Monthly Archives: January 2015

අප මහ බෝසතාණන් වහන්සේ බුදුවනු පිණිස මනුලොව පහළවන්නට සිතා පස්මහ බැලුම් බැලුවා. දෙ…

අප මහ බෝසතාණන් වහන්සේ බුදුවනු පිණිස මනුලොව පහළවන්නට සිතා පස්මහ බැලුම් බැලුවා. දෙවියන්ගේ ඉල්ලීම පරිදි තමන්ට දෙව් ලොවින් චුත වන්නට කාලය පැමිණි කල ඇසළ මස පුර පසළොස්වක පෝදා තුසිත දෙව්ලොවින් චුතව මහාමායා දේවිය කුස තුළ පිළිසිඳ ගත්තා.

ගිහිගෙය කළ කිරුණ උන්වහන්සේ සියලු දේ අතහැර පැවිදිව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර සොත්ථිය බමුණා දුන් කුස තණ අට මිට ද ගෙන ගයා ශීර්ෂයෙහි අතු පතර විහිදුවමින් තිබූ ඇසතු වෘක්ෂ මූලය වෙත වැඩම කළා. එහි වජ්‍රාසනය මත එම කුස තණඅට මිට අතුරා පෙර බුදුවරුන් බුද්ධත්වයට පත් වූ නැගෙනහිර දිශාව දෙසට පළඟක් බැඳ තිර අදිටනින් භාවනාවට සිත යොමු කළා.

මේ අවස්ථාවේ පවිටු මාරයා සිද්ධාර්ථ මාගේ විෂය ඉක්මවා යන්නට හදන්නේය, එයට ඉඩ නොදිය යුතුයි සිතා මාර සේනාව රැගෙන බෝසතාණන් වහන්සේ වෙත පැමිණියා. ඒ මාර සේනාව මාරයාගේ ඉදිරියෙන් දොළොස් යොදුනක්ද, දකුණු පසින් හා වම් පසින් දොළොස් යොදුනක්ද පිටුපසින් සක්වළ කෙළවර කොට ද සිටියා. ඉහළින් තව යොදුනක් දක්වා පැතිර සිටියා.

මේ මහා මාර සේනාවෙහි ශබ්දය මහපොළොව පැළී යන ආකාරයට යොදුන් දහසක් දක්වා නැගුණා. මාරයා ‘’ගිරිමේඛලා” නම් හස්ති රාජයා පිට නැගී නොයෙක් ආයුධ ඇති අත් දහසක් මවාගෙන විවිධ පාට ඇති, විවිධ මුහුණු ඇති විවිධ ආයුධ සහිත පිරිවරද සමග බෝසතාණන් වහන්සේ බිය ගන්වන්නට පැමිණියා.

මාරයා එහි පැමිණෙන්නට කලින් දස දහසක් සක්වළ දේවතා සමූහයා මහබෝසතුනට ස්තුති ගායනා කරමින් ඒ අසළ සිටියා. නමුත් මාරසේනාව පැමිණෙන විට ඒ කිසිදු කෙනෙකුට එහි රැඳී සිටින්නට තරම් චිත්ත ශක්තියක් තිබුණේ නැහැ. ඒ සියල්ලෝම පැන ගියා.

මහ බෝසතාණන් වහන්සේ තමන් සමීපයෙහි සිටි දෙව් දේවිතාවුන් ද නැති බව දැන, තමා ඉදිරියෙහි සිටින දස දහස් ගණන් මාර සේනාව දැක, තනි මා හා සටනට මේ සා සෙනගක් පැමිණ ඇතැයි සිතා තමන් වහන්සේ සසරදී පුරුදු කරන ලද දානාදි පාරමිතාවන් සිහි කරමින් එහිම වැඩ සිටියා.

මාරයාද මහා වාතයෙන් බෝසතුන් විනාශ කරමියි සිතා මහ සුළඟක් මැව්වා. ඒ සුළඟ අඩ යොදුන්, දෙයොදුන්, තුන් යොදුන් විශාල වූ මහා පර්වත පළා දමා අසල ඇති මහ ගස් පවා මුලින් උගුල්වා සුණු විසුණු කරවමින් හමා ගියා. නමුත් සසර පුරුදු කළ අපමණ පුණ්‍ය ධර්ම ඇති මහ බෝසතාණන් වහන්සේගේ සිවුරු කොනකුදු සොලවන්නට ඒ මහ සැඩ සුළඟට හැකියාවක් ලැබුණේ නැහැ.

ඉන් අනතුරුව මාරයා ජලයෙන් විනාශ කරමියි සිතා මහ වැස්සක් මැව්වා. ඒ වැසි ජල ධාරාවන්ගෙන් වේගය නිසා පොළොව සිදුරු වී ගියා. මහා ගස් යට කරන් ජලධාරාවන් ගලා ගියත් බෝසතාණන් වහන්සේගේ සිවුරු එකදු දිය බිඳකින් තෙමන්නට තරම් හැකියාවක් ඒ ජලකඳට ලැබුණේ නැහැ.

එයින් පසුව ගිය මාරයා මහ පාෂාණ වර්ෂාවක් වැස්සවූවා. විශාල වූ ගල් පර්වත කැබැලි බවට පත් වී දුම් දමමින් ගිනි ගනිමින් අහසින් අවුත් උන්වහන්සේ ඉදිරියෙහි මල් මාලාවන් බවට පත් වුණා. මාරයා ආයුධ වර්ෂාවක් මැවුවා. එක් පැත්තක් කැපෙන දෙපැත්තම කැපෙන දිළිසෙන ආයුධ දහස් ගණනක් දුම් දමමින්, දිළිසෙමින් අහසින් පැමිණි ඒ ආයුධ වැස්ස බෝසතාණන් වහන්සේ ඉදිරියෙහි වැටුණේ මල් වැස්සක් ලෙසිනුයි.

එවිට මාරයා ගිනියම් වූ අඟුරු වැස්සක් මවා පෑවා. ඒ ගිනි අඟුරු වැස්ස අහසින් බෝසතාණන් වෙත පැමිණ දිව්‍යමය මල් ලෙසින් විසිරී වැටුණා. උණු අළු වැස්සක් මැව්වේ ඉන් අනතුරුවයි.

ඒ උණු අළු වැස්සි බෝසතුන් වෙත පැමිණ සඳුණු කුඩු බවට පත් වී ගියා. එයින්ද සෑහීමකට පත්නොවුණු මාරයා බෝසතාණන් වහන්සේට විරුද්ධ ව වැලි වැස්සක් මැව්වා. එම වැලි වැස්ස ඉතා සියුම් එකක් දුම් දමමින් දිළිසෙමින් අහසින් අවුත් ඒ වැලි වැස්ස දිව්‍ය මල් මෙන් බෝසතුන් ඉදිරියේ වැටුණා.

දිව්‍ය ජලධාරාවක් ලෙසින් බෝසතාණන් වෙතට පැමිණ නැවතුණේ මාරයා විසින් මවන ලද මඩ වැස්සයි. එයද දුම් දමමින් දිළිසෙමින් පැමිණියත් උන්වහන්සේට හිරිහැරයක් වූයේ නැහැ. නවවෙනුව මාරයා විසින් මහා අන්ධකාරයක් මවා බෝසතාණන් බිය වද්දන්නට උත්සාහ කළා. ඒ අඳුර මහා ඝන අන්ධකාරයක් වුවත් බෝසතාණන් වහන්සේට පීඩාවක් නොවුනේ උන්වහන්සේ වැඩ සිටිය තැන ඉර උදාවූවා සේ ආලෝකවත් වී තිබුණු නිසයි.

මේ නව මහා වර්ෂාවන් වස්සා බෝසතාණන් වහන්සේ බිය වද්දන්නට නොහැකි වූ තැන මාරයා මාර සේනාව සමගින් බෝසතාණන් වහන්සේ වෙත පැමිණ සිද්ධාර්ථයාණෙනි පලා යව, මේ අසුන මගේය. ඔබේ නොවේය යනුවෙන් පැවසුවා.

මහ බෝසතාණන් වහන්සේ ද මේ අස්න මගේ ය ඔබේ නොවේය යනුවෙන් නොබියව පිළිතුරු දුන්නා. කෝපාවිෂ්ට වූ මාරයා කෝපය ඉවසාගත නොහැකිව උන්වහන්සේ වෙත චක්‍රායුධයෙන් දමා ගැසුවා. තමන් විසින් පුරන ලද පාරමි ධර්ම සිහිකරමින් සිටි බෝසතාණන් වහන්සෙට කිසිදු උපද්‍රවයක් ඇති වූයේ නැහැ.

එයද අහසින්විත් බෝසතාණන් වහන්සේගේ හිසට ඉහළින් මල් වියනක් සේ අහසේ රැඳුණා. අනෙකුත් මාර සේනාව විසින්ද එල්ල කරන ලද ගල් මුල් ප්‍රහාරයන් සියල්ලෙන් සිදුහත් මහ බෝසතාණන් වහන්සේට කිසිදු පීඩාවක් ඇති වූණේ නැහැ.

මාර සේනාව බියෙන් පළා ගිය දේවතාවුන් සිදුහත් කුමාරයා විනාශ වී ගියේ දැයි සක්වළගලට මුවා වී හිස ඔසවා බලන්නට වුණා.

තමන් අසල සිටින විශාල මාර සේනාව පෙන්වූ මාරයා මේ සියල්ල මාගේ සාක්ෂිකරුවෝ ය ප්‍රකාශ කළා. පසුව බෝසතාණන් වහන්සේගෙන් විමසුවා. බෝසතාණන්වහන්සේ ඒ සඳහා සාක්ෂි දිය හැකි සජීවි කෙනෙක් එතැන නොසිටි බැවින් වෙස්සන්තර ආත්මභාවයන් ආදියෙහි දී තමන් වහන්සේ පුරුදු කළ දාන පාරමිතාව සිහිකළා. මහ පොළොව මෙතැනදී තමන්ට ඇති සාක්ෂිය යැයි පවසා සිවුරු පට තුළින් තම දකුණු අත එළියට ගෙන භූමිය ස්පර්ශ කළා.

ඒ හා සමඟින් මහපොළොව මහ හඬ දී කම්පා වුණා. ඒ භූමි කම්පාවෙන් තැති ගත් ගිරිමේඛලා හස්ති රාජයා බෝසතාණන් වහන්සේ ඉදිරියෙහි දණ ගැසුවා. එය දුටු මාර සේනාව හිස හැරුණු හැරුණු අත දුවන්නට වුණා. බියෙන් පලා යන්නා වූ මාර සේනාව දුටු දේව සමූහයා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දිනුවා. මාරයා පරාජයට පත්වුණා. යනුවෙන් සතුටින් හඬ නවගන්නට වුණා.

තෙරුවන් සරණයි!

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :

පෞද්ගලික මත වලින් බැහැර වී හැකිතාක් ත්‍රිපිටකය පරිහරණයට ම යොමු වෙන්න. ධම්මපදය බා…

පෞද්ගලික මත වලින් බැහැර වී හැකිතාක් ත්‍රිපිටකය පරිහරණයට ම යොමු වෙන්න.
ධම්මපදය බාල වර්ගය ->

අසත්පුරුෂ මිතුරන්ගේ ලක්ෂණය නම් ඔබගේ රාග ද්වේශ මෝහ ඇවිස්සීමයි. සත්පුරුෂ මිතුරෙකුග…

අසත්පුරුෂ මිතුරන්ගේ ලක්ෂණය නම් ඔබගේ රාග ද්වේශ මෝහ ඇවිස්සීමයි.
සත්පුරුෂ මිතුරෙකුගේ ලක්ෂණය නම් ඒවා සංසිඳවීමට උපකාර කිරීමයි.
ඔබත් සත්පුරුෂ කල්‍යාණ මිතුරෙකු වන්න !!

මෙම කථා පුවත අඩංගු විචිත්‍ර බුද්ධාපදානය කියවන්න -> http://pitaka.lk/46101/cs,aps…

මෙම කථා පුවත අඩංගු විචිත්‍ර බුද්ධාපදානය කියවන්න ->
රහතන් වහන්සේලා වෙනුවෙන් බෝසතාණන් විසින් මනසින් කල ආරාම පුජාව

බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වෙනුවෙන් බොසතාණන් වහන්සේ විසින් මනසින් කල ආරාම පුජාව.බෝසතාණන් වහන්සේ අනුව යමින් අප සැමටත් සිතින්ම කරගත හැකි ඉතා උසස් පුණ්‍යකර්මයකි. දිනපතාම මල් පහන් පුජා කරන විට මේ ගැන සිහි කරමු.හැකිතාක් share කර ධර්ම දානයේ යෙදෙන්න.සම්පුර්ණ වැඩසටහන සඳහා -> http://goo.gl/XMCcIT

තුන් ලෝකාග්‍ර බුදුපියාණන් වහන්සේ තරම් අසහාය ගෞරව පුද පූජාවනට ලක්වූ අන් ශාස්තෘවර…

තුන් ලෝකාග්‍ර බුදුපියාණන් වහන්සේ තරම් අසහාය ගෞරව පුද පූජාවනට ලක්වූ අන් ශාස්තෘවරයෙක් මහා ශ්‍රේෂ්ඨයෙක් නැත්තේ ම ය. ඒ උන්වහන්සේගේ චරිතයේ අති උදාරත්වය හෙයිනි. එබඳු වූ බුදුපියාණෝ “ යො මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය …” (මහාවග්ගපාලිය – චීවරක්ඛන්ධකය) යනාදී ලෙසින් යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද හේ මට උපස්ථාන කිරීම හා සමාන වන්නේ යයි වදාරති.

මින් පැහැදිලි වන්නේ ‘ගිලානෝපස්ථානය’ යනු ඉතා උතුම් ගුණධර්මයක් බව ය. උන්වහන්සේ තමන්ම ගිලානෝපස්ථානයේ දී ආදර්ශවත් වෙමින් භික්ෂුව ගිලානෝපස්ථානයේ යෙදීමට ආදර්ශවත්වෙමින් භික්ෂුව ගිලානෝපස්ථානයේ යෙදීමට අනුදැන වදාළහ. පූතිගත්තතිස්ස තෙරුන් පිළිබඳ කථා පුවත බුදුරදුන් රෝගී උවැටන් ආදර්ශයෙන් පෙන්වූ කදිම ස්ථානයකි.

දිනක් අනඳ හිමි සමග භික්ෂූන් වහන්සේලාගේ සෙනසුන් බලා ඇවිදින බුදුරදුන්ට රෝගී භික්ෂුවක් හමුවිය. එම භික්ෂුව පිළිවිසීමේදී තමනට උපස්ථායකයෙකු නොමැති බව පැවසීය. බුදුරදුන් අනඳ හිමි ලවා දිය ගෙන්වා රෝගී භික්ෂුව ඉවතට ගෙන පැන් වත් කළ අතර අනඳ හිමියෝ රෝගියා පිරිසුදු කළහ. ඉන්පසු සිවුරු හඳවා බුදුරදුන් රෝගියාගේ හිස දෙසින් ද අනඳ හිමි පය දෙසින් ද ගෙන ඇදෙහි තැබූහ. විහාරස්ථානයේ භික්ෂූන්ගෙන් අසවල් සෙනසුනෙහි රෝගී භික්ෂුවට උපස්ථාන කෙනෙකු වන්නේදැයි බුදුරදුන් විමසූහ. භික්ෂූන් නැතැයි පිළිතුරු දුන් අතර බුදුරදුන් හේතු විචාළ කළ ඒ භික්ෂුව අන්‍ය භික්ෂූන්ට උපස්ථාන නොකරන්නේ යයි ද තවදුරටත් පිළිතුරු දුන්හ.

“මහණෙනි, නුඹලාට උපස්ථාන කරන මව්පියෝ නැත්තාහ. නුඹලා අන්‍යොන්‍ය ලෙස උපස්ථාන නොකරන්නේ නම් කවුරු උපස්ථාන කෙරෙත් ද! යමෙක් මට උපස්ථාන කරයි ද හේ ගිලනුන්ට උපස්ථාන කරයි. රෝගි භික්ෂුවට ආචාර්ය වරයෙක් උපාධ්‍යවරයෙක් වේ නම් ඔහු දිවිහිමියෙන් රෝගියාට උපස්ථාන කළ යුතුය. රෝගියාගේ සුවය බලාපොරොත්තු විය යුතුය. කිසිවෙකු රෝගියාට නැත්නම් සංඝයා විසින් උපස්ථාන කළ යුතුය” යනාදී ලෙසින් භික්ෂූන් වහන්සේට රෝගී උපස්ථානය ගැන කරුණු වදාළහ.

ගිලනුන්ට උපස්ථාන කිරීමේදී උපස්ථායකයා තුළ වැදගත් කරුණු පහක් මතුකර දක්වති. ( අංගුත්තර නිකාය – පංචක නිපාතය ගිලා නොගිලානු පට්ඨක සූත්‍රය )

(1) වෛද්‍යවරුන් නියම කළ ඖෂධ පිළියෙළ කිරීමේදී දක්ෂතාවය හා ඥාන ශක්තිය තිබිය යුතුය.
(2) රෝගියාට හිත ආහාරපාන හොඳින් දතයුතුය. ඒ සැපයිය යුතුය
(3) ලාභාපේක්ෂාවෙන් තොරව මෛත්‍රී සිතින් කටයුතුය.
(4) මළ මුත්‍ර ආදිය ඉවත් කිරීමේදි පිළිකුලෙන් තොරව කළ යුතුය.
(5) ධාර්මික කථාවෙන් රෝගියා සතුටු කළ යුතුය.

මෙපරිදි උපස්ථායකයා ආවාට ගියාට කටයුතු කරන්නෙකු නොව ඉතා සැලකිලිමත්ව කටයුතු කරන්නෙකි.

උපස්ථාන කරන්නා තුළ තිබිය යුතු ගුණාංග මෙන්ම උපස්ථානයට භාජනය වන රෝගියා තුළ වැදගත් ගුණාංග තිබිය යුතු බව බුදුරදුන් පෙන්වති. ඒවාද පහකි.

(1) සුදුසුම ආහාර පාන ගනියි.
(2) රෝගියා තමනට සුදුසු ආහාර පානාදියෙහි ප්‍රමාණය දනියි.
(3) නියමිත සුදුසු වේලාවට බෙහෙත් පාවිච්චි කරයි.
(4) තමාට උවැටන් කරන්නාට තමාගේ අසනීප තොරතුරු නොසඟවා දක්වයි.
(5) ධෛර්ය උපදවා රෝගය ඉවසයි.

බුදුරජාණන් වහන්සේ විසින් මහත්සේ අගය කළ ගිලානෝපස්ථානය භික්ෂූන් වහන්සේ අතර නිසි ලෙස සිදුවන්නට විය. මේ ලක්ෂණය ගිහි බෞද්ධයින් අතර ද ප්‍රචලිත වී ගියේය.

ගිලනුනට උවැටන් කිරීම පිළිබඳව ධර්මාශෝක ආදී බෞද්ධ රජවරු මහත් සේ සැලකූ බව පෙනේ. එතුමා මිනිසුනට පමණක් නොව සතුනට ද ආරෝග්‍යශාලා පිහිටවිය. අසරණයින්ට නොමිලේ බෙහෙත් දුන්නේය. බෙහෙත් පැළෑටි සෑම තන්හිම රෝපණය කළේය. වෛද්‍යවරුනට ගම් බිම් ආදිය ප්‍රදානය කළේය. අපේ රටේ රජවරුන් තුළ ගිලානෝපස්ථානය පිළිබඳ කා වැදී ඇත. බුද්ධදාස, 1 උපතිස්ස, උදය, ඪම කාශ්‍යප, ම කාශ්‍යප ඪම මහින්ද ආදී බොහෝ රජවරුන්ගේ සේවා මෙහිදී විශේෂයෙන් සඳහන් කළ හැකිය.

බෞද්ධ සංස්කෘතිය අනුව හික්මුණු කරුණා, මෛත්‍රී ගුණයෙන් යුතු අපේ ජනතාව අසරණ රෝගියාට අවශ්‍ය පිහිට නිසි අයුරින් ලබා දෙන අයුරු පැසසුම් විය. රෝගීන්ට පිහිටවීම පිණිස තරුණ පිරිස් විසින් පිහිටුවා ගත් සමාජ සංවිධාන රැසක්ම දක්නට හැකිය. වැඩිහිටි නිවාස ආදියට යමින් එහි නේවාසික වැඩිහිටියන් නෑවීම්, කැවීම්, පෙවීම්, බේත් හේත් ගැන සැලකිලිමත් වෙමින් ඉටුකරන අයුරු පෙනේ. විවිධ ස්වේච්ඡා සංවිධාන මෙන්ම පාසල් දරු දැරියෝද රෝගීන් සම්බන්ධයෙන් අසරණ, වැඩිහිටියන් සම්බන්ධයෙන් මහත් ස්නේහයෙන් ක්‍රියා කිරීමේ නියුක්ත වීම බෞද්ධයින් වශයෙන් සතුටුවිය හැක්කකි.

පන්සාලිස් වසක් මුළුල්ලේ බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළ ත්‍රිපිටක ධර්මය සියලුම රෝගයනට මහාර්ඝ මහෞෂධ රත්නය යි. සියලු කායික, මානසික රෝගයනට නිසි ප්‍රත්‍යක්ෂ පිළියම් උන්වහන්සේ වදාළහ. උන්වහන්සේ ලොව මහා වෛද්‍යවරයාණෝය. ගිලනුනට උවැටන් කිරීම පිළිබඳව උන්වහන්සේ විසින් දේශනා කළ කරුණු මනාව අවබෝධ කරගෙන උන්වහන්සේ පුදන්නාක් වැනි ගිලානෝපස්ථානය කෙරේ කාගේත් විශේෂ අවධානය තිබීම අතිශයින් වැදගත් වේ.

අසනීපයක් රෝගයක් වැළඳුණ කල හේ ඉතා අසරණ වේ. සුව කරගන්නා තෙක් ඉවසුමක් නැත. කවුරු හෝ තමන් සමීපයෙහි සිටී නම් එය පවා ඔහුට විශාල දෙයකි. රෝහලේ ලෙඩුන් බලන වේලාව එනතෙක් බලා සිටින්නේ තමන් දැකීමට බැලීමට කවුරු හෝ ඒය කියායි. ඔහුට කවුරු හෝ උපස්ථාන කරන්නේ නම් එය අවශ්‍ය මෙන්ම වැදගත් කරුණකි. තමනුත් මෙබඳු තත්ත්වයට පත්වනවා නේද යනුවෙන් තමන් උපමා කොට සිතමින් කාගේත් හැඟීම වියයුත්තේ ගිලනුනට උපස්ථාන කිරීමේ අගයයි.

තෙරුවන් සරණයි!

බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :

ඔබේ සිතත් නිතර දඟලනවද? ලහුපරිචිත්ත සූත්‍රය. ’’මහණෙනි, යම්සේ සිත වහා ඉපිද වහා නැස…

ඔබේ සිතත් නිතර දඟලනවද?
ලහුපරිචිත්ත සූත්‍රය.
”මහණෙනි, යම්සේ සිත වහා ඉපිද වහා නැසෙන ස්වභාවද එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත කොතරම් වහා ඉපිද වහා නස්නා සවභාවද යත්, ඊට උපමාවකුදු පහසු නොවේ.”