික්ෂුවක් නමින් අමතයි. “ඇයි ඔබ වහන්සේ ඊයේ රාත්‍රියේ ඒ විධියට භාවනා කලේ? එය වැරදියි මේ විධියටයි භාවනා කල යුත්තේ.” නැත්නම් “ඇයි ඔබ අද උදේ මෙසේ සිත සිතා සිටියේ? ඔය සිතිවිලි නිසා ඔබ විනාශ වන බව දන්නේ නැද්ද? විනාශ වෙන්ට අකමැති නම් එසේ සිතන්නට එපා. ඇයි ඔබ බුදුරජාණන් වහන්සේ උගන්වපු අන්දමට නොසිතන්නේ? ඔබට කුමක් වෙලාද? අප මෙහි ඉන්නේ වැරදි ලෙස සිතීමෙන්, ක්‍රියා කිරීමෙන් වැළකීමට පුහුණුවීමට අප මෙහේ ඉන්නේ තමන්ගේ සිතිවිලි වල නිමග්න වී කෙළෙස් ගින්නෙන් දැවී යාමට නොවේ.” මේ සත්‍ය තේරුම් ගත් පිරිස උන්වහන්සේ සමඟ ඉතා සතුටින් කාළය ගත කලහ. ඒ අය උන්වහන්සේගේ විරෝධයට ලක්වූයේ නැත. එහෙත් යම් රහසිගත වැරදි දේ දී නම් උන්වහන්සේට ගින්නෙන් දැවෙන්නාක් මෙන් දුක් දෙයි. එවිට එකවරම බැන වදී. එම භික්ෂුව තම වැරදි පිළිගෙන මිදේ නම් ඒ පිළිබඳ නැවත කථාවක් නැත.

(ආචාර්‍ය මන් භූරිදත්ත රහතන් වහන්සේගේ ආධ්‍යාත්මීය චරිතාපදානය පොතෙනි.)

සම්පූර්ණ pdf පොත අවශ්‍ය නම් කමෙන්ට් එකක් මගින් දැනුම් දෙන්න.

තෙරුවණ් සරණයි!!!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2QEsYoG
පිරිනිවන් පෑ උන්වහන්සේගේ ශරීරය ස්වර්‍ණස්කන්‍ධයක් මෙන් ඒකඝනවිය. උන්වහන්සේගේ ශරීරය තැන්පත් කළ චෛත්‍යය සත් යොදුන් උසැතිව තැනූහ. ගඩොල් රනින් කරනලද්දේවිය. හිරියල් මනෝසිලාවලින් මැටිකිසද තෙලෙන් දියකිසද කළාහුය. බුදුන්වහන්සේ ජීවමාන කාලයෙහි ශරීරප්‍රභාව දොළොස් යොදුනක් පැතුරුනේය. පිරිනිවන්පෑ උන්වහන්සේගේ (සිරුරෙන්) රශ්මිය නික්මී හාත්පසින් යොදුන් සියයක් පැතුරුණේය. මේ සිටුතෙමේ බුදුන්වහන්සේගේ ශරීර චෛත්‍යය වටකොට දහසක් රන් ඇගෑ කරවූයේය. චෛත්‍යය පිහිටුවන දිනයෙහි චෛත්‍යය තුළ රන් ගෙයක් කරවූයේය. හෙතෙම අවුරුදු ලක්‍ෂයක් මහත් දානාදිමයවූ යහපත් කටයුතුකොට එයින් සැව දෙව්ලොව උපන්නේයි. දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නාවූ ඔහුට කල්ප අනූනවදහස් නවසිය නවයක් ඉක්මිණි. මෙපමණ කලක් ඇවෑමෙන් මෙයින් අනූඑක් කල්පයකට මත්තෙහි මේ කුලපුත් තෙමේ බන්‍ධුමතී නගර ද්වාරයෙහිවූ ගමක කෙළෙඹි ගෙයක උපන්නේය. ඔහුට මහාකාළයයි නම්විය. ඔහුගේ කනිටු සොහොයුරා චූලකාළ නම්විය. එකල්හි විපස්සී බෝසතුන්වහන්සේ තුසීපුරෙන් සැව බන්‍ධුමතී නගරයෙහි බන්‍ධුම රජුගේ අගමෙහෙසියගේ කුසෙහි උපන්නේ අනුක්‍රමයෙන් සර්‍වඥබවට පත්ව දම්දෙසුම සඳහා මහබඹුවිසින් අයදින ලද්දාහු කවරකුට නම් පළමුව දහම් දෙසන්නේමිදැයි සිතා තමාගේ කනිටු ඛණ්ඩ නම් කුමරුද තිස්ස නම්වූ පුරෝහිත පුතුද පළමුව ධර්‍මය අවබෝධ කිරීමට සම ත්‍ථ‍ර්‍‍යයි. දැක ඔවුන්ටද දම් දෙසන්නෙමි පියාටද සංග්‍රහ කරන්නෙමියි බෝමැඩ සිටම අහසින්ම අවුත් ඛෙමනම්වූ මිගදායෙහි (අභයභූමියෙහි) බටවාහු ඔවුන් කැඳවා ධර්‍මදේශනා කළසේක. දෙසුම් කෙළවර ඒ දෙදෙනාද අසූසාරදහසක් ප්‍රාණීන් සමඟ රහත්පෙළෙහි පිහිටියාහුය. බෝසත්කල්හි අනුව පැවිදිවූ වෙනත් අසූසාරදහසක් කුලපුත්‍රයෝ එපුවත අසා ශාස්තෘන් සමීපයට ආවාහු ධර්‍මදේශනය අසා රහත් බවෙහි පිහිටියාහුය. ශාස්තෘන්වහන්සේ එහිදීම ඒ ඛණ්ඩස්ථවිරයන් අගසව් තන්හිද තිස්සස්ථවිරයන් දෙවැනිසව්තන්හිද තැබූසේක. රජතෙමේද එපුවත අසා පුතු දකින්නෙමැයි උයනට ගොස් දම්දෙසුම අසා තිසරණයෙහි පිහිටා බුදුන්වහන්සේ හෙට දිනයට ඇරයුම්කොට වැඳ පැදකුණුකොට පිටත්ව ගියේය. හෙතෙම ප්‍රාසාදගත වූයේ, හිඳ මෙසේ සිතීය. ‘මගේ දෙටුපුත් (ගිහිගෙන්) නික්ම ගොස් බුදුවූයේය. මගේ දෙවැනි පුත් අගසව් වූයේය. පෙරෙවිපුත් දෙවැනි සව්වූයේය. මේ සෙසු භික්‍ෂූහුද ගිහිකල්හිද මගේ පුතුම පිරිවරා හැසුරු‍ණාහුය. පෙරද දැනුදු මොවුහු මටම භාරයහ. මමම සිවුපසයෙන් උවටැන් කරන්නෙමි. අනුනට ඉඩක් නොදෙන්නෙමි’ යනුයි. වෙහෙර දොර කොටුවෙහි සිට රජගෙහි දොරටුව තෙක් දෙපසින් කිහිරි පවුරක් කරවා වස්ත්‍රයෙන් වස්වා මත්තෙහි රන්තරුවලින් විසිතුරුවූ එල්ඹෙන තල්කඳක් පමණවූ නොයෙක් මල්දම් විතානයන් කරවා යට පොළොව විසිතුරු ඇතිරිලිවලින් අතුරුවා කෙළවර මල්පැලෑටි ඇති දෙපසෙහි පුන් කලසද සියලු මඟ සුවඳ කරනු සඳහා සුවඳ අතුරෙහි මල්ද මල් අතුරෙහි සුවඳද තබවා භාග්‍යවතුන්වහන්සේට කල් දැනුවූයේය. භාග්‍යවතුන්වහන්සේ බික්සඟන පිරිවරණලදසේක කඩතුරා තුලින්ම රජගෙට පිවිස බත්කිසකොට වෙහෙරට පෙරළා වඩිනසේක. අනකිසිවෙක් (බුදුන්) දැකීමටවත් නොලබති. හික්‍ෂාවක් දීමට හෝ පූජාවක් කිරීමට හෝ කෙසේනම් ලැබේද? ‘අදට ශාස්තෘන්වහන්සේ ලොව පහළ වී සත් අවුරුදු සත්මසක් විය. අපිදු (උන්වහන්සේ) දක්නට නොලබම්හ. හික්‍ෂාවක් දීමට හෝ පූජාවක් කිරීමට හෝ දහමක් ඇසීමට හෝ (ලැබීම ගැන) කියනුම කිම? රජතුමා බුදුන්වහන්සේ‍ මගේමය, ධර්‍මය මගේය, සංඝයා මගේයයි මමායනය කොට තෙමේම උවටැන් කරයි. ශාස්තෘන්වහන්සේ පහළවනසේක් දෙවියන් සහිත ලෝකයට වැඩ සඳහා පහළවූසේක. රජුට පමණක්ම නිරය උණුසුමු වූයේත් අනෙකු‍න්ට නිලුපුල්වනයක් සමානවූයේත් නොවේ. එබැවින් රජුට කියමු. ඉදින් අපට ශාස්තෘන්වහන්සේ දෙයිනම් යෙනෙක. නොදේනම් රජුසමඟ යුදකොට හෝ සංඝයා ගෙන දානදී පින් කරමු. හුදු නගරවැසියන්ගෙන් පමණක්ම මෙසේ කිරීමට නොහැක්කෙමු. එක් දෙටු නගරවැසියන්ගෙන් පමණක්ම මෙසේ කිරීමට නොහැක්කෙමු. එක් දෙටු පුරුෂයකුද ගනිමි’යි නුවර වැසියෝ සිතූහ. (මෙසේ සිතා) සෙන්පති වෙත එළඹ ඔහුට එම අදහස දන්වා ‘ස්වාමීනි අපට පක්‍ෂවූවෙක් වෙමි. එතකුදුවූවත් පළමුදිනය මට දිය යුතුය”යි හෙතෙම කීවේය. ඔවුහු පිළිගත්හ. හෙතෙම රජුවෙත එළඹ ‘දේවයන්වහන්ස, නුවරු ඔබට කිපුණාහැයි කීවේය. දරුව කුමක් නිසාදැයි රජ ඇසීය. නුඹවහන්සේම ශාස්තෘන්වහන්සේට උවටැන්කරන්නහුය. අපි නොලබම්හ’ කියායි සෙන්පති කීවේය. ඉදින් දැන්වත් ලබත්නම් නොකිපෙත්, නොලබන්නාහු නුඹ සමඟ යුදකරනු කැමැත්තෝ’යිද පැවසීය. ‘දරුව යුදකරමි, භික්‍ෂුසංඝයා නොදෙමි’යි කීය. දේවයිනි, නුඹගේ දාසයෝ නුඹ සමඟ යුද කරමැයි කියත් නුඹවහන්සේ කවරකු ගෙන යුද කරන්නහුදැ’යි සෙනෙවි ඇසීය. සෙන්පත් නුඹ නේදැයි රජ ඇසීය. නුවරුන්ගෙන් තොරව මම සමත් නොවෙමි, දේවයිනි’යි හෙතෙම පැවසීය. ඉක්බිති රජතෙමේ නුවරැ බලවත්, සෙන්පතිද ඔවුනටම පක්‍ෂවූවෙකැයි දැන අන්‍යවූ සත් අවුරුදු සත්මසක් මට භික්‍ෂූසංඝයා දෙත්වායි කීවේය. නුවරු නොපිළිගත්හ. රජතෙමේ හයවසක් පස්වසක්යයි මෙසේ අඩු කරන්නේ අනෙක් සත් දිනක් අයැදීය. නුවරු දැන් රජු සමඟ ඉතා රළු දෙයක් කිරීම නොසුදුසුයයි සිතා අනුදත්හ. රජතුමා සත්අවුරුදු සත්මසකට පිළියෙළ කළ දානමුඛය දින සතකටම පිළියෙළ කොට සදිනක් කිසිවකු නොදකිත්ම දන් දී සත්වැනි දිනයෙහි නුවරුන් කැඳවා, ‘දරුවනි, මෙසේ දන්දීමට හැකි වන්නාහුදැ’යි ඇසීය. ඔවුහුද අප නිසාම මෙය දේවයන්වහන්සේට උපන්නේ නොවේදැයි කියා හැකියයි කීවාහුය. රජ‍තෙමේ පිටිඅතින් කඳුළු පිසිමින් භාග්‍යවතුන් වහන්සේ වැඳ, ‘ස්වාමීනි සැට අටලකෂයක් භික්‍ෂූන් වහන්සේ අනෙකකුට නොපවරා දිවි ඇති තෙක් සිවුපසයෙන් උවටැන් කරමැයි සිතීමි. දැන් මවින් නුවරුන්ට අනුදනිමි. භාග්‍යවතුන්වහන්ස, නුවරු, අපි දන්දීමට නොලම්භයි කිපෙත්. හෙට පටන් ඔවුන්ට අනුග්‍රහ කරනු මැනවැ’යි කීවේය. ඉක්බිති දෙවැනි දිනයෙහි සෙන්පති තෙමේ මහදන් දුන්නේය. අනතුරුව නුවරු රජුවිසින් කළ සත්කාරයන්ට වඩා උසස්වූ සත්කාරසම්මාන කොට දන්දුන්නාහු. මේ ක්‍රමයෙන්ම සියලු නගරයට පිළිවෙළින් ආවිට දොරගම්වැසියෝ සත්කාරසම්මාන පිළියෙළකළහ. මහාකාළ කෙළෙඹි තෙමේ, ‘බුදුන්වහන්සේට සත්කාර කිරීම හෙට අපට පැමිණෙයි. කිම සත්කාර කරමුදැ’යි චූල‍කාළට කීවේය. ‘සොයුර. ඔබම දන්නෙහිය’යි හෙතෙම කීවේය. ‘එසේ නම් මා කැමැත්තක් කරව, අපගේ සොළොස්කිරියක් පමණ වූ කෙතෙ‍හි ගැබ්ගත් හැල් ඇත. හැල් ගැබ් පලවා ගෙන බුදුන්වහන්සේට සුදුසු පරිදි පිසවමු’යි (මහාකාළ කීවේය). ‍මෙසේ කරනු ලබන කල්හි කිසිවකුට උපකාරයක් නොවේ. එහෙයින් එය මට රුචි නොවේය’යි (චූලකාළ) කීවේය. ‘ඉදින් ඔබ එසේ කියහිනම් මම මට අයත් දෙය මට අයත් කොට ලබමි’යි කියා සොළොස් කිරියක් පමණවූ කෙත මැදින් වෙන්කොට අටකිරියක් තන්හි සීමා තබවා හැල් ගැබ් පලවා ගෙන නොමුසු කිරෙහි පිසවා චතුමධුර බහා බුදුපාමොක් සඟනට දුන්නේය. ගැබ් පලවා ගත් ගත් තැන යළි පිරෙයි. ළපටි කල පුථුකග්ග නම් දානයක් දුන්නේය. ගම්වැසියන් සමඟ අග්ගසස්ස නම් දානයක් දුන්නේය. ගොයම් කැපීමෙහිදී දායග්ගදානයද වෙළු කිරීමේහිදී වෙණග්ගදානයද කලාපාදියෙහිදී කලාපග්ග, ඛලග්ග, ඛලභණ්ඩග්ග කොට්ඨග්ග යනුවෙන් මෙසේ එක් ශශ්‍යයෙක්හි නවවරෙක අග්‍රදාන දුන්නේය. ඒ ශශ්‍යයද වැඩියක් අභිවෘද්ධියෙන් යුක්ත වූයේවිය. යම්තාක් බුදුන්වහන්සේ ජීවත්වෙත්ද යම්තාක් තෙමේ ජීවත් වේද ඒතාක් ඒ ක්‍රමයෙන්ම පින්කම් කොට එයින් සැව දෙව්ලොව ඉපිද දෙවි මිනිසුන් අතර සැරි සරන්නේ කල්ප අනූ එකක සැපත්විඳ අපගේ ශාස්තෘන්වහන්සේ ලොව උපන්කල්හි කිඹුල්වත් නුවරට නුදුරෙහි දොණවත්‍ථු නම් බමුණු ගමෙහි දොනවත්‍ථු බ්‍රාහ්මණ නම් වූ බ්‍රාහ්මණමහාසාර කුලයෙහි උපන්නේය. නම් තබන දිනයෙහි කොණ්ඩඤ්ඤ මානවකයයි නමක් කළාහුය. හෙතම වැඩිවිය පැමිණ ත්‍රවේදයන් උගෙන ලකුණුකීමේ මන්ත්‍රයන්හි තෙරට පැමිණියේය.
එකල්හි අප‍ගේ බෝසත්තෙමේ තුසී පුරෙන් සැව කිඹුල්වත් පුරයෙහි උපන්නේය. ඔහුට නම් තබන දිනයෙහි එකසිය අටක් බමුණන් අලුත් වස්ත්‍රයන්ගෙන් හඳවා දියරහිත මධුපායාස පොවා ඔවුන් අතුරෙන් තෝරා අට දෙ‍නකු මහ මහලෙහි හිඳුවා අබරණින් සරසන ලද බෝසතුන් දුහුල් වතින් තැනූ ආධාරකයක හොවා ලකුණු විමසීම සඳහා ඔවුන් සමීපයට පැමිණවූවාහුය. ප්‍රධාන ආසනයෙහි හුන්නාවූ බ්‍රාහ්මණතෙමේ මහාපුරැෂයාගේ ශරීරසම්පත්තිය බලා ඇඟිලි දෙකක් එසවීය. මෙසේ පිළිවෙළින් සත්දෙනෙක් (ඇඟිලි දෙක බැගින්) එසවූවාහුය. ඔවුන්ගෙන් වනාහි සියල්ලන්ටම වඩා ළාබාලවූයේ කොණ්ඩඤ්ඤ මානවකයායි. හෙතෙම බෝසතුන්ගෙන් උතුම් ලක්‍ෂණයන්ගේ නිෂ්පත්තිය බලා ‘ගිහිගෙහි සිටීමේ කරුණක් නැත. ඒකාන්තයෙන්ම මෙතෙම දුරුකළ මෝහාදිය ඇතිව බුදුකෙනෙක් වෙතැ’යි එකම ඇඟිල්ලක් එසවීය. සෙසු සත්දෙනා වනාහි, ඉදින් ගිහිගෙහි වසයිනම් සක්විති රජ වන්නේය, ඉදින් පැවිදිවන්නේ නම් බුදුවන්නේයයිද ගති දෙකක් දැක ඇඟිලි දෙකක් එසවූහ. මේ කොණ්ඩඤ්ඤ තෙමේ වනාහි කරනලද ප්‍රාත්‍ථ‍ර්‍‍නා ඇත්තේ අන්තිමභවයට අයත් පුද්ගලයෙකුවූයේ නුවණින් සෙසු සත්දෙනා යටපත් කොට, ‘මෙබඳු ලක්‍ෂණයන්ගෙන් යුක්තවූවහුට ගිහිගෙහි සිටීමක්නම් නැත. නිසැකවම බුදු වන්නේයයි එකම ගතියක් දුටුවේය. එබැවින් එක් ඇඟිල්ලක් එසවීය. ඉක්බිති ඒ බමුණෝ තම ගෙවලට ගොස් පුතුන් ඇමතූහ. දරුවනි, අපි මහළු වම්හ. අපි බුදුබවට පත් සුදෝධාධන රජුපුත් දැකීමට හැකිවන්නමෝ හෝ නොවන්නමෝ වෙමු. තෙපි එකුමරැ බුදුබවට පත් කල්හි ඔහුගේ සසුන්හි පැවිදිවන්නහු නම් යෙහෙක’ යනුවෙනි. සුදොවුන් මහරජුද බෝසතුන්ට කිරිමවුන් ආදිකොට ආරක්‍ෂක විධාන යොදමින් බෝසතුන් වැඩිවියට පැමිණවීය. මහසත් තෙමේද වැඩිවියට පැමිණියේ දෙවියකු මෙන් සැපත් අනුභව කොට නුවණ මුහුකුරාගි විට කාමයන්හි ආදීනවයද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්ද දැන රහල් කුමරුන් උපන්දිනයෙහි ඡන්න සහාය කොටගත්තේ කන්‍ථක අසුපිට නැඟ දෙවියන් විසින් හරනාලද දොරින් මහාභිනිෂ්ක්‍රමණය නික්ම ඒ රාත්‍රිකාලයෙහිම රාජ්‍යතුනක් ඉක්මවා අනොමා නදී තෙරෙහි පැවිදිව ඝටීකාර මහාබ්‍රහ්මයා විසින් ගෙනෙන ලදසිවුර ගත් කෙණෙහිම සියක්වසක් ඉක්මුණු තෙර කෙනෙකුමෙන් පහදවනසුලු ඉරියව්වෙන් රජගහ නුවරට පැමිණ එහි පිඬු පිණිස හැසිර පණ්ඩව පව් සෙවණැල්ලෙහි පිණ්ඩපාතය වළඳා මගධරජු විසින් රජසැපතින් ඇරයුම්කරනලද්දේවුවද එය පිළිකෙව්කොට අනු පිළිවෙළින් උරුවෙල් දනව්වට ගොස් ‘මේ බිම්පෙදෙස සිත්කළුය, භාවනා කැමති කුලපුත්‍රයකුට භාවනාව සඳහා සුදුසුයයි සිත් උපදවා එහි විසීමට එළඹියේය. එසමයෙහි සෙසු බමුණන් සත්දෙන කම්වූ පරිදි මියපරලොව ගියාහුය. සියල්ලන්ගෙන් ළාබාලවූ ලක්‍ෂණවිධියෙහි දක්‍ෂවූ කොණ්ඩඤ්ඤ මානවක තෙමේ නීරෝගීවූවෙකි. හෙතෙම මහසත් පැවිදිවූයේයයි අසා ඒ බමුණන්ගේ පුතුන් වෙත එළඹ, ‘සිද්ධාත්‍ථ‍ර්‍‍ කුමාරයා වනාහි පැවිදි වූයේය. හෙතෙම නිසැකවම බුදුවන්නේය. ඉදින් නුඹලාගේ පියවරු නීරෝගීවූවහු නම් අද නික්ම පැවිදිවන්නහුය. ඉදින් ඔබලාද කැමති වන්නහු නම් එවු. මම ඒ පුරුෂයා, අනුව (වෙනුවෙනු) පැවිදි වන්නෙමි’යි මෙසේ කීවේය. ඒ සියල්ලෝ ඒකමතික වීමට නොහැකිවූවාහුය. තිදෙනෙක් පැවිදි නොවූවාහුය. කොණ්ඩඤ්ඤ බමුණා දෙටුකොට ඉතිරි සතර දෙනා පැවිදිවූහ. මේ පැවිද්දෝ පස් දෙන ගම්නියම් රජ දහන්හි පිඬු පිණිස හැසිරෙන්නාහු බෝසතුන් වෙත ගියාහුය. ඔවුහු සවසක් බෝසතුන් කෙළෙස් තැවීමේ වීර්‍ය්‍යයෙහි නිරතවන විට දැන් බුදු වන්නේය: දැන් බුදු වන්නේයයි මහසතුනට උවටැන් කරමින් ඔහු සමීපයෙහි හැසිරෙන්නෝ වූහ. යම් විටෙක වනාහි බෝසත් තෙමේ එක් තලැටක් සහල් ඇටක් ආදියෙන් කල් ගෙවන්නේද දුෂ්කර ක්‍රියාවෙන් ආර්‍ය්‍යධර්‍මය අවබෝදකිරීමක් නොවනබව දැන රළු ආහාර ගත්තේය. එකල්හි ඔවුහු (බෝසතුන් අත්හැර) ගොස් ඉසිපතනයට ගියාහුය. ඉක්බිති බෝසත්තෙමේ රළු ආහාර පරිභෝගයෙන් සම් මස් ලේ සපුරා ගෙන වෙසක් පුන්පොහොයෙහි සුජාතාව විසින් දෙනලද උතුම් බොජුන වළඳා රන් පාත්‍රය නදියෙන් උඩුගං යවා අද බුදු වෙමැයි කරන ලද සනිටුහන් ඇත්තේ සැදෑ සමයෙහි කාල නාරජු විසින් නොයෙක් තුතිගී සිය ගණනින් ආශිංසනය කරනුලබන්නේ මහබෝමැඬට නැඟ නොසෙල්වෙන තැනක පෙරදිග ලෝකධාතුවට අභිමුඛව පළඟින් හිඳ අංග සතරකින් යුක්ත වීර්‍ය්‍යය ඉටා හිරු පවතිත්දීම මාරබලය සොල්වා පෙරයමෙහි පෙරවිසූ කඳපිළිවෙළ සිහකොට මැඳුම්යමෙහි දිවැස පිරිසුදුකොට උදෑසන කාලයතුළ සිහිකොට මැඳුම්යමෙහි දිවැස පිරිසුදුකොට උදෑසන කාලයතුළ ප්‍රතීත්‍යසමුත්පාදයෙහි නුවණ යොමා අනුලොම් පිළිලොම්ව ප්‍රත්‍යයචක්‍රය විමසා බලන්නේ සියලු බුදුවරුන් විසින් අවබෝධ කරනලද අසාධාරණ සර්‍වඥතාඥානය අවබෝධකොට නිවන අරමුණු කරනලද ඵලසමාපත්තියෙන් එහිම සත් දිනක් කල් ගෙවීය. මේ ක්‍රමයෙන්ම සත් සතියක් බෝමැඩ වාසයකොට රාජායතන මූලයෙහි මීපිඬු බොජුන වළදා යළි අජපල් නුගරුක මුලට අවුත් එහි හුන්නේ ධර්‍මයෙහි ගැඹුරුබව ප්‍රත්‍යවේක්‍ෂා කොට අල්පෝත්සුකබවට සිත යොමුවන කල්හි මහබඹු විසින් අයදිනලද්දේ බුදු ඇසින් ලොව බලා බලවත් ඉඳුරන් ඇති ආදි ප්‍රභේද සහිත සත්වයන් දැක මහබඹුට දම් දෙසුම සඳහා පිළිණ කොට කවරකුට නම් මම අද දහම් දෙසන්නෙමිදැයි අළාර සහ උද්දක යන දෙදෙන කළුරිය කළබව දැන යලි සිතන්නේ පස්වග මහණහු මට බොහෝ උපකාර ඇත්තෝය. ඔවුහු ප්‍රධන් වීර්‍ය්‍යයෙහි යෙදුනාවූ මට උවටැන් කළාහුය. පස්වග මහණුනට පළමුව දම් දෙසන්නෙම් නම් යෙහෙකැයි සිතක් උපද්දවීය. මෙය වනාහි සියලු බුදුවරුන්ගේ සිතිවිල්ලක් පමණක්ම නමි. අඤ්ඤාකොණ්ඩඤ්ඤ බමුණා හැර පළමුව ධර්‍මය අවබෝධ කිරීමට අන්කිසි සමතෙක් නම් නැත. මේ සඳහාම කල්ප ලක්‍ෂයක් ප්‍රාත්‍ථ‍ර්‍‍නා කළේය. බුදු පාමොක් බික්සඟනට නවවරක් අගසස් දන් දුන්නේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ පසිවුරු ගෙන පිළිවෙළින් ඉසිපතනයට වැඩමවා පස්වග මහණුන් සිටි තැනට එළඹිසේක. ඔවුහු වඩින්නාවූ තථාගතයන්වහන්සේ දැක්ම තමන්ගේ කතිකාවෙහි සිටින්නට නොහැකිවූහ. එකෙක් පාසිවුරු පිළිගත්තෝය. එකෙක් අසුන පැනවූහ. එකෙක් පාදොවුනාදිය එළවූහ. එකෙක් පා දෙවූහ. ‍එකෙක් තල්වැටක් ගෙන පවන්සලමින් සිටියහ. මෙසේ ඔවුන් වත් දක්වා සමීපයෙහි හුන් කල්හි කොණ්ඩඤ්ඤ තෙරුන් කායසා‍ක්‍ෂකොට ශාස්තෘන්වහන්සේ අනුත්තරවූ ත්‍රිපරිවෘත්තවූ ධර්‍මචක්‍රප්‍රවර්‍තන සූත්‍රාන්තය ආරම්භකළසේක. මිනිස් පිරිස පස් දෙනෙක්ම වූහ. දෙවිපිරිස සීමාරහිතය. දෙශනාවගේ කෙළවර කොණ්ඩඤ්ඤ තෙරුන්වහන්සේ අටළොස් කෙළක් මහබඹුන් සමඟ සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉක්බිති ශාස්තෘන් වහන්සේ මවිසින් දුෂ්කරතා රාශියකින් ගෙනඑන ලද ධර්‍මය පළමුවම දත්තේයයි මෙතෙම අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම්යයි තෙරුන් අමතමින්, ‘භවත් කොණ්ඩඤ්ඤතෙමේ ඒකාන්තයෙන්ම දත්තේය, භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන්ම දත්ත‍තේය’යි වදාළසේක. ඔහුට එම නමම විය. එහෙයින්, ‘ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන්ට අඤ්ඤාකොණ්ඩඤ්ඤයයි මෙසේ මේ නමවීය’යි කියනලදී. මෙසේ තෙරුන්වහන්සේ ඇසළ පුන්පොහො දිනයෙහි සෝවාන් පෙලෙහි පිහිටියහ. පෑළවිය දිනයෙහි භද්දිය තෙරුන්වහන්සේද දියවක් දිනයෙහි වප්පතෙරුන්වහන්සේද තියවක් දිනයෙහි මහානාමතෙරුන්වහන්සේද සිව්වක් දිනයෙහි අස්සජි තෙරුන්වහන්සේද සෝවාන් පෙලෙහි පිහිටියහ. පක්‍ෂයෙහි පස්වැනි දිනයෙහි අනත්තලක්‍ඛණ සූත්‍ර දේශනාවසානයෙහි සියලු දෙනාම රහත් බවෙහි පිහිටියහ. එකල්හි වනාහි ලෝකයෙහි රහත්වූ සදෙනෙක් වෙත්. එතැන් පටන් ශාස්තාන්වහන්සේ යසදාරක ප්‍රමුඛවූ පස්පනස් පුරුෂයන්ද කප්පාසිය වන ලැහැබ්හි තිසි දෙනකු පමණවූ පස්පනස් පුරුෂයන්ද කප්පාසිය වන ලැහැබ්හි තිස් දෙනෙකු පමණවූ භද්දවග්ගිකයන්ද ගයා ශීර්ෂයේහි ගල්තලයෙහි දහසක් පමණ පුරාණජටිලයන්දැයි මෙසේ මහජනයා ආර්‍ය්‍යභූමියට බස්වා බිම්බිසාර ප්‍රමුඛවූ එකොළොස් නහුතයක් සෝවාන් ‍පෙලෙහිද එක් නහුතයක් රත්නත්‍රයෙහිද පිහිටුවා දඹදිව් තෙලෙහි සසුන මල්පල ගන්වා සියලු දඹදිව කසාවතින් බබළන්නක්, සෘෂීන්ගෙන් හමන සුළඟින් ගහණවූවක් කරමින් එක් කලෙක දෙව්රම් මහවෙහෙරට පැමින එහි වසනසේක් බික්සඟන මැද පනවන ලද උතුම් බුද්ධාසනගතවූ සේක් දහම් දෙසමින් පළමුව දහම් අවබෝධ කළ භික්‍ෂූන් අතුරෙහි මගේ පුත් කොණ්ඩඤ්ඤ තෙමේ අග්‍රයයි දැක්වීමට එතදග්‍රස්ථානයෙහි තැබුසේක. තෙරුන් වහන්සේද තමන්ට ගරුසරු කම් දක්වන්නාවූ අගසව් දෙනම දැක බුදුන් සමීපයෙන් ඉවත්වනු කැමැත්තෝව, ‘පුණ්ණමානවක තෙමේ පැවිදිව සසුනෙහි අග්‍රධර්‍මකථිකයා වන්නේය’යි දැක දොණවත්‍ථු බමුණුගමට ගොස් තමන්ගේ බෑණණුවන් වන පුණ්ණමානවකයා පැවිදිකොට ‘මෙතෙම බුදුන්වහන්සේ සමීපයෙහි වසන්නේය’යි ඔහු බුදුන් සමීපයෙහි වසන්නෙකුබවට පත්කොට තෙමේ බුදුන්වහන්සේ වෙත එළඹ ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, මට ග්‍රාමාන්තසේනාසනය නොගැලපෙයි. පිරිස සමඟ එක්ව විසීමට නොහැක්කෙමි. ඡද්දන්ත විලට ගොස් වසන්නෙමි’යි භාග්‍යවතුන්වහන්සේ ලවා අනුදන්වා ගෙන අසුනෙන් නැඟිට ශාස්තෘන්වහන්සේ වැඳ ඡද්දන්ත විලට ගොස් ඡද්දන්ත ඇත්කුලය ඇසුරුකොට දොළොස්වසරක් ගෙවා එහිම අනුපාදිශේෂ නිර්‍වාණධාතුවෙන් පිරිනිවන්පෑහ.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2xrQgFv
උන්වහන්සේගේ පරිනිර්වානය තෙක් අමනුෂ්‍යයන්ට ධර්මය දේශනා කිරීම විශාල වගකීමක් විය. උන්වහන්සේ වාසය කරන හැම ප්‍රදේශයකම අමනුෂ්‍යයන් සමග සම්බන්ධීකරනය තිබුනි. ප්‍රේත කොට්ඨාශ තම නෑයින්ගේ පිං බලාපොරොත්තු වෙමින් උන්වහන්සේගෙන් උපකාර ඉල්ලති. ඔවුන් මැරී කොපමන කාලයක් ගත වූයේ දැයි කිව නොහැක. ඔවුන්ගේ ජීවත්ව සිටින ඥාතීන් කවුරුදැයි නොදනිති. ඔවුන් ආචාර්ය මන් වෙත පැමිණ ජීවත්ව සිටින ඥාතීන් සොයා දෙන්නට යැයි ඉල්ලති. ඔවුන් දාන දී පිං පමුණුවන්නට යැයි ඉල්ලති. තම ජීවිතය ඉතාමත් දුක්ඛිත බැවින් ඉන් මිදීමට පිං ඉල්ලති. බොහොමයක් අපාය දුක් විද මහත් ලෙස පීඩා විඳ ඇත. මිනිස් වර්ශ අනුව ඒ අය අපායේ සිටි කාලය කොපනමදැයි ගණන් කල නොහැකිය. ඔවුන් අපායෙන් මිදී නැවතත් දුක්ඛිත ප්‍රේත ආත්මයක කිව නොහැකි තරම් දුක් විදිති. එම අකුසල විපාක නොනවත්වාම දුක් පමුණුවයි. ඉන් මිදීමක් නැත. සිරගෙයි සිටින තාක් කල් සිර දඬුවම් විදීමට සිදුවනවාක් මෙනි.

ප්‍රේත නිකායේ අය අවුත් තව කොතරම් කාලයක් මේ දුක් විඳිය යුතු දැයි අසති. ඔවුන් බැගෑපත්ව ආයාචනා කරන්නේ තමන්ගේ ඥාතීන්ට දන්වා තමන් වෙත පිං පමුණුවන ලෙසිනි. උන්වහන්සේ ඒ ඥාතීන් ගැන විමසූ විට වෙන නාඳුනන ලෝකයක් ගැන කියති. අපායේ බොහෝකල් අනන්ත දුක් විඳි කාලය අවුරුදු දස දහසක් හෝ සියක් දහසක් විය හැකිය. ඉන් මිඳී මේ ප්‍රේත ආත්මයේ ඉපදී ඇත. මේ ආත්මයේ අවුරුදු 500 දාහක් පමන කල් ගෙවී ඇත. මේ අයගේ ඥාතීන් සෙවීමට නොහැක. ඒ අයගේ එම බලවත් කර්ම විඳ දැන් සිටින්නේ යම් පිනක් ලබාගත හැකි තැනක නමුත් ඥාතීන් සෙවීමට නොහැකිය. එබැවින් තම දුක විඳීම හැර වෙන කිසිවක් කල නොහැකිය. බලු, බළල් ආදී කිසිවෙකුට අයිති නැති සතුන් මෙනි. ඉතා අසරණ වී ඇත.

සමහර ප්‍රේතයන්ට තරමක් උපකාර කල හැක. ඔවුන් මියගොසින් වැඩි කාලයක් ගතවී නොමැත. ඔවුන්ගේ පාප කර්ම එතරම් බලවත් නොවේ. ඥාතීන් පවරන පිං ඒ අයට ලැබිය හැකිය. තම ජීවතුන් අතර සිටින ඥාතීන්ගේ නම් ගම් ලිපිනය මතක් කරති. ආචාර්ය මන් එවැනි අය ලඟ පාත සිටී නම් මේ විස්තර කියා පිං ලබාගැනීමට සලස්වති. ඒ ඥාතීන් නොයෙක් පිංකම් කිරීමටද භික්ෂූන් වහන්සේලාට දන් දීමටද යොමුකර ඒ පිං පමුණුවති. සමහර ප්‍රේතයින්ට ඕනෑම කෙනෙකුගේ පිං අනුමෝදන් විය හැකිය. ඒ පින ඒ අයටම පවරා නැති වුවද පිං ලබාගනිති. ඒ අයගේ කර්ම විපාක අනුව සමහර ප්‍රේතයින්ට කාගෙන් වුවද පිං ලබාගත හැකිය. එහෙත් සමහරු තම ඥාතීන්ගෙන් ඒ අයට පැවරූ පිං පමනක් ලබාගත හැකිවේ.

ආචාර්ය මන් හට මේ ප්‍රේත ආත්ම ගැන බොහෝ අත්දැකීම් ඇත. ඔවුහු නිතරම කරදර කරති. අමනුෂ්‍යයන් අතරින් ප්‍රේතයෝ වඩාත්ම කරදර කරති. තමා විසින් කළ කිසිම කුසල කර්මයක් නැති බැවින් නිතරම අනුන්ගෙන් ඉල්ලති. අනුන්ගෙන් නොලැබුනොත් ඒ අයට ජීවත් විය නොහැක. ඉතාමත් බැගෑපත් අසරණ පිරිසකි.

පරිත්‍යාගය සහ කුසල් කිරීමේ විපාක වශයෙන් තමාගේ ස්වාධීනත්වය හිම්වේ. ජාති, ජාති මෙසේ තමන්ට අවශ්‍ය සියලු දේ ලැබෙන බැවින් තෘප්තිමත් ජීවිත ගතකරති. සියලු සත්ත්වයෝ කර්මය දායාද කොට සිටිති. ඒ විපාක විඳීමට හේතුව තමන්ගේම කර්ම බව සිතිය යුතුය. අන් කිසිවෙකුට තමාගේ කර්ම විපාක නොලැබේ. එසේම අන් කිසිවෙකුගේ කර්ම විපාක තමා වෙත නොපැමිණේ. තමාට ලැබෙන සැප දුක් තමාගේ කුසල් අකුසල් කර්මවල විපාක වේ.

ආචාර්ය මන් ට මේ නොයෙකුත් ආත්ම ගැන සුවිශේෂ දැනුමක් ඇති නමුත් ඒ බව අඟවන්නේ කලාතුරකිනි. ප්‍රේත, දේව, බ්‍රහ්ම, යක්ෂ, නාග, ගරුඬ ආදී ආත්මවල අය නිතරම කථා බහ කරති. මිනිසාගේ ඉන්ද්‍රියන්ට අගෝචර බොහෝ දේ උන්වහන්සේට අවබෝධ වේ. අමනුෂ්‍යයන් පිළිබඳ කථා ඇසීමට පවා බිය උපදවයි. “මිනිසාට වතුර, ගින්න වැනි ප්‍රකෘති ඇසට පෙනෙන අන්දමට කර්ම විපාක දකින්නට හැකිනම් කිසිවෙක් පාප කර්ම නොකරති. එය මහා ගිනි ගොඩකට පනින්නාක් මෙනි. ඒ වෙනුවට හැකිතරම් හොඳ දේ කිරීමට පෙළබෙති. එහි ඉතා සිසිල් ගුණයක් ඇත. ලෝකයේ තිබෙන සියලුම කරදර අතුරුදහන් වනවා නියතයි.” වරෙක ආචාර්ය මන් ගේ වැඩිහිටි ශිෂ්‍යයෙක් මෙසේ පැවසීය. ” මිනිසාට ප්‍රේත, දේව, ගරුඬ, නාග ආදීන් ගැන නොදන්නා බැවින් තමන්ගේ කර්ම විපාක ගැන සිතිය නොහැකිය. එබැවින් ඔබ වහන්සේ මේ දන්නා දේ මිනිසුන්ට කියාදීම වැදගත් වේ” බුදුන් රහතුන් වැනි උතුම් අය තමා දන්නා දේ අනුන්ට කියා දුන්නා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වුන අපි ඔබවහන්සේගේ ඒ විශ්මජනක ශක්තිය අගය කරන්නාක් මෙන් ලෝකයා අගය කරති. ආචාර්ය මන් ඔහු නිශ්ප්‍රභා කළහ. ඔබ කියන දේ කළවිට අපි දෙගොල්ලෝම අනාථ වෙති. මෙවැනි දේ ප්‍රසිද්ධව කථා කිරීම සුදුසු නැත. එසේ කී කළ මම සහ අනෙකුත් භික්ෂූහු පිස්සන් වෙති. එවිට මෙය පිස්සු ආශ්‍රමයක් වෙයි. බුද්ධ ශාසනය ප්‍රඥාව පෙරදැරි කොට ඇත. එය තමා විසින් අවබෝධ කළ යුත්තකි. ඔබ වහන්සේ කියන දේ ප්‍රඥා ගෝචරද නැතහොත් මෝහය ඇසුරු කරත්ද? මෙවැනි දේ සිතීම පවා පිස්සුවකි. කීම ගැන කියනු කුම? මිනිස්සු මෙවැනි දේ ඇසුවත් අපගේ කීම නිසා අපි විනාශ වෙමු.

අප අවට ඇති පරිසරය ඉන්ද්‍රිය ගෝචර බැවින් මිනිසාට සම්මුති සත්‍යයෙන් වටහා ගත හැකිය. එහෙත් ධර්මය ප්‍රඥා ගෝචරය. පරමාර්ථ සත්‍ය ඇසුරු කරයි. එබැවින් සමාජයට මේ ධර්මය දෙන විට එයින් සතුට, සමාදානය, සහජීවනය ඇතිවිය යුතුයි. පරමාර්ථ සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කලේ නුවණ මෙහෙයවා ක්‍රමාණුකූලවය. අසා සිටින අයට ගෝචර වන ආකාරයටය. සත්‍ය වුවත් එය කීමේ අවස්ථාවක් ඇත. එය පොදුවේ කීම වරදකි. ඒ මිනිසුන් වරදවා ග්‍රහණය කරන බැවිනි.

පංච ඉන්ද්‍රියන්ට ගෝචර නොවන දේ ගැන කථා කිරීමට හැක්කේ යම් අවබෝධයක් තුළිනි. එවැනි දේ ගැන අවබෝධයක් නැතිව පොත පතේ දැනුමෙන් හෝ අන් කිසි කෙනෙකුගේ දැනුමෙන් කථා කිරීම අස්වාභාවිකය. එබැවින් මිනිසාට නොතේරේ. මේ යමක් විවේචනය කිරීමක් නොව එවැනි අතීන්ද්‍රිය දැනුම ඇති අය වුවද ඉතා සුපරික්ෂාකාරීව එම දැනුම ඉදිරිපත් කළ යුතු බවකි. අපේ විස්මිත දැනුම සත්‍යක් වුවද ඒ අසා සිටින අය සිහි විකල් විය හැකිය. ඒ අය ධර්මය කියා ග්‍රහණය කරන්නේ මෙවැනි ආශ්චර්ය අත්භූත දේවල්ය. ඒ අය තරමක මානසික විකෘති ඇති අය වෙති. එබැවින් එවැනි දේ තුළින් මිනිසාගේ සිත කුල්මත් කිරීම නුසුදුසුය. බුදුරජාණන් වහන්සේ එවැනි විශ්මිත දේ ලෝකයා හමුවේ තැබුවේ යම් යම් අයට බුද්ධි ගෝචර විධියටය. එබැවින් අපි ඉතා සුපරික්ෂාකාරීව ධර්මය දේශනා කළ යුතුයි.

මම මෙසේ ප්‍රශ්න කරමි. ඔබ සතු මුදල් සම්භාරයක් ඇත. එය ඔබ නුවණ ඇත්තෙක් නම් ප්‍රයෝජනයට ගත හැකිය. නුවණ නැත්නම් මේ ධනය ඔබගේ පරිහානිය වේ. මහා සේනාවක් මැද්දට යනවිට ඔබ මේ මුදල ආරක්ෂා කරගන්නේ කෙසේද?

එම ජ්‍යෂ්ඨ ශිෂ්‍යයා මෙසේ කීය. “මම හැකිතාක් එය ප්‍රවේසම් කරමි.”

ඔබ ආරක්ෂා කරන්නේ කෙසේද?

එම මුදල් වියදම් කරන විට අවශ්‍ය ප්‍රමාණය පමණක් එලියට ගෙන මුළු මුදල නොපෙන්වා සඟවමි.

එසේ නම් ඔබට අතීන්ද්‍රීය දැනුමක් ඇත. දෙවියන්, භූතයන්, ප්‍රේතයන් පිළිබද අත්දැකීම් ඇත. එය අනුන්ට කියන්නේ කෙසේද? ඉන් ඇති ඵලයක් නිසා නින්දා, අප්‍රශංසා, හිංසා, පීඩා තමන්ටත් අනුන්ටත් පැනවීමටද?

මම එම මිල මුදල් පරිහරණය කරන පිළිවෙත අනුගමනය කරමි. දැන් මොහොතකට පෙර ඔබ කීවා වැනි මෙවැනි ආශ්චර්ය අද්භූත දේ ලෝකයාට දැනුම් දියයුතු බව. ඇයි ඒ? මගේ පිළිගැනීම අනුව ඔබ කී දේ සාමාන්‍ය කෙනෙක් වත් නොකියන විධියේ බහුභූත කථාවකි. ඔබට සාමාන්‍ය දැනුමක් වත් නොමැති බැවින් ඔබ මිනිසුන්ගේ ඇගැයීමක් ලබන්නේ කෙසේද? ඔබගේ සිතුවිලි විකෘතිය. ඔබට යමෙක් දොස් පැවරුව හොත් ඔබ නිදහසට ඉදිරිපත් කරන්නේ කුමක්ද? මේ ගැන සිතා බලනු මැනවි. ලෝකයේ වැඩිපුර ඉන්නේ ප්‍රඥාව ඇති අයද? මෝහයෙන් මුලා වූ අයද? එවැනි අයට ඔබ කී විධියට කළ විට මේ ශාසනය පවතීද?

(ආචාර්ය මන් භූරිදත්ත රහතන් වහන්සේගේ ආධ්‍යාත්මීය චරිතාපදානය පොතෙණි.)

මිතුරන් අතරේ ශෙයා කර ධර්ම දානමය කුසලයට ඔබත් දායක වන්න.

තෙරුවණ් සරණයි!!!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2pddz20
== අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ ==

ඒ මේ තෙරුන්වහන්සේ පිළිබඳ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි පියුමුතුරා නම් බුදුකෙනෙක් පහළවූහ. අවබෝධකළ සර්‍වඥතාඥාන ඇති මහ බෝ පළඟින් නැගීසිටින්නාවූ උන්වහන්සේට මහපොළොවෙහි තැබීමට පා එසවූ කෙණෙහි පාපිළිගැනීම සඳහා මහත් නෙළුම් මලක් පැන නැංගේය. ඒමලේ පෙති රියන් අනූවක් වෙයි. මල් කෙසරැ තිස්රියනකි. කෙමිය දොළොස්රියනකි. පා පිහිටි තැන එකොළොස්රියනකි. ඒ භාග්‍යවතුන්වහන්සේගේ ශරීරය අටපනස් රියනක් උස්වූයේය. ඒ මල් කෙමියෙහි දකුණුපස පිහිටන කල්හි මහත් තිඹපමණවූ රේණු නැඟී සිරුරෙහි විසිරෙමින් බටුයේය. වම්පය තබන කල්හිද එබඳුමවූ පියුමක් මතුවී පය පිළිගත්තේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසිරෙමින් බටුයේය. වම්පය තබන කල්හිද එබඳුමවූ පියුමක් මතුවී පය පිළිගත්තේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසුරුණේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසුරුණේය. ඒ රේණු අභිභවනය කරමින් ඒ භාග්‍යවතුන්වහන්සේගේ සිරුරු පැහැ නික්මී යන්ත්‍ර නාලිකාවකින් විසුරුණු රන්රසදහරක් මෙන් හාත්පසින් දොළොස් යොදුනක් තැන් ඒකාලෝක කළේය. තෙවැනි පය ඔසවන කල්හි පළමුව නැඟුණු පියුම අතුරුදහන් විය. පා පිළිගැනීම සඳහා වෙනත් අලුත් පියුමක් පැන නැං‍ඟේය. මේ ක්‍රමයෙන්ම යම්යම් තැනකට යනු කැමැත්තේද පියෙන් පියට මහ පියුමක් නැ‍ඟෙයි. එහෙයින්ම උන්වහන්සේට පියුමුතුරා (පදුමුත්තර) සම්මාසම්බුදුන්වහන්සේයයි නමක්වූයේය. මෙසේ ඒ භාග්‍යවතුන්වහන්සේ සම්මාසම්බුදුන්වහන්සේයයි නමක්වූයේය. මෙසේ ඒ භාග්‍යවතුන්වහන්සේ ලොව ඉපිද භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොටඇතිසේක් මහජනයාට සංග්‍රහ පිණිස ගම්නියම් රජදහන්හි පිඬු පිණිස හැසිරෙන්නාහු හංසවතී නගරයට සැපැමිණිසේක. ඉක්බිති උන්වහන්සේ පැමිණිබව අසා පියමහරජතෙමේ පෙරගමන්කළේය. ශාසතෘන්වහන්සේ ඔහුට ධර්‍මය ප්‍රකාශකළසේක. දේශනාවසානයෙහි ඇතැම්හු සෝවාන්වූවාහුය. ඇතැම්හු සකෘදාගාමී අනාගාමී භූමීන්ට පැමිණියාහුය. ඇතැම්හු රහත්බවට පත්වූවාහුය. රජතෙමේ හෙට දිනයට බුදුරදුන්ට ආරාධනාකොට දෙවන දිනයෙහි කල් දන්වා භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොට ඇති භාග්‍යවතුන්වහන්සේට සියනිවසෙහි මහදන් දුන්නේය.
ශාස්තෘන්වහන්සේ භුත්තානුමොදනාවකොට විහාරයටම වැඩිසේක. එ ක්‍රමයෙන්ම දෙවන දිනයෙහි නුවරුද ඊලඟ දිනයෙහි රජ ද වශයෙන් දිගුකලක් මහදන් දුන්නාහුය. එකල්හි මේ තෙරුන්වහන්සේ හංසවතී නගරයෙහි ගෘහපති මහාසාර කුලයෙහි උපන්නේ එක්දිනක් බුදුරදුන් දහම් දෙසනකල්හි, ගඳමල් ආදිය අතැතිව බුදුන්වහන්සේ යම්තැනකද ධර්‍මය යම්තැනකද සංඝයා යම් තැනකද ඒ දෙසට යොමුව ඒ දෙසට නැඹුරුව යන්නාවූ, හංසවතී නුවරවැසියන් දැක ඒ මහජනයා සමඟම දම්දෙසනතැනට ගියේය. එකල්හි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ තම සසුනෙහි පළමුව ප්‍රතිවේධ කළ ධර්‍මය ඇති එක් භික්‍ෂුවක එතදග්‍රස්ථානයෙහි තැබූසේක. ඒ කුලපුත්‍රයා එකරුණ අසා, මේ භික්‍ෂුව වනාහි ආශ්චර්‍ය්‍යයකි. බුදුන්වහන්සේ හැර මොහුවිසින් පළමුව අවබෝධ කළ ධර්‍මය ඇති අන් භික්‍ෂුවක් නැත. මමද අනාගතයෙහි එක් බුදු සසුනක පළමුව ධර්‍මය අවබෝධකිරීමෙහි සමත්‍ථ‍ර්‍‍යෙක් වන්නෙනම් අහෝ යෙහෙකැයි සිතා දෙසුම අවසන භාග්‍යවතුන්වහන්සේ වෙත එළැඹ හෙට මගේ භික්‍ෂාව ගනුමැනවැයි ආරාධනා කළේය. ශාස්තෘන්වහන්සේ ඉවසූසේක. හෙතෙම භාග්‍යවතුන් වැඳ පැදකුණුකොට සිය නිවසට ගොස් සියලු රැය බුදුන් හිඳින තැන ගඳමල්දම් ආදියෙන් සරසා මිහිරි කෑයුතු බිදියයුතු දෙය පිළියෙළ කරවා ඒ රාත්‍රියෙහි අවෑමෙන් සිය නිවසෙහි භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවරනලද භාග්‍යවතුන්වහන්සේට විසිතුරු කැඳ කැවිලි පිරිවරකොට ඇති නොයෙක් රසැති හොදිවැංජන සහිත සුවඳැහැල් බොජුනක්දී බත්කිස අවසන්හි තුන්සිවුරකට පොහෝනා වංගරෙදි තථාගයන්වහන්සේගේ පාමුල තබා සිතුවේය: ‘මම සුළු තනතුරක් සඳහා නොහැසිරෙමි. මහත් තැනක් පතමින් හැසිරෙමි. එක්දිනක් පමණක් දනක්දී ඒ තනතුර පැතීමට නොහැකිය’යි අනුපිළිවෙළික් සත්දිනක් මහදන්දී බත්කිස අවසන්හි රෙදි ගබඩාව විවර කරවා උතුම් සියුම්වතක් බුදුපාමුල තබා භික්‍ෂූන් ලක්‍ෂය තුන් සිවුරෙන් හඳවා තථාගතයන්වහන්සේ වෙත එළඹ, ‘ස්වාමීනි, ඔබවහන්සේ විසින් මෙයින් දිනහතකට මතුයෙහි යම් ඒ භික්‍ෂුවක් එතදග්‍රස්ථානයෙහි තබනලද්දේද මමත් ඒ භික්‍ෂුව මෙන් අනාගතයෙහි උපදින බුදුවරයකුගේ සසුන්හි පැවිදිව පළමුව ධර්‍මය අවබෝධ කිරීමෙහි සමත් වෙම්වා’යි කියා බුදු පාමුල හිස තබා වැද හොත්තේය. ශාස්තෘන් වහන්සේ ඔහුගේ වචනය අසා මේ කුලපුත්‍රයා විසින් මහත් ප්‍රාත්‍ථ‍ර්‍‍නයක් කරනලදී. මොහුගේ මේ ප්‍රාත්‍ථ‍ර්‍‍නාව ඉටුවන්නේද නැද්දැයි අනාගතංසඥනය යොමා ආවර්ජනයකරනසේක් ඉටුවන බව දුටුසේක. අතීතය හෝ අනාගතය හෝ වර්‍තමානය අරභයා ආවර්ජනයකරන්නාවූ බුදුන්වහන්සේලාට වනාහි කඩතුරාවක් නම් නැත. නොයෙක් කල්ප කෝටිලක්‍ෂයක් අතුරෙහිවූද අතීතය හෝ අනාගතය හෝ දහසක් සක්වළ අතුරෙහිවුවද වර්‍තමානය හෝ ආවර්ජනයට පිළිබැඳීයේම මෙනෙහි කිරීමට පිළිබඳීයේම වෙයි. මෙසේ ආපසු නොහැරෙන්නාවූ නුවණින් ඒ භාග්‍යවතුන්වහන්සේ, ‘අනාගතයෙහි කල්පලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් ලොව උපදිති. එකල්හි මොහුගේ පැතුම ඉටුවේය’ යන මෙය දුටුසේක. ඉක්බිති ඔහුට ‘පින්වත් කුලපුත්‍රය, අනාගතයෙහි කල්පලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදුකෙනෙක් උපදිත්, නුඹ ඒ බුදුන්ගේ පළමු දෙසුම වන පිරිවැටුම් තුනක් ඇති දම්සක් පැවතුම් සුතුර කෙළවර අටළොස් බඹ කෙළක් සමඟ දහසක් නයින් යුතු උතුම් සෝවාන් පෙලෙහි පිහිටන්නේය’යි මෙසේ වදාළසේක. මෙසේ ශාස්තෘන්වහන්සේ කුලපුතුට විවරණදී අසූසාර දහසක් දම්කඳ දෙසා අනුපාදිශේෂ නීර්‍වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක.
————–
දෙවැනි කොටස හෙට බලාපොරොත්තු වන්න

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OmHUWY
පින්වතුනි,
දවසක් දා බුදුරජාණන් වහන්සේ ලස්සන සූත්‍රයක් දේශනා කොට වදාළා. ඒ තමයි පුද්ගලයෙක් කෙරේ පැහැදීමේ ආදීනව හෙවත් අවාසි ගැන කියන දේශනාවක්.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ පැහැදීම කියන දේට විශේෂ තැනක් හිමිවෙනවා. හැබැයි නියම විදියට ප්‍රසාදයට පත් වුණේ නැත්නම් ඒක විනාශයට මුල් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව විස්තර වශයෙන් කියලා දෙනවා. කෙටියෙන් බුද්ධ දේශනා විමසා බැලීමේදී එය මෙන්න මේ ආකාරයි . කෙනෙක් කෙරේ පහදිනවා නම් පැහැදිය යුත්තේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිය. දෙයක් කෙරෙහි පහදිනවා නම් පැහැදිය යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහිය. පිරිසක් කෙරෙහි පහදිනවා නම් පැහැදිය යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහිය. නමුත් සමහර අය එක් එක් පුද්ගලයින් කෙරේ පැහැදී අමාරුවේ වැටෙන ආකාරය ලෝකයේ හැමදාමත් පෙනෙන්නට තිබුණා. වර්තමානයේ ගොඩක් එවැනි දේවල් දකින්න ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාව හැමෝටම වැදගත් වේවි.

ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මෙන්න මෙහෙම වදාළා.

මහණෙනි, පුද්ගලයෙකු කෙරෙහි ප්‍රසාදයට පත් වුණොත් එහි ආදීනව ( දෝෂ, අවාසි) පහක් තියෙනවා.

ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ පලවෙනි කරුණ මෙන්න මේකයි.

🔴 ඔන්න කෙනෙක් ඉන්නවා එයා එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ගැන ගොඩක් පැහැදීමෙන් ඉන්නවා. ඉතින් සංඝයා විසින් ඒ භික්ෂූන් වහන්සේට උක්ෂෙපනිය කර්මය (වැරදි පිළිගන්නේ නැති අයට පනවන දඬුවමක්) පනවනවා. ඒ කියන්නේ එවැනි වරදකට ඒ හාමුදුරුවෝ පත් වෙනවා. එතකොට ඒ භික්ෂූන් වහන්සේ ගැන අර ගොඩක් පැහැදිලා හිටපු කෙනා මෙන්න මෙහෙම හිතනවා. ” අනේ, මං කැමතිම ස්වාමීන් වහන්සේට මේ භික්ෂූන් වහන්සේලා විසින් උක්ෂෙපනිය කර්මය පනවා තියෙනවා කියලා අනිත් ස්වාමීන් වහන්සේලා ගැන අමනාපයක් ඇති කර ගන්නවා. ඒ නිසා භික්ෂූන්ගේ ඇසුර අත්හරිනවා. ඒ නිසා ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඒ සද්ධර්මයෙන් පිරිහෙනවා. ඉතින් මේ තමයි පුද්ගලයෙක් ගැන පැහැදීමේ පළවෙනි අවාසිය.

🔴 ඊළඟට කෙනෙක් ඉන්නවා පෙර පරිදිම භික්ෂූන් වහන්සේ නමක් ගැන පැහැදිලා. ඉතින් සංඝයා විසින් ඒ භික්ෂූන් වහන්සේට වැඩ ඉන්න දෙන්නේ අන්තිම ආසනය. ඒකත් එක්තරා වරදක් නිසා දෙන දඬුවමක්. ඉතින් මේ හාමුදුරුවෝ ඒ වරදට හසුවෙලා. දැන් එතකොට අර මේ හාමුදුරුවෝ ගැන පැහැදිච්ච මනුස්සයා මෙහෙම හිතනවා. ” අනේ මං කැමතිම ස්වාමීන් වහන්සේට මේ භික්ෂූන් වහන්සේලා අන්තිම ආසනය තමයි දීලා තියෙන්නේ” කියලා අනිත් ස්වාමීන් වහන්සේලා ගැන අමනාපයක් ඇති කර ගෙන භික්ෂූන් වහන්සේලාගේ ඇසුර අත්හරිනවා. එතකොට එයාට සද්ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සද්ධර්මයෙන් පිරිහෙනවා. ඒ තමයි පුද්ගලයෙක් කෙරේ පැහැදීමේ දෙවෙනි අවාසිය.

🔴 ඊළඟට ඉහත සඳහන් පරිදි කෙනෙක් එක ස්වාමීන් වහන්සේ කෙනෙකු ගැන ගොඩක් පැහැදිලා ඉන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ වෙනත් පලාතකට වඩිනවා. එතකොට අර ඒ භික්ෂූන් වහන්සේ ගැන ගොඩක් පැහැදිලා හිටපු මනුස්සයා මෙහෙම හිතනවා.” අනේ මං කැමතිම ස්වාමීන් වහන්සේ වෙත පලාතකට වැඩලා දැන් මෙහේ නැනේ ඔය අනිත් භික්ෂූන් වහන්සේලා වැඩක් නෑ කියලා භික්ෂූන් වහන්සේලාගේ ආශ්‍රය අත්හරිනවා. එතකොට සද්ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සද්ධර්මයෙන් පිරිහෙනවා. ඉතින් ඒ තමයි එක පුද්ගලයෙක් ගැන ගොඩක් පැහැදී ඉඳපුවාම සිදු වෙන තුන් වෙනි අනතුර, අවාසිය.

🔴 ඊළඟ කරුණ මෙන්න මේකයි. ඔන්න පෙර පරිදිම කෙනෙක් එක භික්ෂූන් වහන්සේ නමක් ගැන ගොඩක් පැහැදිලා ඉන්නවා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේ සිවුරු හැර ගිහි බවට පත් වෙනවා. දැන් ඒ භික්ෂූන් වහන්සේ ගැන ගොඩක් පැහැදිලා හිටපු මනුස්සයා මෙහෙම හිතනවා.” අනේ ඒ ස්වාමීන් වහන්සේට මං කොච්චර කැමැත්තෙන්ද හිටියේ ඔන්න දැන් ඒ හාමුදුරුවෝ සිවුරු හැරලා” කියලා අනිත් භික්ෂූන් වහන්සේලා ගැනත් අමනාප වෙලා අප්‍රසාදයක් ඇති කර ගෙන සංඝරත්නය ඇසුරු කරන්නේ නැහැ. එතකොට සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා සද්ධර්මයෙන් පිරිහෙනවා. ඉතින් ඒ තමයි පුද්ගලයෙක් ගැන ප්‍රසාදයට පත් වෙලා හිටියාම ඇති වෙන හතර වන අවාසිය.

🔴 ඊළඟට පෙර පරිදිම කෙනෙක් එක භික්ෂූන් වහන්සේ නමක් ගැන ගොඩක් පැහැදිලා ඉන්නවා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේ ඔන්න කලුරිය කරනවා. එතකොට ඒ භික්ෂූන් වහන්සේ ගැන ගොඩක් පැහැදිලා හිටපු මේ මනුස්සයා මෙහෙම හිතනවා ” අනේ මං කැමතිම ස්වාමීන් වහන්සේ අනේ උන්වහන්සේ කලුරිය කරලා දැන් ඉතින් මට ආශ්‍රය කරන්න කෙනෙක් නෑ. ඔය අනිත් හාමුදුරුවරු වැඩක් නෑ” කියලා සංඝරත්නයේ ඇසුර අත්හරිනවා. එතකොට සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා සද්ධර්මයෙන් පිරිහෙනවා. ඉතින් ඒ තමයි පුද්ගලයෙක් කෙරේ පැහැදීමේ ඇති පස් වන අවාසිය, ආදීනවය.

ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඔය විදියට පුද්ගල ප්‍රසාදයේ ඇති අවාසි, ආදීනව, අනතුරු පහක් ගැන කියලා දුන්නා. දැන් බලන්න සමහර අය එක් එක් භික්ෂූන් වහන්සේලා අල්ලගෙන ඒ අය ගැන විතරක් පැහැදිලා ඒ අය ගැනම ගුණ කියමින් ඉන්න අවස්ථා තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ පොදුවේ සංඝරත්නය කෙරෙහි පැහැදෙන්න කියලයි. මෙහිදී පින්වත් ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තියෙනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කවුද කියලා හරියට හඳුනා ගන්න ඕන. ඊට පස්සේ ඒ අය ගැන තමයි පැහැදෙන්න ඕන. එතකොට දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හැටියට හඳුන්වා දෙමින් තමන්ට හිතෙන මනස්ගාත කියන අය පාලි, සිංහල, සංස්කෘත, ආදී භාෂාවන් ගැන හරි වැටහීමක් නැතිව, තමන් රහතන් වහන්සේලා යැයි ජනතාවට හඟවමින් අධර්මය කියන අය සංඝරත්නයට අයිති නැහැ. ඉතින් මොනම හේතුවක් නිසාවත් ඒ අය ගැන පැහැදෙන්න එපා. මොකද එහෙම වුනොත් ඒ පාප මිත්‍රයන් නිසා තමන්ට ධර්ම මාර්ගය වැහෙනවා. ඒ නිසා හොඳට බුද්ධ දේශනාව ත්‍රිපිටක ඇසුරින් කියලා දෙන උගත් ස්වාමීන් වහන්සේලා වෙතින් ධර්මය අසන්නට ඕන. එතකොට උන්වහන්සේලා තෙරුවන් ගුණ හරියට කියලා දේවි. එවිට ඒ ගුණ තුළින් ඔබට වැටහෙනු ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කවුද කියලා. අන්න ඒ පිරිස ගැන පොදුවේ ප්‍රසාදයක් ඇති කර ගන්න. තව දෙයක් මතක තබා ගන්න අපිට ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය වෙන්නේ ත්‍රිපිටක දේශනා ඒ තිබෙන හැටියට දැනගන්නට ලැබීම පමණයි. ඊට පස්සේ ඒ බුදු වදන් අනුව අපි නුවණින් විමසා බැලිය යුතුයි. බණ කියන කෙනා මාර්ග ඵල ලබා ඉන්න අවශ්‍ය නැහැ. ඉස්සර හිටියා රහතන් වහන්සේලා උන්වහන්සේලාගේ ගුරුවරුන් රහත් වෙලා හිටියේ නැහැ. ඉතින් එහෙනම් ගෝලයෝ රහත් වෙන්න හේතුව මොකක්ද ඒ හේතුව තමයි ඒ ගුරුවරුන් තම ශිෂ්‍යයින්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ත්‍රිපිටකයේ සඳහන් පරිදි කියලා දුන්නු නිසා. ඉතින් ඒ අයගේ දක්ෂතා මත ගුරුවරුන් ට කලින් අවබෝධ කළා. ඉතින් ඔබත් පුද්ගලයෙක් කෙරේ පැහැදෙන්නේ නැතිව සංඝරත්නය කෙරෙහි පැහැදෙන්න. එතකොට බණ අහනකොට ත්‍රිපිටක සහ අටුවා අනුව හරියට ඉගෙන ගෙන ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා වෙතින් බණ අහන්න. අධර්මවාදීන් ප්‍රතික්ෂේප කරන්න. මොකද ඔවුන් සඟරුවනට අයිති නැති නිසා.
(පුග්ගලප්පසාද සූත්‍රය ඇසුරින්. අ: නි:)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2CSV4tu
පිංගියානී සූත්‍රය
195
’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහවන වෙහෙර කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හි වනාහි පන්සියයක් පමණ ලිච්ඡවි රජවරු භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරත්. ඇතැම් ලිච්ඡවීහු නීලවර්‍ණවූ, නීලවර්‍ණ වස්ත්‍ර ඇත්තාහු, නීලවර්‍ණ ආභරණ ඇත්තාහු නිල්පැහැවූවාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු පීතවර්‍ණවූ, පීතවර්‍ණ වස්ත්‍ර ඇත්තාවූ, පීතවර්‍ණ ආභරණ ඇත්තාවූ රන්වන් වූවාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු ලෝහිතක වර්‍ණවූ, ලෝහිතක වර්‍ණ වස්ත්‍ර ඇත්තාහු, ලෝහිතක වර්‍ණ ආභරණ ඇත්තාවූ රතු පැහැවූවාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු ස්වේත වර්‍ණවූ, ස්වේත වර්‍ණ වස්ත්‍ර ඇත්තාවූ, ස්වේත වර්‍ණ ආභරණ ඇත්තාවූ සුදු පැහැ ඇත්තාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ වර්‍ණයෙන්ද, යශසින්ද ඒ හැම දෙනම ඉක්මවා බබළයි.
’’එකල්හි පිංගියානි බ්‍රාහ්මණ තෙම හුනස්නෙන් නැගිට, උතුරු සළුව ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම් දිශවෙක්හිද. ඒ දිශාවට ඇඳිලි බැඳගෙණ, භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
’’ භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි. සුගතයන් වහන්ස, මට වැටහේය’’ යි.
’’පිංගියානිය, තට වැටහේවා’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
’’එකල්හි පිංගියානි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි සුදුසුවූ ගාථාවකින් ස්තූති කෙළේය.
’’යම්සේ උදෑසන පිපියාවූ, සුවඳ ඇත්තාවූ, පහව නොගිය සුවඳ ඇති රත් පියුමක් වන්නේද, එමෙන් අහසෙහි බබළන්නාවූ සූර්‍ය්‍යයා මෙන් බබළන්නාවූ සර්‍වඥයන් වහන්සේ බලවයි කීයේය.
ඉක්බිති ඒ ලිච්ඡවීහු උතුරුසළු පන්සියයකින් පිංගියානි බමුණා පිදූහ. ඉක්බිති පිංගියානි බ්‍රාහ්මණ තෙම ඒ උතුරුසළු පන්සියයෙන් භාග්‍යවතුන් වහන්සේ පිදුයේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ ලිච්ඡවීන්ට මෙය වදාළසේක.
’’ලිච්ඡවීනි, රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
කවර පසක්හුගේද යත්? අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාවූ ධර්ම විනය දේශනා කරන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කරණ ලද්ද දැගන්නා පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කළ කල්හි දන්නා ලද ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාවට පිළිපන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභවේ. කාතඥවූ කළගුණ දන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ යන පසයි.
’’ලිච්ඡවීනි, රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
https://ift.tt/2Neeeik